IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ

(නිමල කොඩිතුවක්කු)

රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එයට  සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් ගුවන් යානා තෙල්,100% නැක්ටා අවශතාවද, ඩීසල් 30%ක්, පෙට්‍රල් 14%ක්, ගෑස් 8%ක්, දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි බවත් ඔහු සදහන් කළේය.

අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසූ විපක්ෂනායකවරයා රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන කුණු කොල්ලයට විකුනන්නෙ නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවත් සදහන් කළේය.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.   



අදහස් (10)

ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ

Lalith M Wednesday, 29 June 2022 05:12 PM

ඕවා පරණ යකඩ... වෘත්තීය සමිතිවල ග්‍රහණයට යටවූ පාඩු ලබන පුද්ගලික අංශයේ බදුවලින් යැපෙන සුදුඅලි... පෞද්ගලික අංශයට බාරදෙන්න. රටට බරක් නැතිව සේවය ලැබෙනවා. පින්පඩිකාර නිකමුන් වාෂ්ප වෙලා යයි.

:       1       40

chandima Wednesday, 29 June 2022 06:01 PM

අන්න හරි.. ඔය බෝඩ් එකවත් අල්ලගෙන පාරටවෙලා ඉන්න. කිය කිය හරි දාලා යයි.

:       1       25

Mr Don Wednesday, 29 June 2022 08:04 PM

කට විතරයි... පණ නැති විපක්ෂයක්...!

:       0       0

ජයලත් Thursday, 30 June 2022 06:10 AM

ඔය මගුල තිබුණා කියලා මොකටද?

:       0       0

ananda Thursday, 30 June 2022 07:02 AM

මේවා දැන් ඇත්තේ වෘත්තීය සමිතිකාරයින්ගේ ග්‍රහණයේ.! සේවකයින් වැටුප් ලබන සේවකයින් පමණක් බව ඔවුන්ට අමතක වී තිබෙනවා. තීරණ ගන්නේ රජයයි. සේවකයින්ට ඇත්තේ වැඩ කිරීමට පමණි. මුළු රටටම ඛනිජ තෙල් සැපයුමක් ලබා දියහැකි කටාර් සමාගමට මෙය ලබා දෙනවා නම් හොඳයි. රජයට ඇත්තේ බදු මුදලින් රාජ්‍ය ආදායම් තරකර ගැනීමටයි.

:       0       0

Saththaya Thursday, 30 June 2022 08:33 AM

දැන් බොරු සෝබන දාලා වැඩක් නැහැ. මෙච්චර හරියක් රටට වෙනකල් කොහෙද හිටියේ? දක්ෂයෙක් නම් මොනවා හරි වෙද්දීම දැන ගන්න ඕනෑ. වෙන්න ඉස්සෙල්ලා නතර වෙන්න ඕනෑ. ඒකයි මේ අලුත් මතය, 225 එපා ඔයත් සමග... පුස්සෝ, දුෂිතයෝ දැන් එනවා බොරුවට බලය ලබා ගන්න...

:       0       0

Bamunuarachchi Thursday, 30 June 2022 08:45 AM

ඔව් ඔව් විකුණන්න දෙන්න එපා. අනුරට කලින් ඔබ ඕක දැනගත්තේ කොහොමද?

:       0       0

kuma Thursday, 30 June 2022 09:56 AM

ලංකාවේ වෘත්තීය සමිති සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. ඔවුන් ඉන්නකන් ආයතන බංකොළොත් කුමා...!

:       0       0

Bravo Thursday, 30 June 2022 10:42 AM

මට මේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ.

:       0       0

John Darrell Thursday, 30 June 2022 11:33 AM

ඛනිජ තෙල් පිරිපහදුව අපට නඩත්තු කළ නොහැකි නම්, එය විකුණනවා නම් අවුලක් නැත. එය මිලදී ගන්නා අයෙකුවත් එය නිසියාකාරව අඑත්වැඩියා කරලා අපට අවශ්‍ය තෙල්ටික ලබාදෙනවා.. නම් වෙන මොනවද විපක්ෂ නායකතුමනි, ඔබ හැමදේටම විරුද්ධ වෙලා වැඩක් නැහැ. මේ අවස්ථාවේදී රට වැටිලා ඉන්න මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න රජයට සහ එය නංවලා ජනතාව ඔබට ආකර්ශන වෙන විදියට වැඩ කරන්න හොඳම අවස්ථාව බව මතක තියාගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1047 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1062 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 601 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1582 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 80 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2667 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site