IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දේශීය වෛද්‍යරු බටහිර වෛද්‍යවරුන්ට නඩු දමන්න යති

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව කියයි.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇති වන අතුරු ආබාධ සඳහා අයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පැවැත් වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බාධා පැමිණ වූ බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු සුමුදු ලියනාරච්චි මහත්මිය පැවැසුවාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකමයේ සභාපතිවරයා මාධ්‍යයට අදහස් දැකු වුවද දේශීය හා අයුර්වේද ප්‍රතිකාර සඳහා බාධා පමුණුවන බව ද ඔහුගේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිදරුව් වන බව ද ලියනාරච්චි මහත්මිය කීවාය.



අදහස් (22)

දේශීය වෛද්‍යරු බටහිර වෛද්‍යවරුන්ට නඩු දමන්න යති

gamaathi Sunday, 28 November 2021 06:29 PM

නිහඬව සිටියොත් කළුසුද්දන් හෙළ වෙදකම වලපල්ලටම දානවා..

:       35       48

damith Sunday, 28 November 2021 06:50 PM

දොස්තරලා කැමති නෑ... අනිත් ක්‍රමවලින් ලෙඩ හොඳ වෙනවාට... ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන ලෙඩත් බටහිර ඒවා කියලා. ලෙඩ වලට බටහිර දේශීය ආයුර්වේදය බේදයක් නෑ වගේම බෙහෙත් වුණත් ඕනේම විදිහකින් කරන්න අයිතියක් තියෙනවා. කුහක නොවී පැත්තකට වෙලා ඉඩදෙන්න... ධම්මික පැණිය කියන්නේ ආයුර්වේදය නොවන බව මතක තියාගන්න.

:       18       56

ramsiMonday, 29 November 2021 07:07 AM

අයුර්වේදයෙන් ඔය කියන විදියට ලෙඩ හොඳ කරනවා නම් ආයුර්වේද රෝහල් ලෙඩ්ඩු නැතුව වේල්ලෙන්නේ මොකද.?

:       3       2

wahaldeepe Sunday, 28 November 2021 06:53 PM

අනිවාර්යයෙන්ම කළයුතුයි...

:       13       52

අතුල සෞදි Sunday, 28 November 2021 07:01 PM

බටහිර වෛද්‍ය විද්‍යාවත් බහුජාතික සමාගමක් වගේ.. වෙන කිසිම ව්‍යාපාරයකට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ...

:       24       60

kasun Sunday, 28 November 2021 08:24 PM

LTTE එක හැරුණාම ලංකාවේ තියෙන ලොකුම ත්‍රස්තවාදී කල්ලිය GMOA...

:       2       9

Hafeel Monday, 29 November 2021 11:50 AM

ගැමුණුගේ බස් සංගමුත් එහෙමයි...

:       1       2

bandara Sunday, 28 November 2021 09:35 PM

බටහිර බෙහෙත් නිර්දේශ කළවිට දොස්තරලාට කොමිස් ලැබෙනවා. වැඩියෙන් නිර්දේශ කළ අයට විදේශ සංචාර එහෙමත් ලැබෙනවා. බටහිර බෙහෙත් ආනයනය කරන මාෆියාවක් තියෙනවා. ඒවා අනුමත කරන ලොක්කන්ට යහමින් කුට්ටිය ලැබෙනවා. මේවා ජනාධිපතිතුමා, අගමැතිතුමා තේරුම් ගතයුතුයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා හෙළ වෙදකමට සලකපු ආකාරය මතක ඇති...

:       1       3

wimal Sunday, 28 November 2021 09:50 PM

ඔලුවක් තිබිච්ච මනුස්සයෙක් ඉඳලා තියෙනවා. අනික් අය එන්නේ බොරුවට... හෙළ වෙදකම ගැන කතා කරන්න..

:       1       1

reks Sunday, 28 November 2021 10:25 PM

බටහිර වෛද්‍යවරු කිව්වට ඒ ගොල්ලොත් දේශීය වෛද්‍යවරු. මොකෝ ඒ ගොල්ල පිටරටින් ඇවිල්ලා නෙවෙයිනේ.

