(යොහාන් භාසුර)
දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කිරි ගොවීන්ගේ වියදම් පසුගිය කාලය පුරා ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබූ බවත් ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් එම නිලධාරියා කීය.
දියර කිරි ලීටරයක් මිලදී ගන්නා මිල ඉහළ දැමීමත් සමග කිරි සැපයුම තවදුරටත් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දියර කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 7 කින් ඉහළට
මුදියන්සේ, Saturday, 16 October 2021 12:46 PM
කිරි ගොවියාට ඉහළ මිලක් ගෙවීම සුදුසු නමුත් දේශීයව නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීම පාරිභෝගිකයාට දැරිය නොහැකිය. දේශීය කිරිපිටි නිෂ්පාදනය කිරීම වැඩි කොට පාරිභෝගිකයාට සහනයක් සැලසීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.
Lalith M Saturday, 16 October 2021 03:14 PM
ටෙට්රා පැක් දියර කිරි ලීටරයක මිල රුපියල් 260 -300ත් අතර. ගොවීන්ගෙන් මිලදී ගන්නේ කීයටද? මේ වෙනස අසාධාරණ බව පේන්නේ නැතිද? මීට වඩා අඩු මිලට දියර කිරි බෙදාහැරීම කලොත් පිටිකිරි වෙලඳාම අඩුකළ හැකියි...
ranjith Saturday, 16 October 2021 06:51 PM
හැම එකක්ම වැඩි කරන්න නම් ආණ්ඩුවක් කුමටද? ආණ්ඩුවක් කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩුකරන්න වැඩපිලිවෙළවල් හරහා නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කරන එක නේද?
chanakaSunday, 17 October 2021 03:31 AM
සල්ලි අච්චු ගහනකොට උද්ධමනය නිසා බදු මිල ඉහල යෑම සක්කරයටවත් නවත්වන්න බැරි වේ.
wikcy Saturday, 16 October 2021 09:20 PM
මිල්කො එකෙ සභාපති මහත්තය කියනවා පිටිකිරි කිලො එකක් හදන්න දියර කිරි ලීටර් 8ක් යනවා කියල. එතකොට පිටි කිරි පැකට් එකක් 1000ක් උනත් ඒක 8න් බෙදුවම 125යි ලීටරයක් වෙන්නෙ. නමුත් පිටි කිලෝව 1000ක් වෙන්නෙ නැ. මිල වැඩි කිරිමට කලින්. මම එතුමාටම කමෙන්ට් එකක් දැම්ම ඔය ටික කියල. එතකොට ගොවියාගෙන් ගන්නෙ මෙයාල 100ට හරිද... 100ට අරගෙන පිටි කිරි හදන්න ලීටරයක් 125ක වගෙ ගානට යොදවන්න පුලුවන්, හැබැයි දියට කිරි මිනිසුන්ට බොන්න කියල එක 290යි. කෙලින්ම රුපියල් 190ක් මෙයාලට.. පැකට් එකටයි බෙදාහැරීම සහ වියදම් සියල්ලට 100ක් තියාගත්තත් ඕක 200ට දෙන්න පුලුවන්. කිරි ගොවියාට රුපියල් 7ක් වැඩිකරල මොකක්ද මේ පෙන්වන්න යන්නෙ පිටි වැඩි කලෙ ගොවියාට වැඩියෙන් දෙන නිසා කියන එකද. නැ. එක්කො මෙයාලත් කරන්නෙ රටින් ගේන පිටි මෙහෙ නම ගහල දෙන එක, එක්කො ආනයනයකරුවන්ට සහ ඒ අදාල් ආයතන වලට වෙලඳපොල තියාගන්න උදව් කරන එක. වෙන මොකක්ද මෙහෙ නිශ්පාදන නම් මිල වැඩි කරන්නෙ ඔය විදියට.. ?
samSunday, 17 October 2021 10:41 AM
පැහැදිලිවම නොහැකි වූ ඉල්ලුම තෘප්තිමත් කළ නොහැකි නම් මිල වැඩි කිරීමට ඔවුන්ට සිදු වේ. එසේ නොමැති නම් දිගු පෝලිම්, සලාක සහ කළු වෙළඳ පොල ක්‍රියාකාරකම් ආදිය සිදු වනු ඇත. වෙළෙඳපොළට ගැලපෙන පරිදි මිල ඉහළ දැමීම තර්කානුකූල වන අතර එමඟින් දිගු කාලීනව මිල අඩු කරන ගොවීන් වැඩි ප්‍රමාණයක් කිරි නිෂ්පාදනය කිරීමට උනන්දු වනු ඇත. සමහර යුරෝපීය රටවල් කිරි ගොවීන් පහව යන බව මට ඇසුණි.