IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය අද (18) ප්‍රකාශ කළේය.

ඒ යටතේ මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයන් යුත් නියෝජිත පිරිස, ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිතයන් සමග මාර්ගගතව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එයට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද මාර්ගගතව සම්බන්ධවූ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

"අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කළ සියයට 44 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ආරම්භ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස අද (18) පැවැති සාකච්ඡාව මෙන්ම ඉදිරියට පැවැත්වෙන සාකච්ඡාද පැවැත්වෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. ඒ හේතුවෙන් මුල් සාකච්ඡාවලට සහභාගී වූ පිරිස ඒ ආකාරයෙන්ම අද (18)පැවැති සාකච්ඡාවට සහභාගී වූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ මෙන්ම ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීමට අද (18) පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

පසුගිය අප්‍රේල් 2 වැනිදා ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය තීරු බද්දක් පනවනු ලැබුවේය. එහිදී අවම තීරු බද්ද සියයට 10 ක්වූ අතර ඇතැම් රටවලට ඉහළ තීරු බද්දක් පනවනු ලැබුවේය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට යෝජනා විය.

එහිදී ශ්‍රී ලංකාව තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කඩිනමින් සාකච්ඡා මේසයට පැමිණි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා වූ සියයට 44 ක තීරු බද්ද සියයට 30 ක් දක්වා අඩුකළ බව දන්වමින් පසුගිය 12 වැනිදා මෙරටට නිල වශයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලිපියක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වෙනස්කමක් සිදු නොවුහොත් මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



අදහස් (2)

තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා

de silva Saturday, 19 July 2025 11:44 AM

ඔය ප්‍රශ්නෙට තිබෙන එකම විකල්පය, ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩ වලට මෙහෙ ගහන තීරුබදු අඩු කරලා ඇමරිකන් භාණ්ඩ වලට වෙළඳපලක් මෙහෙ හදලා, රටවල් දෙක අතර වෙළඳ පරතරය අඩු කරන එක, නැතිනම් ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් බිලියන 6 පමණ ආදායම සම්පුර්ණයෙන් නැතිවෙලා යාමේ අවධානමක් තිබෙනවා... කොහොමත් ආනයනික භාණ්ඩවලට ගහන අතිවිශාල තීරුබදු අනාගතේදී අඩු කරගන්න ලංකාවේ පාලකයන්ට සිදුවෙනවා. ඒකෙන් පාරිභෝගික අපට ලැබෙන ප්‍රතිලාභය රටේ භාණ්ඩ සහ සේවා මිල අඩුවී, රටේ ජීවන වියදම අඩුවී රට තුළ ආර්ථිකය වර්ධනය වී ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හැදෙනවා... නමුත් තීරුබදු වලින් රජයට ලැබෙන ආදායම අඩුවෙන නිසා අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවක සංඛ්‍යාව අඩු කරගන්න.. ශ්‍රීලන්කන් වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර වල පාඩු පියවීම නවතා දැමීම වැනි දේවල් කරන්න රජයට සිදුවෙනවා..

:       0       0

sanath Saturday, 19 July 2025 11:59 AM

ඔය ප්‍රශ්නය නියම විදිහට විශ්ලේෂණය කරලා බලන ඕනෑම කෙනෙකුට පෙනෙනවා ඇමරිකාව ප්‍රකාශ කරලා තිබෙන ආකාරයට, ඇමරිකාව සහ ලංකාව අතර ලංකාවේ වාසියට තිබෙන 88% වෙළඳ පරතරය අඩු කරගන්න ඕනේ බවට, සරලව කියනවා නම් අපි මෙතෙකල් කලේ අපේ ඇඟලුම් ඇමරිකාවට යවලා ලැබෙන මුදල් වලින් චීනෙන්, ඉන්දියාවෙන් භාණ්ඩ ගත්ත එක, ලංකාව විසින් අයකරන අධික තීරුබදු නිසා ඇමරිකාවෙන් ආනයනය කරන තත්වයෙන් උසස් මිලෙන් වැඩි භාණ්ඩ සඳහා ලංකාවේ වෙළදපලක් තිබුනේ නැහැ... දැන් අනිවාර්යයෙන් ඇමරිකන් භාණ්ඩවලට අයකරන තීරුබදු අඩු කර වෙළඳ පරතරය අඩු කරගැනීම හැර වෙන විකල්පයක් නැහැ... ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්නයට ගැලපෙන පිළිතුරක් නැතිව බොරුවට දූත කණ්ඩායම් පිටත් කර හරිම විසඳුම නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 422 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 587 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site