IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජවිප‍ෙ මන්ත්‍රීවරු ආදර්ශයක් දෙති

(දයාසීලි ලියනගේ)

පාර්ලිමේන්තු මන්තීවරුනට  රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.

රටේ ජනතාව ඉන්ධන නොමැතිව පීඩාවට පත්වී සිටින අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට විශේෂ සහනයක් අවශ්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුගේ නායක අරුණ කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුගේ මන්තීවරුන්  තිදෙනා මෙම  රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව එම පක්ෂයේ මන්ත්‍රි විජිත හේරත් මහතා පාර්ලිමේන්තු  මහ මහලේකම් වෙත ලිඛිතව දන්තවා ඇත.

 



අදහස් (35)

ජවිප‍ෙ මන්ත්‍රීවරු ආදර්ශයක් දෙති

ලමය Saturday, 06 August 2022 10:41 AM

ජවිපය කවදත් වරදානවලට නම්මගන්න පුළුවන් අය නොවෙයි, ඔවුන් හැමදාම හිටියේ ජනතාවගේ පැත්තෙයි..

:       237       100

kamalSaturday, 06 August 2022 02:23 PM

ඒ වගේම පර්මිට් වාහන විකුණලා අය බදු නොගෙවා ඒ මුදලින් පුත්තු රට යවපු ඒවාත් පොලිත් එක්කම නැවත රටට ලැබිය යුතුයි...

:       68       112

AlfreadSaturday, 06 August 2022 07:06 PM

ජනතාවගෙ පැත්තෙ ඉන්නවනම් ඉස්සෙල්ලම කරන්න ඕන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න සහය දෙන එක. ඒත් මුන් හැමදාම හොරා හොරා සින්දුව කියලා, රටේ ඇත්ත ප්‍රශ්ණෙ වහලා මුන්ට ලකුනු දාගන්න හදපු එක. රටේ තියෙන අර්බුද වලින් මිනිස්සු දුක් විඳිනකොට ඒවට විසඳුම් ගන්නෙ දෙන්නෙ නැතුව වල කපලා මිනිස්සුන්ට කියනවා ආන්ඩු ප්‍රශ්න විසඳන්නෙ නෑ කියලා.

:       23       76

අනුර බණ්ඩාර Sunday, 07 August 2022 05:26 PM

මේවගේ රැවටිලි නොවෙයි වටින්නෙ. අවංකවම රටේ උන්නතිය වෙනුවෙන් අදට ගැලපෙන විසඳුමක් ලබාගැනීම සඳහා පවතින රජයකට උදව්දී, රට ගොඩගැනීමයි. සර්ව සමාජවාදී රටවල් කොහේවත් නෑ. ඔවුන් ප්‍රාර්ථනා කර කර වයසට ගිහින් මියයයි. ඊළඟ පරපුරටත් ඒදේම වෙයි. රට පාලනයට හවුල් වී තම ප්‍රගතිශීලී වැඩපිළිවෙලවල් ප්‍රායෝගිකව පෙන්නුවොත් ක්‍රමානුකූලව ජනතාව ඔවුන් ආරක්ෂා කරාවි. එවිට තම රජයක් පිහිටුවා ගැනීමට මතු දිනෙක හැකිවේවි .දැන් ඔවුන් කරන්නේ විශ්වවිද්‍යාල දරුවන් කුලප්පු කරමින්, රටේ ප්‍රාග්ධන සම්පත වන පාසැල් දරුවන්ගේ අධ්‍යාපක්න විනාස කකරමින් ,ආර්ථිකය විනාශ කරණා වර්ජන සදහා වෘත්තීය සමිති උසිගන්වමින් නොමිනිසුන් ලෙස රට ප්‍රපාතයට ඇදගෙන යෑමයි.

:       5       8

randil Saturday, 06 August 2022 11:03 AM

අපේ රටේ නිවටයින්ට ඕවා පේන්නේ නැහැ... ඇස්, කන් වැහිලා වගේ... තුන් දෙනෙක් ඉඳලත් ඔවුන්ට තියෙන කොන්ද කාටද තියෙන්නේ...?

