(අංජුල මහික වීරරත්න)

 ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීම සහ ඊට අදාල ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර හයක් ලබන මාසයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

කොල්පොස්කොපි යන්ත්‍ර12ක් මේ වන විටත් රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට එක් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60  ක් වන අතර මේ සදහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින්  වැයකර  ඇත.

 අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, ලැබීම රෝහල මාතර, මොණරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන  රෝහල් වල දැනටමත්  එම යන්ත්‍ර ස්ථාපිත අතර ජුනි මාසය වනවිට අනෙක් කොල්පොස්කොපි යන්ත්‍ර 6 අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල් වල ස්ථාපිත කිරීමට   සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේවන විට සැලසුම්කර ඇත.  එම යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන්කර ඇත.