IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිලිවරි කාක්කන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නැයි ඇමැතිගෙන් උපදෙස්

(යොහාන් භාසුර)

ඩිලිවරි සේවා ආයතන මගින් පාරිභෝගිකයාගෙන් අධික මිල ගණන් අය කිරිම පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එම සේවාව නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා උපදෙස්දී තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඩිලිවරි සේවා ආයතන ලියාපදිංචි කිරීම සහ මිල නියාමනය කරන බවත් එම ආයතන අයකරන කොමිස් සහ ප්‍රවාහන ගාස්තු පාලනය කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානම ඩිලිවරි සේවා ආයතන දෙක සමග ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ පිලිබඳව පසුගියදා සාකච්ඡා කළේය.

 



අදහස් (5)

ඩිලිවරි කාක්කන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නැයි ඇමැතිගෙන් උපදෙස්

දිසා.....ගම්පහ Saturday, 12 June 2021 09:23 PM

හාල් මිල පාලනයක් කරගන්න බැරි ඇමතිවරු.. ජනතාවට සුරංගනා කතා කියමින් තවත් අන්දන බවයි පෙනෙන්නේ... හාල්මිල පාලනය කරන්න දුන්නෙත් ඔය පාරිභෝගික සේවා අධිකාරියටම නේද? දැන්නම් රටේ ජනතාවගේ නහය ළඟටම ගිලිලයි තිබෙන්නේ... ජනතාවගේ ජීවන බර ගැන අවංකව බැලුවොත් හොඳයි...

:       0       9

L.G.P.Jathunarachchi Saturday, 12 June 2021 09:29 PM

දේශපාලන කාක්කන්ට වඩා නම් හොඳයි!!!

:       0       7

පප්ප Sunday, 13 June 2021 10:02 AM

අනේ ඔහෙලගේ උපදෙස්, දියවන්නාවට වැදිලා, කකා බිබී තඩි වාහනවල නැගලා සැප ගනිල්ලා.. ඔක්කොම අවුරුදු 73යි කෙරුවේ ඔය කෙරුවාව... වැහි නැති හෙන වදින්න ඕනෑ...

:       1       23

බද්රානි Sunday, 13 June 2021 03:00 PM

අනේ නිකම් යන්න මහත්තයෝ.., අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා නොකර? ඔවුන් ඔවුන්ගේ රාජකාරිය අවංකව ඉටු කරනවා. අපි ඇනවුම් කල බඩු නියමිත මිලටම හා ඒ ප්‍රමාණය කිසිම අඩුවක් නැතිව අදාළ බිල්පත සමග අපට ලැබෙනවා. හැබැයි අර රජයේ සතොස කියන ආයතනයෙන් බිල්පත් නිකුත් නොකර බඩු විකුණන බව ඔබතුමාලා දන්නවද? අහිංසක පාරිභෝගික ජනතාව සූරාකමින් සිටින සතොස ගැන සොයා බලන්න.

:       0       18

dayarathna Sunday, 13 June 2021 03:06 PM

අපේ රටේ පාරිභෝගිකයින්ව ආරක්ෂා කරන්න නීති තිබුණට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දියවන්නාවේ ඉඳන් බයිලා ගැහුවට වැඩක් නැහැ. මෙවැනි කතා නාට්‍ය විතරයි. රටේ බඩුවල මිල පාලනයක් තිබිය යුතුයි. එන එන අයට ඕනෑ විදිහට තමයි මිලගණන් දාන්නේ. හරි ක්‍රමයක් සහ හරි නියාමනයක් නැහැ. ඒකයි මේ මහජනයා හූරන් කන්නේ. ඇත්තම හේතුව තමයි 225 තමන්ගේ වැඩේ හරියට නොකරන එක...

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 589 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 74 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 254 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 703 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 234 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 295 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site