IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙල් මිල වැඩිකළ හේතුව මුදල් රාජ්‍ය ඇමැති කියයි

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අවදානම රජයට පෙන්වා දුන් බවද ඔහු සඳහන් කළේය .

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් යැයි පැවසූ කබ්රාල් මහතා තෙල් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ ඉන්ධන මිල ක්‍රියාත්මක වන්නේද මෙරටට වඩා ඉතාම පොඩි ප්‍රමාණයක අඩු මට්ටමකින් පමණක් බව අනාවරණය කළේය .

යම් හෙයකින් ලෝකයේ තෙල් මිල පහළ වැටුණහොත් එම මුදල මිල ස්ථායිකරණ අරමුදලට බැර කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් රටේ මිල ස්ථායිකරණය සඳහා විශේෂ අරමුදලක් ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති පාඩුව බැංකුවලට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවටද යම් ආකාරයකට බලපෑම් ඇති කර ඇතැයි කී මුදල් රාජ්‍ය ඇමතිවරයා එසේම රටේ ණය අනුපාතයටද එම තත්ත්වය බරපතළ ගැටලුවක්වී ඇතැයි පැවසුවේය .

 



අදහස් (30)

තෙල් මිල වැඩිකළ හේතුව මුදල් රාජ්‍ය ඇමැති කියයි

Jith Saturday, 12 June 2021 06:42 PM

ඊළඟට ගෑස් මිල. දැන් අනිත් සේරම දේවල්වල මිල ඉහළ යන එක නවත්වන්න ලැබෙන්නේ නැහැ මහත්තයෝ. මිල සුත්‍රයක් හඳුන්වාදුන්න හිටපු මුදල් ඇමතිවරයා මෙන්න මෙහෙම කියනවා වාර්තා කර තියෙනවා දැක්කා. "පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබාදෙන්නේ නැතුව ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමානයි. ඩොලර් 63.19ක්ව තිබුණු තෙල් බැරලයක මිල කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී ඩොලර් 26ක් දක්වා ඓතිහාසික ලෙස අඩු වූ අතර සෘණ දක්වාම පහළ ගියද එහි වාසිය මෙරට ජනතාවට අත්වුනේ නැහැ"

:       19       851

siripala Saturday, 12 June 2021 07:13 PM

අපිට සතුටු 69 ලක්ෂය අපි ඉල්ලපු වෙනස... ඔන්න දැන් රජය විසින් අපිට ලැබෙන්න, දැනෙන්න සලස්වා තිබෙනවා...

:       0       1

Rohana Saturday, 12 June 2021 06:52 PM

සෞභාග්‍යයේ දැක්ම මේකයි... !!!

:       19       535

Ranil Saturday, 12 June 2021 07:08 PM

මොනවා කියන්න බැරිද? අපිට තියෙන්නේ අහගෙන ඉන්න...

:       0       1

sampath Saturday, 12 June 2021 07:08 PM

මේක වැඩි නොකර බෝතලේ පරණ ගාණට දුන්නා නම් මොකද වෙන්නේ..? එතකොට අපි පරණ විදිහට ගැලුම්වලින් සහ බෝතල්වලින් තෙල් ගහනවා. ප්‍රශ්නය ඉවරයි. එහෙමත් නැතිනම් කිලෝමීටරයට 800ක් වගේ මිනුමක් වුණත් කමක් නෑ... කිරිගව පාලනයේ හරක් ඉන්න ගෙවල්වල බෝඩ් එකක් එල්ලනවා වගේ..

:       0       1

Sk Saturday, 12 June 2021 07:13 PM

මොනවා කරත් අන්තිමට විඳවන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුම තමයි.

:       0       1

වාසුදේව Saturday, 12 June 2021 07:17 PM

පහුගිය රජයන් වල දූෂණ, වංචා ගණනාවකට සම්බන්ධ මොහු කියන මේ බොරු බේගල් මහජනතාව එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. තෙල්වලට දාපු මිල සූත්තර කෝ? මේ ඔක්කොම පට්ට පල් බොරු... මහජනතාවට කොකා පෙන්නලා අපේ බඩටම ගහනවා. මෙහෙම ආණ්ඩුවක් නම් අපිට වැඩක් නැහැ.

