(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයෝ අද (12) තීරණය කළහ.
එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ කතානායකවරයාට මෙහිදී ඉදිරිපත් කළහ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (12) පෙරවරුවේ රැස්විය.
මෙම රැස්වීම උණුසුම් වාද විවාද නිසා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වූ පසු එහි පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමටද මෙහිදී තීරණය කර ඇත.
කෙසේ වෙතත් මේ සාකච්ඡාවට හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ සහභාගී නොවූහ.
පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල ජීවන් තොන්ඩමන්, ගෙවිදු කුමාරතුංග,එම්.ඒ.සුමන්තිරන්, ජී.ජී පොන්නම්බලම් ,ඩිලාන් පෙරේරා,වීරසුමන වීරසිංහ,රවුෆ් හකීම්, අසංක නවරත්න ,මහින්ද අමරවීර,රංජිත් මද්දුම බංඩාර,මනෝ ගනේෂන්,අරවින්ද කුමාර්,අංගජන් රාමනාදන්,නසීර් අහමඩ්,රිෂාඩ් බදුර්දීන්,ගයන්න කරුණාතිලක,නිමල් සිරිපාලද සිල්වා,අනුර කුමාර දිසානායක,අලි සබ්රි රහීම්,ඒ.එල්.එම්.අතාවුල්ලා,එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.
අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට