IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කිව්.ආර්. කේතයට පමණක් ඉන්ධන දීම ගැටලුවක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති.

මානුෂික හේතුන් මත කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදීමට සිදුවන අවස්ථාව ද ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියන් රෝහල්ගත වීමට වාහනයට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට නොදීසිටීමට නොහැකි බව ද සඳහන් කළේය.



අදහස් (24)

කිව්.ආර්. කේතයට පමණක් ඉන්ධන දීම ගැටලුවක්

කමල් Thursday, 11 August 2022 03:00 PM

රාජයේ ආයතනවලටත් සතියකට ලිටර් 20 හොදටම ඇති. සුදු අලියන් නඩත්තු කරන එක රටට බරක්. පුලුවන් තරමි මෙිවා පුද්ගලික අංශයට දිය යුතුයි.

:       2       34

සුරංග Thursday, 11 August 2022 07:03 PM

එහෙම කොහොමද රජයේ ලොකු ලොක්කො මාසෙකට රජයට දාහක් හමාරක් දීලා නිල රථයක් පුද්ගලික පාවිච්චියට ගන්නවා ඒකෙන් ගෙදර වැඩ ඔක්කොම, දරුවො පාසැලට යැවීමට නෝනට සාප්පු යන්න මහත්තයාට ව්‍යාපාරික වැඩට යන්න ලීටර් විස්සක් හොඳටම මදි. නිල රථයක් ලැබෙන්නේ ලක්ෂ සියයක් තරමින් වටිනා වාහන බලපත්‍රය ගැනීමට අමතරව තමා. තමන්ගෙ වාහනය වුත් රජයේ සේවය සදහා පාවිච්චියට ගත්තොත් ඒකට ගාස්තු ලැබෙනවා. කුලියට වාහනයක් ගන්න අනුමැතිය අරගෙන වෙනත් කෙනකු නමින් සංචිත වාහනයක් රාජකාරි සදහා යොදාගන්නා තවත් පිරිසක් ඉන්නවා .අපි අරගල කරන්න ඕන අන්න එවැනි නාස්ති නතර කරන්න

:       2       23

කිරි පුතා Thursday, 11 August 2022 03:09 PM

එව්වා මානසික හේතු නෙවෙයි වෙන හොර වැඩ. QR ක්‍රමය ඉතා සාර්ථකයි.

:       4       36

D.P.P Prasad Thursday, 11 August 2022 03:16 PM

QR කේතය හඳුන්වා දීමෙන් අනතුරුව මෙතෙක් නිරීක්ෂණය වු දිගු පෝලිම් යම් ආකාරයකට අඩුවි තිබේ. එහෙත් රාජ්‍යය වාහන සඳහාද යම් ක්‍රමවේදයක් ඉක්මනින් හඳුන්වා නොදුන්නොත් ඉන්ධන පිරවුම් හල්වලට ලැබෙන ඉන්ධන ප්‍ර්‍රමාණයට සරිලන සේ ඉන්ධන නිකුත් කළ ආකාරය හා ඊට ඉන්ධන ගිණුම් පිළිබඳව නිසි විස්තරයක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට නොහැකිවීම තුළින් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන යම් ආකාරයකට ප්‍ර්‍රමාදවිම පමණක් නොව ඉන්ධන නොලැබීම නිසා නැවත පෝලිම් වැඩිවී නොසන්සුන්කාරී තත්වයත්ද ඇතිවේ.

:       1       15

ප්‍රදීප් Thursday, 11 August 2022 07:21 PM

මෙම අදහස ඉතාමත් නිවැරදියි මොකද රජයේ සේවකයින් අතර කථාවක් තියෙනවා රජයේ සේවයේ රියදුරෝ පඩි පහක් ගන්නවා කියලා .එකක් වැටුප් ,දෙවැන්න අතිකාල ,තෙවැන්න ඉන්ධන ගැසීම හතරවැන්න සේවා කිරීම පස්වැන්න අමතර කොටස් මිලට ගැනීම.එනිසා රජයේ වාහන සදහා (රෝහල් හැර) QR . කේතය ලබාදීම නොපමාව කල යුතුය .

:       1       20

Prase Thursday, 11 August 2022 04:19 PM

ඉන්ධන පිරවුම්වල සේවකයෝ උන්ගේ නෑදෑයන්ට හිතවතුන්ට තෙල් ගැසීමක් සිද්ද වෙනවා. QR ක්‍රමයට බැහැරව.

:       0       32

චිරන්ත Thursday, 11 August 2022 04:47 PM

මෙහෙම වංචා කලොත් ලෙඩක් ගෙනයන්න කියලා පෙරදින ඉන්ධන ගත්තු අයෙකුට පසුදින නැවතත් ඉන්ධන ගන්න පුළුවන් වේවි එහෙම කලොත් නැවතත් පෝලිම් යුගයක් ඇතිවේවි එනිසා QR ක්‍රමය වෙනසක් නොකරන්න ඉන්ධන පිරවුම් හල් කරන්නෙ මගඩියක් වෙන්න පුළුවන්.

