IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති කතාව ගැන ඩලස් අලුත් කතාවක් කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබේදැයි හැම දෙනාටම වඩා "එතුමාට" පුළුල් අවබෝධයක් තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (පොපෙ) පැවසීය.

ජනාධිපතිවරයාගේ කතාවේ භාෂාව,වචන ඉදිරිපත් කිරීම,අන්තර්ගතය පිළිබඳව කිසිම ගැටළුවක්  නැති නමුත් එම කතාව කියවා ගත යුත්තේ භාෂා අලංකෘත වලින් නොවේ යැයිද ඒ සඳහා වෙනම මිනුම් දණ්ඩක් තිබෙන බවද අලහප්පෙරුම මහතා කීය.

භාෂාවට එහා ගිය සමස්තය වෙනුවෙන් පෙනී සිටින ජනතාව සමඟ ඇත්ත බෙදාගන්නා නායකත්වයක අවශ්‍යතාවය මේ මොහොතේ පැන නැගී තිබෙන බව කී අලහප්පෙරුම මහතා   වචන වලින් ඔබ්බට ඇතුලේ අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ගත් ක්‍රියාමාර්ග කුමක්දැයි ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දා සිට  මාස තුනක කාලයේදී  පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ අර්බුද සහ පාර්ලිමේන්තුවේ දී එතුමාට උදව් පදව් කළ මන්ත්‍රීවරුන්ගේ අර්බුද විසඳන්නට කටයුතු කර තිබෙන නමුත්  ජනතාවගේ අර්බුදය විසඳන්න යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අයුරු  දුටුවේ නැතැයි ඩලස් අලහපෙරුම මහතා පැවසීය.



අදහස් (6)

ජනාධිපති කතාව ගැන ඩලස් අලුත් කතාවක් කියයි

SUNIL MILANO Wednesday, 10 August 2022 05:30 PM

මෙයා ජනාධිපති වුණානම් අරගලකරුවන් ටික ඉන්නේ මෙයාගේ ඔළුව උඩ

:       13       26

sharm warn Wednesday, 10 August 2022 05:32 PM

මේ කථාව කියන්නේ කටින්ද? එහෙම නැතිනම් ඊළඟ ඡන්දය එනකල්ද අපි බලමුකෝ 22 සම්මත කර ගන්න යද්දී අත ඉස්සෙන්නෙ මොන පැත්තටද කියලා. මොනව නැතත් ලංකාවේ පුරසාරම් පුරාජේරුවලින් නම් අඩුවක් නැහැ.

:       6       26

කිරි පුතා Wednesday, 10 August 2022 07:02 PM

දැන් ගිලෙන්න යන අපි නගින්න නැව් හොය හොයා ඉන්නෙ නැතිව ළඟ තියෙන පිදුරු ගහේ එල්ලිච්ච එකයි වුණේ. ඒ ගැන හිතලා කවුරුත් වැඩ කළොත් තමා හොඳ. හුස්මක් අරගෙන පස්සේ නැවක් හොයා ගමු.

:       8       18

podi mole Wednesday, 10 August 2022 08:05 PM

මගේ කුඩා මොලේට තේරෙන විදිහට නම් කතාව හොඳ වැඩිවෙන්න වැඩිවෙන්න ක්‍රියාව අන්ජබජල්... පහුගිය වතාවේ අපි ඒක හොඳටම දැක්කා...

:       0       0

රනේ Thursday, 11 August 2022 06:24 AM

යහපත් චේතනාවක් නැති නම්, ඔබ යන්නෙ කෙටිම කෙටි දුරක් රනිල් මහත්තයෝ.

:       0       0

සුරංග Thursday, 11 August 2022 06:26 AM

ලොක්කො තමුන්නැහැ ජනාධිපති වුනානම් කරන කතාව කියන්නකෝ.(තමුන්ට) බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 803 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 151 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 994 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1032 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1343 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1198 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site