IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත්

( තිලකරත්න දිසානායක)

දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කොට දිනකට පසුව මිය ගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස්  නිවෙසට එද්දී ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් පත්වී මේ සිද්ධියක් ගම්පහ, ඔරුතොට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පසුගිය 5 වෙනි දින ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු කලුපාලම අසලදී දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති අතර එම තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගැනීම මත මරණ පරීක්ෂණය සහ පොලිස් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ සොහොයුරා විසින් බාර ගැනීමෙන් පසුව අවසන් කටයුතු 6 වෙනි දින සිදු කොට ඇත.

අවිවාහකයන් වන 72 හැවිරිදි මොහු සහ තමන් එකට ජීවත්වන බවත් පසුගිය දිනෙක පිළියන්දල යන බව පවසා ගිය අතර යළි නොපැමිණීම මත සොයා බලමින් සිටියදී දුම්රියකින් වැටී මියගිය පුද්ගලයකු පිළිබඳව ආරංචියක් ලැබීම මත 5 වෙනි දින රාත්‍රී 7 ට පමණ කලුපාලම අසලට ගොස් බැලීමේදී මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගත් බවත් ඔහුගේ සොහොයුරා පැවසීය.

පසුදින ගම්පහ රෝහලේදී පැවති මරණ පරීක්ෂණයෙන් සහ අධිකරණය වෛද්‍ය පරීක්ෂණය මෙන්ම පොලිස් පරීක්ෂණයෙන් පසුවද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනා ගැනීම මත අසල්වැසියන්ද සමග එක්ව 6 වෙනි දින අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය.

මියගිය තම සොහොයුරාගේ හත් දවසේ දානය සූදානම් කරන අන්දම සිතමින් සිටියදී  සොහොයුරා නිවසට පැමිණෙනු දැක තමන් භීතියට සහ විශ්මයට පත්ව සොයුරාගෙන් තොරතුරු විමසීමේදී තමන් පිළියන්දලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණ භූමියට යාමට සිතුනු නිසා එහි ගොස් කාලය ගත කොට මෙලෙස ආපසු පැමිණි බව සිද්ධිය විස්තර කළ බාල සොහොයුරා සදහන් කළේය.

තම වැඩි මහල් සොහොයුරා මෙන්ම සරමක් සහ කමිසයක් හැද සිටි අනතුරට පත්ව සිටි තැනැත්තා තම සොහොයුරාගේම හැඩරුවට සමාන බව ඔහු පැවසු අතර තමන්ද ප්‍රදේශවාසීන්ද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට තීරණය කළ බවත් ඔහු පැවසීය.

 



අදහස් (0)

දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 468 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1866 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 363 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1692 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1625 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site