:       172       148

ranjith Saturday, 06 August 2022 12:06 PM

විපක්ෂයේ ඉඳන් කියන දේවල් අනුව බලමුකෝ අනික් අයගේ හෘද සාක්ෂිය... මේ වෙලාවේ ඉන්ධන දීමනාව ගන්නවට වඩා එම මුදල දුප්පත් ළමයින්ට කිරිපිටි අරන් දෙන්න බැරිද? බලමුකෝ අනිත් අයගේ ප්‍රතිචාර...!

:       100       67

SL Saturday, 06 August 2022 12:34 PM

මම කියන්නේ ජවිපෙට ඇමැතිකමක් ගන්න... වැඩ පෙන්වන්න. මිනිස්සු බලාගෙන ඉන්නේ ජවිපෙ පාලනයට එනකල්, ඇමැතිකමක් අරගෙන තමන්ගේ තියෙන හැකියාවෙන් වැඩ පෙන්වන්න. ඉක්මණට රජයක් ගන්න, පුළුවන් ආසන ප්‍රමාණයක් ලැබෙයි. වර්ජන, ගර්ජන නැතිව එහෙම යන්න. අම්පාරේ බුලත් හපයාට රුපියල් 50000ක් යනවලු අම්පාරේ ඉඳල කොළඹට එන්න... ඒ කියනනේ වාහනේ කරන්නේම ලීටරේට කිලෝමීටර් 3ක් විතර...

:       73       33

Fernando Saturday, 06 August 2022 02:10 PM

යාලුවා තෙල් දේවි එයාලාට...!

:       7       9

චන්දන Saturday, 06 August 2022 12:45 PM

කොළඹටම වෙලා ඉන්න මෙයාලට තෙල් ඕනෑ නැහැ. පෙළපාලි යන්නේ පයින්නේ...

:       70       133

Saththaya Saturday, 06 August 2022 12:51 PM

මේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම අගය කරනවා. හැබැයි ප්‍රශ්නය නම් කිසිම රැකියාවක් නොකර, පරම්පරා, දේපල නොමැතිව, පිටරට දේපල තිබීම, දූ දරුවන් පිටරට ගොස් ඉගෙනීම සහ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල දූ දරුවන් ඉගෙනුම ලැබීම... මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරලා මේ වියදම් දරන්නේ කොහොමද කියන එක.... මෙයින් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ගේ ළමයින් පිටරට හෝ මෙරට ඉගෙනුම ලැබීම වරදක් කියා... ඒක හොද දෙයක්... හැමෝටම මැණික් මලු ලැබෙන්නේ නැහැනේ... ඒක තමයි හිතාගන්න බැරි...

:       25       96

ruwan Saturday, 06 August 2022 12:58 PM

වැඩිපුරම සල්ලි තියන පක්ෂය තමයි ඕක... හැබැයි සත 5ක් දීලා තියෙනවද රටේ මිනිස්සුන්ට?

:       70       113

budSaturday, 06 August 2022 01:26 PM

මේ වගේ දැනුම තියෙන බොහෝදෙනා පත්කළ ආණ්ඩු නිසා තමයි අද රට හිඟමනේ වැටිලා තියෙන්නේ... මොලේ නෑ කියලා මොනවා කරන්නද?

:       152       143

මුදියන්සේ.... Saturday, 06 August 2022 01:27 PM

ඉන්ධන අර්බුදය හමුවේ ලීටරයකට කිලෝ මීටර් තුන හතරක් ධාවනය වන අධික ලෙස ඉන්ධන දැවෙන V 8 , ප්‍රාඩෝ, බෙන්ස්, අවුඩි වැනි වැනි සුඛෝපභෝගි වාහන ඉවත් කොට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීන් මෙන් සියලුම ජනතා නියෝජිතයින් සාමාන්‍ය ඩබල් කැබ්රථ භාවිතයට යොමු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතුයි. මෙමගින් දැනට ලබාදෙන ඉන්ධන දීමනාව ඉතිරි කර ගැනීමට හැකිවනවා නොවේද? බංකොළොත් රටක මැතිඇමැතිවරුන් දියුණු රටවල් අන්දමින් ක්‍රියා නොකළ යුතුයි...