:       0       1

de silva Saturday, 12 June 2021 07:18 PM

ග්‍රීක බැඳුම්කර, අසන්තලා ගහපු හෙජින් ගිවිසුම... තිරය පසුපස සිට මෙහෙය වූ ආර්ථික ඝාතකයා මොහුය.

:       0       1

pp Saturday, 12 June 2021 07:25 PM

ගොබ්බ වැඩ තමයි කරන්නේ..

:       0       1

firda Saturday, 12 June 2021 07:33 PM

මේ අයට හැම දේටම හේතුවක් තියනවා. එකවෙලාවකට එක හේතුවක් කියයි. නැවතත් තවත් හේතුවක් කියයි. පවු රටේ අහිංසක ජනතාව මේ අය රවටන විදිහට... කබ්‍රාල්ට මොකක්ද තියෙන හැකියාව මේ රට ඉදිරියට ගෙනියන්නට...? පට්ට හොරු තමයි.

:       0       1

pp Saturday, 12 June 2021 07:33 PM

බැරි නම් යන්න අස්වෙලා... පව් නොදී..!!! 

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 June 2021 07:34 PM

තෙල් මිල වැඩිවීමට හේතුව අකාර්යක්ෂම රාජ්‍ය මුදල් කළමනාකරණයයි. ඕනෑම දෙයකට කොමිෂන් පත්කරනවා. මේ සඳහා විශාල මුදල් නාස්තිවෙනවා. ඒත්, ඒවායින් ඇති වැඩක් නැහැ. වියදම විතරයි. කෝවිඩ් පරිපාලනයේ ඇති දුර්වලතා නිසාත්, නිකරුණේ මුදල් නාස්ති වෙන බව පෙනේ. ලෝකයේ තෙල් මිල අඩුවී තිබෙන අවස්ථාවලදී, මේ රටේ ජනතාවට ඒ වාසිය ලැබුණේ නැහැ. මහජනතාවගේ වැඩවලට මුදල් නැති වුණාට මන්ත්‍රීන්ට වාහන ගේන්න මුදල් යොදවන්න ලැහැස්ති වුණේ අපූරු ආකාරයකට. මේ අය හැම වැඩේම අනාගන්නවා.

:       0       22

pradeepa Saturday, 12 June 2021 07:46 PM

මිනිසුන්ගේ ආදායමේ වැඩිවීමක් නැතුව ඔහොම ලොකු ගාණකින් තෙල් මිල නියම කරන්නේ ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති ගොන් මැට්ටලයෝ.. අනික ලෝකයේ ගොඩක් රටවල් අපිට වඩා ඒකපුද්ගල ආදායම වැඩියි. මහලොකු ආර්ථික ඔස්තාර්... කිසිම දැනුමක් නැහැ.

:       0       5

Bishan Saturday, 12 June 2021 07:47 PM

මෙයාලා ආවේ රට හදන්නද නැත්තම් රට කන්නද? මෙහෙමත් අමාරු කාලයක් සිරිසේනගේ කාළේවත් තිබ්බේ නෑ...

:       0       3

Rata Perata Saturday, 12 June 2021 09:45 PM

කවුද මේ කියන ඒවා විශ්වාස කරන්නේ? එදා ඉඳලම කලේ ජනතාව රවටන එක තමයි.

:       0       30

Kandy Sanath Saturday, 12 June 2021 10:25 PM

ඔයටික පොහොට්ටුවේ මහ ලේකම්ට කියලා දීපල්ලා.. අන්න මිනිහා තෙල් මිල වැඩිකරාට විරුද්ධව නිවේදනයක් නිකුත් කරලා.. මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොම බත් කන හරක් කියලා. ඒ අයම වැඩි කරලා ඒ අයම බැණ ගන්නවා.

