(ඩයනා උදයංගනී)
චීනයේ ‘චයිනා ඩේලි’ පුවත්පතෙහි අනුග්‍රහයෙන් පැවති “මගේ විශ්ව විද්‍යාල කතන්දරය” නැමති ජාත්‍යන්තර තරගයේ පළමු ස්ථානය හිමිකරගැනීමට චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන සුගත් රත්නායක මහතා සමත්ව ඇත.
රටවල් සහ කලාප 115ක සිසුන්ගෙන් ලද ලිඛිත කෘති 1,078ක්, කෙටි වීඩියෝ 396ක් ඇතුළු ඉදිරිපත් කිරිම් 1,474 ක් අතුරින් ඔහුට මෙම ජයග්‍රහණය හිමිව තිබේ.
ඉංග්‍රීසි සහ චීන යන භාෂා ද්විත්වයෙන් පැවති මෙම තරඟය චීනයේ දැනට ඉගෙනුම ලබන හෝ ඉගෙනගත් ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි.
මේ සඳහා නිර්මාණ භාරගැනීම රචනා, ඡායාරූප හා වීඩියෝ යන කාණ්ඩ තුනක් යටතේ පසුගිය අප්‍රේල් මාසයේ දී සිදුකෙරිණි.
“මගේ චීන විශ්ව විද්‍යාල ගමන විදේශීය ගුරුවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන්” යන තේමාව යටතේ සුගත් රත්නායක මහතා සිය නිර්මාණය ඉදිරිපත් කර තිබිණ.
චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන රත්නායක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියෙහි සිංහල සේවයේ හිටපු උපදේශකවරයෙකි.
චයිනා ඩේලි පුවත්පතේ සහ චීන බැංකුවේ ( Bank of China) අනුග්‍රහයෙන් 2021 වසරේදී පැවැත්වූ “ China and me five years from now” ජාත්‍යන්තර රචනා තරගයෙන් ද ඔහු දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඊට අමතරව චීනයේ යුන්නාන් පළාතේ මහජන රජයේ තොරතුරු කාර්යාලය, විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහාවූ යුන්නාන් පළාත් ජනතා සංගමය සහ යුන්නාන් මුල්‍ය හා ආර්ථික විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කළ කෙටි වීඩියෝ සහ රචනා තරගයකින් ද ඔහු විශිෂ්ටතා සම්මානයක් හිමිකරගෙන ඇත.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන තරඟය ජයගත් ලාංකික කථිකාචාර්යවරයා
Dilruk Tuesday, 06 December 2022 01:56 PM
Congratulations! We're so very proud of you!