:       74       62

IshanMonday, 08 August 2022 03:49 PM

ඔයාගෙ යෝජනාව ජනතාවගෙ පැත්තෙන් ගත්තොත් ඉතාම හොඳ යෝජනාවක්. නමුත් මම මේ reply එක ලියන මොහොත වනවිට ඔයාගෙ යෝජනාවට like 56 ක් ලැබෙද්දි dislike 73 ක්ම ලැබිලා. හිතාගන්න පුළුවන් නේද රටේ ඡන්ද දායකයන්ගේ බුද්ධියේ තරම.

:       0       2

Jagath Saturday, 06 August 2022 01:46 PM

මේ වගේ දේවල්වලින් ඔබව හයිලයිට් වෙනවා. නමුත් එයින් ඔබගේ හැකියාව පෙන්වන්නේ නැහැ...

:       13       95

Vijitha Saturday, 06 August 2022 05:08 PM

ලංකාවේ ධනවත්ම ධනපති පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. නමුත් කතාව සමානාත්මතාවය.... සත පහක් දෙන්නේ නෑ. කටින් බතල හිටවන අතින් බතල නොහිටවන අය කොමියුනිස්ට් සමාජවාදීන්. කොරෝනා වසංගතය කාලේ මතක ඇති... මාස ගණන් රට වහලා තිබුණා. මෙයාලගේ පක්ෂ අරමුදලේ තියෙන බිලියන ගණනක් සල්ලි හෙල්ලුවේ නෑ. කන්න බොන්න නැති මිනිස්සු වෙනුවෙන්...

:       11       57

senaSaturday, 06 August 2022 07:13 PM

ඔයා එයාලගෙ පක්ෂ අරමුදල ගනිනවා. හොරුන්ගෙ පෞද්ගලික බැංකු ගිනුම් වල තියෙන ඩොලර් බිලයන ගනන් අමතක කරනවා.

:       42       20

MenakaSunday, 07 August 2022 05:29 AM

අර්බුධය ආපු වෙලාවෙ ඉන්න නායකයො හොරු කියලා කෑ ගැහුවෙත් ජෙප්පො. නායකයන්ගෙ ගිනුම් වල ඩොලර් ට්‍රිලියන 1000ක් තියෙනව කියල ලොකුවට ප්‍රින්ට් කරන් බැනර් ඇඳන් ගියෙත් ජෙප්පො. මතක තියා ගන්න ගෝඨා රට භාර ගන්නකොට රටේ තිබ්බ සමස්ථ විදේශ සංචිත ප්‍රමාණයත් ඩොලර් බිලියන 5.5යි. රටේ මාසෙකට තෙල් වියදම විතරක් ඩොලර් මිලියන 350යි. ගෝඨාලා විහින් අනාගන්න ප්‍රධාන හේතුව තමයි රටේ ඉතා අඩු සංචිත ප්‍රමාණයක් තියෙද්දි, සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් කර්මාන්තය වගේ ප්‍රධාන ආදායම් හි‍ඳෙද්දී ණය ප්‍රතිව්‍යුහගතකරණය (debt restructuring) වලට නොයෑම. නිසි කලට නිසි තීරණ ක්‍රියාත්මක කරන්න පරක්කු වීම. අපිට මොකද උනේ කියල වත් තේරුම් ගන්න බැරි තරම් මේ වගේ "දේශපාලන මෝඩ" පිරිස් වලට ඡන්ද බලය අහෝසි කරන්න ඕන. නැත්තන් රට හැමදාම වලේ.

:       4       8

Nandasena grSunday, 07 August 2022 06:00 AM

බොරු කියන්න එපාබං.අපේ පැත්තෙ දුප්පත් පවුල් වලට වියලි ආහාර මලු,මුහුණු ආවරණ කොච්චර පරිත්‍යාග කරාද?වැඩේ තියෙන්නේ උඹලගේ පක්ෂ වගේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

:       3       12

උපාලි Saturday, 06 August 2022 06:30 PM

වැඩේ නම් හොදයි, පර්මිට් විකුනල ගත්ත සල්ලි, කැට සල්ලි එහෙමත් ඇතිනෙ.

:       7       54

Bamunuarachchi Saturday, 06 August 2022 06:54 PM

අන්න මම අහපු පරශ්නයට පිළිතුරු ලැබිලා. මම ඇසුවේ ඉන්දන දීමනාව ගැන ජෙප්පෝ මීක් කිව්වෙ නැහැ නේද කියලා.