:       0       58

Rohana Saturday, 12 June 2021 11:27 PM

දැන් ඔය ස්ථායිකරණ අරමුදලට එකතු වූ මුදල් ප්‍රමාණයත් එයින් කොතරම් මුදලක් තෙල් මිල වැඩිවන අවස්ථාවලට යොදා ගත්තද වැඩිවූ මුදලේ වෙනසින් කොපමණ තෙල් බැරල් ප්‍රමාණයක් දේශීය වෙළෙඳපලට සැපයුවද කියලා ගණන් මිනුම් ඇතිව නොකියන්නේ මොකද?

:       0       4

සිල්වා Saturday, 12 June 2021 11:57 PM

ඔබ කියන සියළු හේතු බොරුයි. ඔබතුමාගේ පක්ෂ ලේකම්ගේ මාධ්‍ය නිවේදනය පරිදි ඉන්ධන මිල වැඩි කිරීම වැරැදි බවත් ගම්මන්පිල ඇමතිතුමා ඉල්ලා අස්විය යුතු බවත් බලකර සිටී...

:       1       67

asnkaSunday, 13 June 2021 04:19 PM

ඉන්ධන මිල වැඩි කිරීම ජනාධිපතිවරයා ගත් තීරණයක්. පක්ෂ ලේකම් කරන්නේ රටේ මිනිසුන් ගොනාට ඇන්දවීමක් පමණයි.

:       0       2

ලලිත් එම් Sunday, 13 June 2021 12:25 AM

ඔය මොනතරම් බොරු කිව්වත් වැඩක් නැහැ. තමුන්ගේ මූණ දකින්නවත් අප්පිරියයි.

:       0       125

ගයාන් කුලතුංග Sunday, 13 June 2021 06:40 AM

මෙයා කියන විදිහට ජනතාවද දැන් රට ණය කරලා තියෙන්නේ?

:       0       56

kamal Sunday, 13 June 2021 09:54 AM

කරුණාකර 69 ලක්ෂයට අලුතින් 25%ක බද්දක් ගහන්න වහල් බද්ද කියලා...

:       0       125

jagath Sunday, 13 June 2021 10:10 AM

මේ ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි හොර පවුලත් එක්ක එකතු වෙලා මහජන මුදල්වලින් සූදු කෙළියා... ඒවායේ ඵලවිපාක තමයි.

:       0       188

අසෝක Sunday, 13 June 2021 11:03 AM

සහන ගොඩක් ජනතාවට දීලා තියෙන්නේ අනිත් බඩුසේරම ඉහළ දාන්න..

:       1       12

dasun Sunday, 13 June 2021 11:45 AM

දැන් තමුන්ටත් පුළුවන් ගම්මන්පිළ බේරාගන්න.

:       0       18

Asanga Sunday, 13 June 2021 12:06 PM

කරන දේවල් සාධාරණීකරණය කළාම ඇතිද? ඕකට දීර්ඝකාලීන විසඳුම් දෙන්න කියලනේ ඔයගොල්ලන්ව අපි පත්කළේ..

:       0       61

fairoos Sunday, 13 June 2021 12:31 PM

දැන් මට අහන්න තියෙන්නේ එක දෙයයි. ‘‘දැන් සැපද කියලා‘‘ ...?

:       0       76

Sri Lanka Sunday, 13 June 2021 01:17 PM

ඇත්ත කතාව.. තාම කොරෝනා පුම්බලා ආණ්ඩුව ගාණ කපා ඇත. දැන් ඒවා අපේ අයකරගන්නවා. ඊළඟට එන ආණ්ඩුවට හොයන්න තියෙන්නේ කොරෝනා වංචාව ගැන... දැම්මම කට්ටිය හොයාගන්න කමිටු හදන්න..

:       0       68

don p3rera Sunday, 13 June 2021 02:42 PM

තව වැඩිකරන්න... 69ට රිදිලා මදි...

:       0       47

kamal Monday, 14 June 2021 01:37 AM

කුම්බලා මාලු කෑවොත් විඳවපන් බළලෝ කිව්වලු... දැන් මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 147 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 391 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 993 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1272 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 432 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 202 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site