(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසර 23ක කාලයක සිට විවිධ තරාතිරම් ස්වරෑප ඔස්සේ පෙනී සිටිමින් රුපියල් මිලියන 1000 ක පමණ වාහන සොරා ගැනීම්, මුදල් වංචා කිරීම් ඇතුළු අපරාධ රැසක් සිදුකර පොලිසි රැසකට කට්ටි පනිමින් , නම් දහයකින් පෙනී සිටිමින් භාෂා 7 ක් හැසිරීමේ ප්‍රවීණතාවයක් තිබෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හැඳ සිටි කලිසමේ සූක්ෂම ලෙස සැකසූ කොටසක සඟවා තිබූ අත්විලංගු යතුරක් තිබී පොලිස් බාරයට ගෙන තිබිණි.
ඊට අමතරව එම සැකකරු වංචාවන් සඳහා යොදාගත් ව්‍යාජ ලෙස සකස් කරන ලද , මුස්ලිම් සහ සිංහල නම් වලින් සාදන ලද ජාතික හැඳුනුම්පත් 10 කට ආසන්න ප්‍රමාණයක්, ව්‍යාජ ලෙස සැකසූ රබර් සීල් මුද්‍රා 32 ක්, ජංගම දුරකථන 22 ක් ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන අංක තහඩු 09 ක් පුද්ගලික දුරකථන සමාගම් දෙකකට අයත් රවුටර් 03 ක් , ව්‍යාජ ලෙස සකස් කරන ලද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික 02 ක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් වාහනයක් ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන ලද නිල ආකෘති පත්‍රයේ පිටපත් දෙකක් හා සි පි යු යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
2010 වසරේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් නිලධාරීන් විසින් වාහන වංචාවකට අත්අඩංගුවට ගෙන රැඳයුම් නියෝග මත බොරැල්ල පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටියදී සූක්ෂම ලෙස බොරැල්ල පොලිසියේ විදුලිය විසන්ධිකර ද මෙම සැකකරු පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන්කරයි.
ඊට අමතරව 2018 වසරේදී ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී එයින් ද පලා ගොස් අනතුරුව ව්‍යාජ ලෙස හැඳුනුම්පත් සාදාගෙන විවිධ වෙස්ගෙන සුපුරුදු අපරාධවල නියැළී ඇතැයි පොලිසිය කියයි.
බිරින්දෑවරු තිදෙනකුගේ පහස ලබමින් කොළඹ ගම්පහ කුරුණෑගල ප්‍රදේශවල සුපිරි ජීවිතයක් ගත කර තිබෙන මෙම සැකකරු කැසිනෝ ක්‍රීඩාවටද ඇබ්බැහි වූවකු බව පොලිසියය කියයි.
කොළඹ මහනුවර පානදුර මැදගම ගල්කිස්ස ගම්පහ රඹුක්කන හා කුරුණෑගල පොලිස් වසම් වල 2003 වර්ෂයේ සිට රැඳී සිටිමින් අපරාධ රැසක් සිදු කරමින් පොලිසිය මගහරිමින් සිටි මෙම සැකකරු එම පොලිසිවලට අවශ්‍ය පුද්ගලයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත
ස්ථිර පදිංචියක්ද නොමැති සැකකරු විටෙක වෛද්‍යවරයෙක් ලෙසද විටෙක නීතිඥවරයෙකු ලෙසද තවත් අවස්ථාවක ව්‍යාපාරිකයෙකුට ලෙස මෙන්ම විවිධ වෙස් වලා ගැනීමේ ප්‍රවීණයකු බව පොලිසිය සඳහන් කරයි
ඒ හේතුවෙන් මෙම සැකකරුට ඕනෑම සමාජ තරාතිරමක් තුළ සැඟවී සිටීමේ පහසුවක් වී ඇතැයිද ඔහු ගමන් බිමන් යාම සඳහා භාවිතා කරනු ලබන වාහනවල ඉදිරිපස වීදුරුවේ ව්‍යාජ ලෙස සැකසූ වෛද්‍ය, නීතිඥ වෘත්තිය ඇතුළු රජයේ උසස් නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කර ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත
49 හැවිරිදි සැකකරු පැය 72රඳවාගෙන ප්‍රශ්න කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන ඒකක පහ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රසාංජන, පොලිස් පරීක්ෂක බණ්ඩාර මහත්වරුන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
285
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කුට ලෙස විවිධ මුහුණු ගනිමින් සොරා කෑ පුද්ගලයෙක් අල්ලයි