:       18       36

sharm warnMonday, 08 August 2022 09:29 AM

නොහිතපු උත්තරයක්ද ලැබුණේ..? ඒක නිසා පොඩ්ඩක් අවුල්ද?

:       2       5

Sudath Saturday, 06 August 2022 07:01 PM

ඉස්සෙල්ලම මෙයාලගෙන් විගනනයක් පටන් ගන්න. එතකොට බලාගන්න පුලුවන් මේ සුද්දවන්තයන්ගෙ කෙරුම් සුපිරියටම.

:       7       36

Nandasena grSunday, 07 August 2022 06:04 AM

උඹ හිතනවද ජවිපෙට විරුද්ධව ආණ්ඩුව මෙ⁣ච්චර කාලයක් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් නිකම් ඉදී කියලා.එහෙම කරාට වැඩක් නැහැ.ඔප්පු කරන්න කිසිම දූෂණයක් නැහැ.

:       6       9

Jiwan Saturday, 06 August 2022 07:14 PM

ලක්ශ 2කින් මොනව කරන්නද යකුනේ. රටේ ප්‍රශ්න විසඳලා රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්නෙ නැතුව, සංචාරක කර්මාන්තෙට ඔලුව උස්සන්න දෙන්නෙ නැතුව අරගල කරලා, රටේ ආර්ථිකයට මාසෙට ඩොලර් මිලියන 300ක් (රුපියල් කෝටි 1100ක්) විතර නැති කරලා ලක්ශ 6ක් දුන්න කියල පෙන්නනවා. මේවටත් හුරේ දාන ගොන් හරක් ඉන්නකන් මේ රට ගොඩ ගන්නව බොරු ඉතින්.

:       12       39

Demuni Uduwara Sunday, 07 August 2022 04:48 AM

It's crystal clear r that an organized or pre-planned section have invaded the comments column ! But we are unshaken. We assert JVP has given us an effective exemplar !

:       5       3

සනත් Sunday, 07 August 2022 08:23 AM

එතකොට මෙච්චර කාලයක් ගත්ත ඒවට මොකද කියන්නේ

:       3       4

Kandy Whip Sunday, 07 August 2022 08:31 AM

Good action. But as to how you attend to your electorate and national work? If you do that with your salary after spending money on fuel it will be negative balance. Are you getting any other payments from sponsors to off set these expenditures? If not please educate others too so that they can follow your actions.

:       1       2

Chaminda Sunday, 07 August 2022 09:37 AM

කවුරු උනත් කමක් නැහැ. කැපකිරීම් කරන්න අර්බුධය නැත්නම් තියෙයි හැමදාම. අපි අසරණ වෙලා වෙලදාම කරන්න අතේ මුදල් නෑ.

:       0       5

Roshan Sunday, 07 August 2022 11:02 AM

ඒ සල්ලිත් අරන් උන්ගේ පක්ෂ ගිණුමට බැර කරාවි.

:       2       4

hasantha Sunday, 07 August 2022 11:51 AM

ඇත්තටම රටෙහි ජනතාව මෙි ගැන හොඳින් ඇස් කන් නිවැරදි ව ඇර බැලියයුතු කාලයයි . අනිත් එවුන්ට ( ඇමතිවරුනට සහ මන්ත්‍රී වරැ ) රටෙහි ජනතාව ගැන කිසිම තැකිමක් නැහැ .මන්ත්‍රී ලගෙ බඩ ගෝස්තරේ පුරවා ගන්න තියනවා නම් ඇතයි සිතන කන්ඩායමක් ඉන්නෙ ..මෙවුන්නැහැලා ටික ට හොඳක් නම් වෙන්නෙ නැහැ .ඒකාන්තයෙන් ම මම කියන්නෙමි. අනේ ජනතාව දෙස බලන jvp මන්ත්‍රී තිදෙනා ට මගේ මෙන්ම අන් අය ගෙ උතුමි උපහාර ය.