:       0       29

QR Code... Thursday, 11 August 2022 04:59 PM

දැන් මඟුල් කපුවලගෙ කේන්දර ගැලපීමට පමණක්ම කසාද කරලා දෙන එක ගැටලුවක් නිසා අම්මලා රුධිර කිව්.ආර්. කේතයද සොයා බලන බව ඔබලා දන්නවද..??

:       6       5

Amara Thursday, 11 August 2022 05:21 PM

හා හා ඒහෙමයි කියල බවුසරේ පිටින් දෙන්න විදියක් නෑනේ

:       0       20

podimalli Thursday, 11 August 2022 06:44 PM

QR. එකෙන් පස්සෙද මානුෂික හේතූන් මතක් වුණේ

:       0       18

Sumudu Thursday, 11 August 2022 06:52 PM

QR code ක්‍රමය සාර්ථකයි. දැන් පෝලිම් අඩුයි. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හොරාට දෙන්න බැරි නිසයි ඔහොම කියන්නේ. මේ ක්‍රමය දිගටම කරන් යමු. දුර ගමනක් යන්න තෙල් මදි උනත් අත්‍යවශ්‍ය දේ කරගැනීමට ඇති. පොදු ප්‍රවාහනයටත් හුරු වෙමු. දුෂ්කර ප්‍රදේශවලට ලංගම බස් දැම්මනම් හොඳයි.

:       1       28

pakeer Thursday, 11 August 2022 07:32 PM

ඕක තබා වෙලා තියෙන්නෙ, ගසා කන්නයි, හොර වැඩවලටයි පුරුදු වුණාම ලේසි නැහැ යහමගට එන්න. අඩු ගාණේ මෙතැනින්වත් පටන්ගමු. මේ හොර මගඩි, වැඩ නවත්තලා පුනරුත්ථාපනය වෙලා යහමගට එන්න. බලශක්ති ඇමැතිතුමා ගත්තු එඩිතර තීරණයට සහ එයාට සම්මාදම් වූ සැමට මගේ ප්‍රණාමය.

:       1       16

de silva Thursday, 11 August 2022 07:47 PM

QR කෝඩ් එක සාර්ථකයි. රජයේ වාහනවලට ලීටර් 20 සෑහෙනවා. හොර ජාවාරම් මැඬලන්න නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. QR තිබුණත් පොම්පකරුට 1000 දුන්නාම ෆුල් ටෑන්ක් ගහන අවස්ථා තිබෙනවා.

:       1       14

Lalith M Thursday, 11 August 2022 09:05 PM

මොනව කලත් රාජ්‍ය සේවය රටට බරක් කියල හැම දේකින්ම පේනව. සුදු අලි...... විදුලිය ජලය වැනි සේවා නඩත්තු කටයුතුවල යෙදෙන සහ වෛද්‍ය පොලිසිය වැනි අත්‍යවශ්‍ය සේවාවල සේවා වාහන හැර අන් සියල්ල ලීටර 20 සීමාව යටතට ගන්න.

:       0       2

Saman Thursday, 11 August 2022 09:10 PM

කවුරු මොනවා කිව්වත් මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. නිකරුනේ තෙල් නාස්තියත් බොහෝ දුරට අඩු වෙනවා.ලංගමයට දුම්රියට ආදායම් වැඩි වෙනවා. වාහන තදබදය අවම වෙනවා. ත්‍රී රෝද රථ උවදුරෙන් සමාජය ගැලවෙනවා.

:       1       13

ගාමිනි ඉහලගේ Friday, 12 August 2022 11:01 PM

1948න් පසු විශේෂයෙන් සුදු අධිරාජ්‍යවාදී මිනිසුන් හොඳ වැඩි නිසා සහ ඒ මිනිස්සුන්වත් අන්දවා සිංහල කියනා අපේ එදා ඉඳන් හොරුම තමයි පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ මේ රටේ නීතියට වැඩ කරපු බ්‍රිතාන්‍යයටම භාර දුන්නොත් රටේ සෑම මිනිසෙකුටම පොදුව වැඩ කරයි පාරක් පාරක් ගානේ බේබද්දෝ බඩු වැද්දෝ හොරු වැද්දෝ නිරි වැද්දෝ රස්තියාදු කාරයෝ කම්මැලියෝ අසාධාරණෙන් ජීවත්වන රනිල් රාජපක්ෂලාත් නැතිවෙනවා එතකොට අපි යටත් වන්නේ නියම රජයකටයි හොරු නැත

