IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


කුණාටුවෙන් මිය ගිය ගණන 400 ඉක්මවයි

(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව  400 ඉක්මවා ගොස් තිබේ

ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් මරණ 410ක් සිදුවී  336 ක් අතුරුදන් වී  ඇතැයි  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් හාරලක්ෂ හත්දහස් පන්සීය අනූහතරකට අයත් පුද්ගළයින් දාහතරලක්ෂ හැටහයදහස් හයසීය පහලවක්   පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 88 ක් මියගොස් තවත් 150 ක් අතුරුදන් වී සිටිති.

මෙයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75 ක් මියගොස් 62 ක් අතුරුදන්ව ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ 83 ක් මියගොස් 28 ක් අතුරුදන් වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 52ක් මියගොස් 27 ක් අතුරුදන්ව ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ 27 ක් මියගොස් පුද්ගලයින් 8 ක් අතුරුදන් වී තිබේ.

එමෙන්ම ආපදා තත්වයෙන් මාතලේ පුද්ගලයින් 24ක්” කෑගල්ලේ පුද්ගලයින් 22 ක්, ගම්පහ පුද්ගලයින් 11 ක් සහ කොලඹින් පුද්ගලයින් 3 ක් මියගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

පවතින අධි ගං වතුර තත්වය හේතුවෙන් කැළණි ගගේ සහ මහවැලි ගගේ අවධානම මට්ටම තවදුරටත් පවතින බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

නාගලගම්  මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 8.5 සිට  මීටර් 6.7 ක් දක්වා පහළ බැස ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කැලණි  ගගේ පහත්බිමිවල ජල මට්ටම පහල ගියත් තවදුරටත් කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

පහත්බිමිවල ගංවතුර තත්වය තවදුරටත් පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම මධ්‍යස්තානය සඳහන් කරයි.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 565 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 20271ක් අර්ධ හානි සිදුව තිබේ.

පවතින ආපදා තත්වයෙන් පවුල්  64483 කට අයත් පුද්ගළයින් 233,015  ආරක්ෂිත ස්ථාන 1441ක රඳවා ඇතැයිද කොඩිප්පිලි මහතා  සඳහන් කළේය.

මෙයට අමතරව ඥාති නිවාසවල තවත් පුවුල් සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් රැඳී සිටිති.

අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්,  ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.

ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදාන සහ අතුරු මාර්ග 108 කට පමණ තවදුරටත් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

මාර්ගවල පස් කදු ඉවත් කිරීම, පිලිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් බදුල්ල, මහනුවර,  ගම්පහ, මන්නාරම, අම්පාර, නුවරඑළිය, කුරුණැගල, පොලොන්නරුව, කලුතර, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට  සිදුව තිබේ.

ආපදා සම්බන්ධයෙන් පවතින තොරතුරු 117 යන කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.



අදහස් (0)

කුණාටුවෙන් මිය ගිය ගණන 400 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6080 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 271 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 313 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site