:       4       6

Pradeep Monday, 08 August 2022 05:14 AM

අනේ මේ අයගේ බොරු ෂෝ. ඔයා ආදර්ශ දෙන්න ඉස්සෙල්ලා ජීවිතේ කිසිම දිනක රැකියාවක් හෝ විධිමත් ව්‍යාපාරයක් නොකර බිමල් රත්නායක නවීනතම සුඛෝපභෝගී BMW රථයක් ගැනීමට මුදල් උපයා ගත්තු විදියත්, විජිත හේරත් ජනාකීර්ණ බොරැල්ල මංසන්ධියේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට මුදල් උපයා ගත් හැටිත්, සුනිල් හඳුන්හෙට්ටි විශාල තේ වතු හිමියෙක් වූ හැටිත්, KD ලාල්කාන්ත තම දරුවන් විදේශ පුද්ගලික විශ්ව විද්‍යාල ඉගෙන ගැනීමට වියදම් කිරීමට තරම් ධනවතකු වූ හැටිත් පැහැදිලි කරන්න.

:       0       5

de silva Monday, 08 August 2022 07:56 AM

රටේ බදුමුදලින් දෙන තෙල් දීමනාව එපා කිව්වාම ඒකත් වැරැදියි කියන මෝඩ ඡන්ද දායකයෝ ඉන්න රටක් බංකොළොත් වෙන එක පුදුමයක්ද? කරුණාකර හොඳ දේ ධම්මික පෙරේරා කළත්, ජවිපය කළත් හොඳ ලෙස දකින්න පුරුදු වෙන්න, පක්ෂ, පාට කණ්ණාඩිවලින් බලන එක නතර කරන්න..

:       0       2

චන්ද්‍රසේකර Monday, 08 August 2022 04:21 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අය බලන්නේම ඔවුන්ට මොනවද ලබාගන්න හැකියි කියලා විතරයි. මේ රටම නැතිකරන ඔය කාලකන්නි එළවනතුරු හරියන්නේ නෑ. මේ අවුරුදු පහ ගෙවාගෙන කාර් පර්මිට එකයි, පැන්ෂන් එකයි ගන්නයි දැන් බලන්නේ... ඊට කලින් එලවමු. ජවිපෙ තුන්දෙනාට මගේ ප්‍රණාමය පුදනවා...!

:       1       1

Rasika Tuesday, 09 August 2022 07:09 AM

JVP එක තමයි කැබිනට් එකට සුදුසු මොකද ගන්න පඩියෙන් කන්නේ නැතිව ආණ්ඩුවේ ගමේ ඉස්කෝලයේ දරුවන්ට උගන්නන ගුරුවරුන් ස්ට්‍රයික් එකේ ගෙදරට වෙලා පැයට රු 1000/= ක් 2000/= සල්ලි ගෙවන්නට වෘත්තීය අයිතිය රකින ස්ටාලින්ලාට පුද්ගලික පන්තිවලට ගෙවන්න බැරිව ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල හීනයක්වූ රටකට වටින්නේ JVP එකයි අන්තරෙයි තමයි අන්තරේ 6% ක් නිදහස් අධ්‍යාපනය ඉල්ලලා පාරට Campus කොල්ලො පාරට බස්සලා තියන % ගානත් නැතිවෙද්දි රටේ Campus කොල්ලෝ කෙල්ලෝ පාරට නාකි වෙද්දී පඩිගන්නේ නැතිව දරුවන් රට යවලා උගන්නන හැටි දන්න අනුරයි ලාල්කාන්තයි මුදල් ඇමති අධ්‍යාපනය ඇමති කරන්න. මට ඕන එතකොට පඩි නැතිව රෝල් ගහල දරුවන්ට රට සම්පුස් උගන්නන හැටි රටට උගන්වාවි මිනිස්සු පඩි ඉල්ලල Strike කරන එකක් නැහැ පඩි ඕනෙත් නැහැ හදුන්නෙත්ති වශී ගුරුකම් දන්නවා තමන්ට ඕන බඩු මුට්ටු නොමිලේ JVP ලොක්කන්ට දෙන මිනිස්සු එයා දන්නවා. හදුන්නෙත්ති විදේශ ඇමති කරල ලෝක වටේ යැව්වා නම් ඒ වශී ගුරුකමෙන් අපිට ඇතිවෙන්න රට රටවල නායකයෝ වශී වෙලා රටට ආධාර ඩොලර් ගේනවා මට ෂුවර් 1996 චන්ද්‍රිකා ගෙනල්ලා 2005 මහින්ද ගෙනල්ලා 2015 රනිල් ගෙනල්ලා මේ විනාශයෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 8 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 286 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 390 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 931 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 851 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 699 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site