IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඥානසාර හිමියෝත් ආරක්ෂාව ඉල්ලති

(සුජිත් හේවාජුලිගේ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.

බුද්ධි අංශ නිලධාරීන්ද තම විහාරස්ථානයට පැමිණ එම තර්ජනය පිළිබඳව දැනුම් දුන් බවද උන්වහන්සේ ලිපියේ සඳහන් කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් වහන්සේ කළ විවිධ හෙළිදරව් කිරීම් හේතුවෙන් බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම් නතර කරගැනීමට හැකි වූ බව කියන ඥානසාර හිමියෝ මේ තත්ත්වය යටතේ තමන් වහන්සේ ආරක්ෂාව පැත්තෙන් අවදානමට ලක්ව ඇති බවද පෙන්වා දෙති.

සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති.

 



අදහස් (6)

ඥානසාර හිමියෝත් ආරක්ෂාව ඉල්ලති

අබා Sunday, 02 November 2025 03:28 PM

ලංකාවට පොලිස් නිලධාරීන් හාරකෝටි තිස් හතර ලක්ෂයක් ඕනෑ වෙනවා අලුත් සංගණනයට අනුව...

:       59       33

ලයන් Sunday, 02 November 2025 03:37 PM

කිසිම ආරක්ෂාවක් දෙන්න එපා... හරියට තම ශීලය රකිනවා නම්, ධර්මයට අනුකුලව ජීවත් වෙනවා නම්, බුදුන් දෙසූ විදියට ධර්මයේ ආරක්ෂාව මොහුට ලැබේවි...

:       45       37

ගමේ එකාල Sunday, 02 November 2025 04:01 PM

ජාතීන් අතර අසමගිය ඇතිවෙන විදියේ කරන්න පුලුවන් ඔක්කොම පව් වැඩ කරලා එනවා මෙතැන ආරක්ෂාව ඉල්ලාගෙන? කිසිම ආරක්ෂාවක් නොදිය යුතුමයි.

:       38       41

චන්දිම Sunday, 02 November 2025 04:08 PM

ඈහ්, මල හත්තිලව්වක්නේ හාමුදුරුවනේ... හැබැයි ඉස්සර ඔබ වහන්සේලා පට්ට චන්ඩි නේද? එතකොට කෝ දැන් ඒවා? මේ නිකමට අහන්නේ? අර වේවැල් පාරවල් එහෙම දෙනවා කිව්වානේ ඒ කාලෙ. ආයතනවලට ගිහින් තග දාපුවා මතකද?

:       40       35

Jagath Leanage Sunday, 02 November 2025 04:32 PM

“මරලා පව් පුරවා ගන්නේ නැහැ” කියලා කතාවක් තියනවනේ…

:       31       32

පිස්සු යකෙක් Sunday, 02 November 2025 05:06 PM

කිසිම ප්‍රශ්නයක් නෑ. ආපහු තිබ්බ නඩු ටික කැදවලා නීතිය හරියට කළානං සියලු ආරක්ෂාව එක්ක ඇතුලේම ඉන්න තිබ්බා. ආයෙත් ඕනෙම නං ගොං කතාවක් දෙකක් කියන්න. එකෙන්ම ඇතුලේ නොමිලේ ආරක්ෂාව සමග....

:       27       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site