IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ජපන් ආපදා විශේෂඥයෝ ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත.

එම විශේෂඥ නියෝජිත පිරිස  හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය, රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු හලාවත ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවට අනුබද්ධ ආයතන  වෙත ගොස් කරුණූ සොයා බැලූ අතර අනතුරුව හලාවත පොලීසිය, නගර සභාව සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද හමු වී කරුණු සාකච්ඡා කර ඇත. 

ඉදිරි දින කිහිපයේ ද එම පිරිස මෙරට ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කරමින්  අවශ්‍යතා පිළිබඳව ජපානයට තොරතුරු, දත්ත සහ වාර්තා ලබාදීම සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම සංචාරයේ දී හලාවල රෝහල ආශ්‍රිතව සිදු වී ඇති  ආපදා තත්ත්වය පිළිබඳව මෙම කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වූ අතර, ඒ අනුව  සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර හලාවත පොදු ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් ඉතා කඩිනමින් බාහිර රෝගී ප්‍රතිකාර කඳවුරක් ස්ථාපිත කිරීමට ද මෙම පිරිසේ අවධානය යොමුව ඇත. 

එම විශේෂඥ කණ්ඩායමට එක්වීම සඳහා තවත් අතිරේක වෛද්‍ය වෘත්තිකයන් 27 දෙනකු ඇතුළු පිරිසක් හෙට (03) ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතය.

ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් වරින් වර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24 ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වෙත පැමිණ මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ආපදා තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් කරුණු සොයා බැලීමක ද නිරත වේ.



අදහස් (0)

ජපන් ආපදා විශේෂඥයෝ ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6080 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 271 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 313 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site