IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති නිල පුටුවේ වාඩි වූ කතුන් දෙකක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල පුටුවේ අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 සහ 55 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනකු බව පොලීසිය පවසයි .

මෙම සැකකාරියන් දෙදෙනා මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල ආසනයේ වාඩිවී සිටින වී අයුරු ඡායාරූපවල සඳහන්ව ඇත.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ සැකකරුවන් සහ සැකකාරියන් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් ඉදිරි දිනක මාධ්‍ය වෙත නිකුත් කර මොවුන් හඳුනාගැනීම සඳහා මහජන සහය ඉල්ලා තිබුණි.

මාධ්‍යවල පළ වූ ඡායාරූප අනුව මෙම සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වෙළදසඳස දෙකක් පවත්වාගෙන යන කාන්තාවන් බව ද පොලිසිය පවසයි .

මොවුන් අද (11) අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාට සහ රජය විරෝධය දක්වමින් , ගාලුමුවදොර දී අරගලකරුවන් ආරම්භ කර තිබූ විරෝධතාවයට සහය දක්වමින් ඉකුත් ජුලි මස 9 වැනි දින දස දෙසින් කොළඹට පැමිණි පිරිස ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දින කිහිපය ම රැඳී සිටියහ.

ජනාධිපති ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ එහි දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත .



අදහස් (12)

ජනපති නිල පුටුවේ වාඩි වූ කතුන් දෙකක් අල්ලයි

mahesh Wednesday, 10 August 2022 08:27 PM

ඕවාට කියන්නේ පාට්. මෙච්චර අපරාධ වෙන රටේ ඕකද හොයන්න තියෙන්නේ....? අනික ඔය පුටුවේ වාඩි වුණා කියලා ඇලිලා නැහැනේ. මැයි 9 රාජපක්ෂලාගේ හයිය අරගෙන ගෝල්ෆේස් හිටපු අයට ගහපු ඊට පස්සේ චේන් කඩාපු, ගෙවල් පුච්චපු, මංකොල්ල කාපු, මිනීමරපු අය අල්ලන්න.

:       0       0

Willow Drive Wednesday, 10 August 2022 08:34 PM

මහා පරිමානයේ හොරු, කුඩුකාරයෝ, මිනීමරුවන්, සල්ලාලයන් ආදී මෙකී නොකී උන් එලියේ????

:       0       0

ලොකු අප්පු Thursday, 11 August 2022 04:01 AM

මේ වැඩ වලින් මේ රජය මිනිසුන්ගේ ක්‍රෝධයට ලක්වෙනවා.

:       0       1

Bamunuarachchi Thursday, 11 August 2022 07:00 AM

ශිව දේවාලයට යන දෙන්නෙක් වෙන්න ඇති. එතන ගිහිල්ලත් වාඩි වෙනවානේ.

:       0       2

BamunuarachchiFriday, 12 August 2022 06:21 PM

දරුවන් නැති අය ශිවදෙවාලෙට ගිහිල්ලා උඩින් වාඩිවෙනවා.පිරිමි ඒගොල්ලන්ව වාඩි කරවනවා.

:       0       0

චමින්ද Thursday, 11 August 2022 09:07 AM

කුඩා දරුවෙක් හැර වෙනත් කෙනෙක් නම් කිසිදාක එවැනි දේවල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදරදි වුණත් තමන්ගේ සැමියාගේ පුටුවේ බිරිඳ වාඩිවෙන්නේ නැහැ. මෙහෙම දේවල් කුඩා ළමයින් කරනවා. මම කලක් සේවය කල කාර්යාලයේ ප්‍රධානියා නොසිටි දවසක පාසල ඇරී මා හමුවට පැමිණි එක වසරේ සිටි මගේ පුතා කාර්යාලයට පැමිණි වහාම දුවගොස් ලොක්කාගේ පුටුවේ වාඩිවී කැරකෙනවා කීප දෙනෙක් දැකලා තිබුණා. කුඩා දරුවෙක් නිසා ඔවුන් කිසිවක් කියලා නැහැ.

:       4       0

L K Jayasinghe Thursday, 11 August 2022 10:50 AM

මේ පුටුවේ වටිනාකම, රජ සමයේ පටන් පැවති ඓතිහාසික බව, අපේ ශ්‍රී ලාංකිකත්වය, නොකිලිටි බව, කෙලින් තීරණ ගැනීමේ හැකියාව, මගපෙන්වන්නන්ට (ව්‍යවස්ථාවට අනුව) සවන්දීමේ කුසලතාවය, ආදී කරුණු කාරණා ගණනාවකගේ ක්‍රියාත්මක කිරීම් ඔය ආසනයේ සිටි හිටපු ජනපති විසින් ක්‍රියාත්මක කලේද යන්න ගැටළුවකි... සමාජයේ නොදියුණු එදා රජ සමයේ ඔවැනිම පුටුවක අසුන්ගත් රජු විසින් රජ අණ ලෙස කළ කී දේ ගැනත් මට ප්‍රහේළිකාවක්. එදා දොරටුව මුර කළ දොරටු පාලයාත් රාජ ආසනයේ වාඩිවී කළ කීදේත් රජ අණ වී තිබිණි. ඒත් අද... එදාමෙන් ඔවැනි අසුනකදී එපරිද්දෙන්ම ක්‍රියාත්මක කර සමස්ථ මානව වර්ගයාගේම අති උතුම් සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළේද?... කරන්නේද?...

:       0       0

fairoos Thursday, 11 August 2022 12:13 PM

ලංකාවම බංකලොත් කරලා නන්දසේන පැනලා ගියා. ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න හයිය නැහැ. මේ පුටුවෙ වාඩි වුණාට අත්අඩංගුවට ගන්නව.

:       2       3

sriyal Thursday, 11 August 2022 02:19 PM

කිසිම නීතිමය පියවරක් ගන්න බෑ වරද පිලිගත්තේ නැතිනම්

:       0       1

BamunuarachchiThursday, 11 August 2022 04:19 PM

වරද පිළිගත්තේ නැතිනම් තමයි මොවුනට විරුද්දව නඩුව විභාග වෙන්නේ.

:       2       1

K. Ranaweera Thursday, 11 August 2022 02:39 PM

No punishment for sitting on the speaker's chair and putting water on it.

:       0       1

මරිසිපාල Thursday, 11 August 2022 07:32 PM

රජ පුටුවේ වාඩිවුණේ ආශාවට වෙන්න ඇති ඒක. ඔවුන්ගේ කැමැත්ත නේ. ඔවුන් මුල්ලේරියාවෙ රෝහලට යවලා වෛද්‍ය පරීක්ෂණයක් කරල ප්‍රතිඵලයක් නොදී ගෙදර යවන්න ඒ ඇති

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 614 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2014 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1480 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 835 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2047 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 100 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site