:       3       0

sampath Sunday, 28 November 2021 10:31 PM

ආයුර්වේද කියලා ගුලි කලක අරිෂ්ඨ ගිල්ලවනවා බටහිර පෙති කරල් සිරප් ගිල්ලවනවා දෙගොල්ලම කවුරුහරි හදල දෙන දේවල් වට්ටෝරු ලියා දෙනවා.

:       2       0

lakvidu Sunday, 28 November 2021 10:53 PM

වසූරිය ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම, කක්කල් කැස්ස, ගලපටලය, ලාදුරු, පිටගැස්ම ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම.. මහාමාරිය ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම.. ලාදුරු ලංකාවෙන් තරන් කරන්න ඔන්න මෙන්න ගානට ගෙනාවේ, රුබෙල්ලා වලින් සිදුවන සන්ජානනීය ආබාධ ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකමයි. එහෙව් එකේ ඔය කාලකණ්ණි බටහිර වෙද්දුන්ට නඩු දාන්නම තමයි ඕනෑ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් ළඟට පොරකකා, පෝලිම්වල රස්තියාදු වෙවී බෙහෙත් ගන්න යන මෝඩ ලෙඩ්ඩුන්ටත් විරුද්ධව නඩුදාන්න මැඩම්..!

:       2       4

කිරි පුතා Monday, 29 November 2021 01:43 AM

බටහිර ක්‍රමය උගත් අයගෙ තියෙන්නේ පුදුමාකාර මාන්නක්කාර, පටු ,පරගැති ආකල්ප. තමන් කටපාඩම් කරගත්ත දේ පමණයි හරි , තමන් විතරයි ඉන්න ඕන කියන සංකල්ප යේ ඉන්නේ. ඒක උගත් කමක් තමයි නමුත් අනෙකුත් ක්‍රමවලට ඉඩ දෙන්න ඕන. වැරදි නම් සාධක ඇතිව ඔප්පු කරලා ඉවත දාන්න පුලුවන් . එයාලට මොකක් හරි නීතිමය ක්‍රියාවක් ගන්න ඕන. හැබැයි අපේ රටේ ඕවා වෙයිද දන්නෙ නෑ.

:       1       2

lal Monday, 29 November 2021 04:44 AM

පිස්සු විකාර....

:       1       0

Bunny Preena Monday, 29 November 2021 09:12 AM

බළලයි, මීයයි එක වහලෙ යට ජීවත් වුණාට දෙන්නට දෙන්නා මුණගැහෙනකොට කචල්. බටහිර වෛද්‍ය සංගමයත්, ආයුර්වේද වෛද්‍ය සංගමයත් හරියට ඒ වගේ... බැරිද සටන් විරාම ගිවිසුමකට යන්න..? ලොකුම සතුරා COVID-19 තුරන් කරනකල්..?

:       2       2

gagana Monday, 29 November 2021 09:48 AM

මේ බටහිර විද්‍යා මාෆියාව පටන්ගන්නේ මෙඩිකල් ෆැකල්ටියෙන්... මේ අය නිකන් ඉගෙන ගන්නවා මදිවට පෞද්ගලික විද්‍යාල ඔක්කෝටම කොක්ක දානවා.. මොකද මේ අයගේ බිස්නස් එකට බලපාන නිසා...

:       1       10

ජයසුමන Monday, 29 November 2021 10:39 AM

ඉංග්‍රීසී වැක්සීන් එක ගැන දන්නේ නැතිව අතුරු ආබාධ සුව කරන්න කියලා දන්නේවත් නැති බෙහෙත් දෙන්න යන්න එපා. ඔයාලා කොරොනා වලට පැණි, කරල් හැදුවා නේද? කොරොනා මට්ටු වුණාද? වැක්සීන් එකෙන් දැන් යම් ප්‍රමාණයකට මට්ටු වෙලා තියෙනවා. ඒක දරා ගන්න බැරිව වැක්සීන් එක ගැන දන්නේ නැතිව ඒකට උඩින් බෙහෙත් දෙන්න යන්න එපා. ඔයාලා කොරොනාවලදී ෆේල්. දැන් ඒක ගොඩ දාගන්න බොරු පොලිටිකල් ශෝ දාන්න යන්න එපා.

:       8       9

හසරංග Monday, 29 November 2021 11:59 AM

ඔබතුමා ලණුව හොඳටම ගිලලා, ඔබතුමාගේ කතාවෙන් ඒක තහවුරු වෙනවා, අපේ රටේ වැක්සීන් ප්‍රමෝට් කරන අයයි, ඒක ගැන හරියට දන්නෙ නැත්තේ... ඕක හොඳයි නම් අවිවාදයෙන් හැමෝම ගහනවා... ප්‍රධාන මාධ්‍ය හරහා ඔබතුමා වගේම රටේ මිනිස්සු බොහෝමයක් රවට්ටලා කරන වැඩක් ඕක. ඒ මගේ දැනුමෙන් මම හොයාගත්ත දේවල්.. ඔබතුමාගේ මතය තහවුරු කරන්න සාක්ෂි එක්ක. මමත් කරනවා සාක්ෂි එක්ක..

:       4       3

ජයසුමනTuesday, 30 November 2021 12:28 PM

ඔයාගේ දැනුම ගැන මම දන්නේ නැ. හැබැයි පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. අප්‍රිකාවේ ඇරෙන්න බොහොමයක් රටවල්වල ජනගහණයෙන් 50% වැඩිය වැක්සීන් ගහගෙන තියෙන්නේ. ලංකාවෙත් වැඩිහිටි (18 ) අයගෙන් 90% කිට්ටු වෙන්න ගහලා තියෙන්නේ. ඔයා හිතන විදියට කවුරුවත් හිතන්නේ නැ. කවදාවත් කිසිම දෙයක් 100% අවිවාදයෙන් අනුමත වෙන්නේ නැ. ඔයා ඒ දවස්වල එලියට ගිහින් බැලුවනම් ඕන කෙනෙකුට පේන්න ඇති මිනිස්සු කොච්චර පොර කකා දවස් ගානක් රස්තියාදුවෙලාද වැක්සින් එක ගහ ගත්තේ කියලා. ආයුර්වේද අයට කරන්න තියෙන්නේ වැක්සීන් ගහපු අයගේ අතුරු ආබාද හොය හොයා බෙහෙත් කරන එක නෙවෙයි. වැක්සීන් ගහ ගත්තේ නැති ඔයා වගේ අයට මොකක් හරි ආදේශකයක් හදලා දෙන එක. ආයුර්වේදයි බටහිරයි කියන්නේ දෙකක් කියන එක ඔයාට තේරෙන්න ඕන. ඒ දෙක කවලම් කරලා බෙහෙත් දෙන්න බැ

:       0       0

ජයසුමනTuesday, 30 November 2021 12:31 PM

අපේ රටේ කවුරුවත් වැක්සීන් එක ගැන දන්නේ නැ. තාම ඒකේ සංඝටක විස්තර එලියට දාලා නැ. ආයුර්වේද සෙට් එක විතරක් කොහොමද ඕක හොයා ගත්තේ. අතුරු ආබාදවලට බෙහෙත් දෙනවා නම් වැක්සීන් එකේ තියෙන්නේ මොනවද කියලා දැන ගන්න ඕන.

:       0       0

Vidyani Monday, 29 November 2021 12:11 PM

අපි කන්නේ සුද්දගෙ ආහාරත් නෙවෙයි අපේ දේශගුණයත් වෙනස්.... අපෙ රටෙ මිනිස්සු කන්නේ වැඩිපුර බෙහෙත් ඖෂධ ... සුද්ද වගෙ තම්බල පුච්චල කන්නැ ඉතින් අපි මොකටද මෙ දන්නැති බෙහෙත් විදාගන්නේ. මෙක සුද්දගෙ රටේ හැදුන ලෙඩක් ඉතින් එයාල එ බෙහෙත් විදගත්තා වේ. අපිට අපෙ බෙහෙත් හොදා.

:       1       2

Lak vikum Monday, 29 November 2021 05:13 PM

දේශීය වෙදකම නගාසිටුවීමට අවශ්‍ය කරන බර පැන සඳහා අරමුදලක් පිහිටුවා දන්වන්න. උදව් කරන්න අය ගොඩක් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 129 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 260 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 360 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 718 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1120 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 905 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site