:       0       0

කුමාරි බ‌ණ්ඩාර Friday, 12 August 2022 05:34 AM

පසුගිය සතියේ QR Code එකට අනුව මගේ වාහනයට පෙට්‍රල් ලීටර් 20ක් ලබා ගතිමි. මෙම සතියේ පසුගිය දිනක නැවත පෙට්‍රල් ලබාගැනීමේදී ලීටර් 15 පමණක් ලබා ගත හැකි වූයේ වාහනයේ ටැංකිය පිරුණු නිසාය. ඉතුරු ප්‍රමාණය මේ සතිය තුළම ල‌බා ගත හැකි බව පොම්පකරු පැවසුවත් පසුව මගේ දුරකථනය විමසීමේ දී ඒ අවස්ථාවේ මම ලීටර 20ත් ලබා ඇති බව සදහන්වී ඇත. ඒ පිළිබදව 1919‌ට පැවසීමේදී උපදෙස් ලබාදුන්නේ මම පෙට්‍රල් ලබාගත් ඉන්ධනහල ලබා ගත් දිනය හා වේලාව සදහන් කරමින් අදාළ පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙසයි. එහෙත් මම එසේ සිදු නොකළේ මගේ කාලය පෙට්‍රල් ලීටර් 5 කට වඩා වටිනා බැවින්ය. මෙය කාගෙත් දැනගැනීම සදහා පමණි-කුමාරි

:       0       5

සුරංග Friday, 12 August 2022 10:01 AM

ඉන්ධන බිල්පතක් දුන්නෙ නැද්ද කියලා පොලිසිය අහයි. පිරවුම්හලෙන් බිල් දීම අනිවාර්ය කරන්න.

:       0       3

Msae Friday, 12 August 2022 07:09 AM

ත්‍රීරෝද රථ හිමියන්ට ඉන්ධන ලීටර් 05ක් ලබා දීමෙන් ඔවුන්ට ගේදොර වැඩ කටයුතු සමග ලීසිං ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇත.

:       4       0

manjula Rathnayaka Friday, 12 August 2022 07:19 AM

හොඳ විනයක් නොමැති මිනිසුන් සිටින රටකට මෙම ක්‍රමය හොඳයි. හොරා කාලා පුරුදු වුනාම අත් හරින්න හරිම අමාරුයි.

:       1       13

JayasekaraFriday, 12 August 2022 11:15 PM

සතියට ලීටර් 05ක් නොවෙයි හරියට ත්‍රීවීල් හයර් කරන ඩ්‍රයිවර්ලට දවසකට මදි.

:       0       0

Nisa Friday, 12 August 2022 03:27 PM

QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12ක් විතර හිටියා. පෝලිම් දිග අඩු නැහැ. දෙවතාවේම පෝලිම්වලින් භාගයකටවත් තෙල් ලැබුණේ නැහැ. කිව් ආර් එකත් එක්ක නම්බර් තහඩුවේ අවසාන අංක එකක් සලකා, දින 10කට වරක් තෙල් ලීටර 10/15ක් දිය යුතුයි. නැතිනම් එකවරක මාසයකට ඇති වෙන්න තෙල් දියයුතුයි. මිනිස්සු තෙල් හොයන්න ගිහින්ම එක දවසට ලීටර ලක්ෂ ගාණක් නිකන් පුච්චනවා. තව අමතර කෑමබීම වලට වියදම් කරගන්නවා. දුප්පතාට දීමනා ලැබෙන්නේ නැහැ.. මහ අයටයි සියලු දීමනා ලැබෙන්නේ. පෝලිමක දිගක් අඩුකරගන්න බැරි අය කොහොමද රටක් පාලනය කරන්නේ..? ඒ වගේම පොඩි බූලිවලට හෝ දිය යුතුයි. එවිට ෂෙඩ්වලට හොර කරන්න බැහැ. දිනකට මිනිස් පැය ලක්ෂ ගණන් පාරේ අහක යනවා. ගිනි අව්වේ වේලෙනවා.. ඇයි මෙහෙම වදදෙන්නේ? අනෙක ලීටරේට විශාල මුදලක් දීලයි තෙල් ගන්නේ... තෙල් දිය හැකි වාහන ගණන ගැනලා පෝලිමේ කෙළවරේ පොලිසියේ කෙනෙකු තබා පෝලිමට එන අනෙක් වාහන ඉවත් කරන්න පුළුවන්.. එවිට නිකරුනේ මිනිස්සු දින ගණන් පෝලිමේ කාලය නාස්ති කරන්නේ නැහැ.

:       0       0

R. සේනාරත්න Friday, 12 August 2022 05:28 PM

QR කේතයට පෙර මිනිසුන්ටවූ අපහසුතාවය දැනට වඩා දහස් ගණනින් වැඩිය. එම දිනවල පෝලිම්වල සිදුවූ මරණ කොපමණද?එම නිසා බොරුවට මානුෂීය මුහුණුවරක් ගෙන මෙම QR කේතය කඩාකප්පල් කිරීමට ඉඩ ලබා නොදෙමු!

:       0       1

de silva Saturday, 13 August 2022 09:27 PM

කිසිම ගැටළුවක් නෑ. QR එක නිසා පැය භාගයක් පෝලිමේ ඉඳලා සතියකට ලීටර 20ක් ගහගන්න පුළුවන්... ඉස්සර දවස් 4-5 පෝලිමේ ඉඳලා යන්නේ හිස් අතින්. හැමෝගේම ගැටළු විසඳන්න එක පාරටම බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 12 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 190 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 79 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 96 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 267 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2709 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site