(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අවසර දුන් බව ටනී සංග්‍රාත් මහතා පෙන්වා දුන්නේය.
ඒ අනූව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට දිනයෙන් පසුව කැමති දිනක තායිලන්තයට පැමිණීමට හැකියාව තිබෙන බව ටනී සංග්‍රාත් මහතා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් තාවකාලික සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණීමට නියමිත බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීමෙන් තම රටට ශ්‍රී ලංකාව සමඟ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.
තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද විරෝධය දැක්වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා නැතැයි ප්‍රමුද්විනායි මහතා පැවසුවේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි
Chamara Wednesday, 10 August 2022 09:25 PM
මෙයා මේ ලෝකෙ වටේ රවුම් ගහන්නෙ තවම අපේ සල්ලි වලින් නේද? ඔහොම රවුම් ගහල අන්තිමට ලංකාවට ඇවිත් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවටත් රිංග ගනීවි.
Lalith M Wednesday, 10 August 2022 09:45 PM
නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.... බොරුවෙන් ජනපති කම ගත්තා. කිසිම දෙයකට හැකියාවක් නෑ. කරපු දේකුත් නෑ. අවසානයේ පලාගියා. මෙවැනි බියසුල්ලෙක් නැවත මේ රටට ආ යුතුද? කුමටද...
Prabha Wednesday, 10 August 2022 10:42 PM
හොරැ කියපු පවුලේ අනිත් සෑම දෙනාම ලංකාවේ නම් ගෝඨා විතරක් ඇයි නැවත එන්නේ නැත්තේ.
සිරිබිරිස් Wednesday, 10 August 2022 11:14 PM
මමත් හරිම කැමැති තැනක් තමයි තායිලන්තයේ බැංකොක් වලට .
chandima Thursday, 11 August 2022 12:25 AM
රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් යනවා කියන්නේ මේ අපේ සල්ලි වලින්ද සංචාරයේ යන්නේ?
මැක්ස් Thursday, 11 August 2022 06:50 AM
ථේරවාද බෞද්ධ රටක් වශයෙන් ඔවුන් තවත් බෞද්ධ රටක, වෙසෙසින්ම වැඩි බෞද්ධ ජන මනාපයකින් බලයට පත්, එහෙත් එහෙත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට හසු වූ නායකයකුට පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම අගය කළ යුතුය.
පිටිගල මිලානෝ Thursday, 11 August 2022 09:25 AM
සෞදි රට මේ වගේ ලෝකෙටම එපාවුණු රාජ්‍ය නායකයින්ට රැකවරණය දෙනවා.
fairoos Thursday, 11 August 2022 12:21 PM
රනිල් කළගුණ සලකනව වෙන්නැති.
රටවැසියෙක් Thursday, 11 August 2022 12:56 PM
ඔබතුමා ලංකාවට එන්න. ඔබතුමා රටට අවශ්‍ය නායකයෙක්. ඔබතුමාගේ කාරුණික බව මේ කට්ටිය හිතුවේ නිවට කමක් කියලා. වීරයෝ වගේ රැඟුවා. ප්‍රබාකරන්ට බැරිඋන දේ මේ මෝඩ රැල අරගලය මැද්දට පැනල කෙරුවා කට්ටියට දැන් හොඳයි නේ. සැපයි.