(විනීතා එම් ගමගේ)
කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත.
මෙම ස්ථාන 1700 ම පිහිටියේ කැලණි ගෙඟ් අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා වූ ප්‍රදේශයේ දී පමණක් බව එම අධ්‍යයනයේ දී හෙලි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙරට පිහිටි ගංගා 103 න් දූෂිතම ගංගාව සේ සැළැකෙන කැලණි ගඟට අපද්‍රව්‍ය දමන මෙම ස්ථානවලින් අති බහුතරය සීතාවක ආයෝජන කලාපයේ කම්හල් බව ද ඔහු සඳහන් කළේය.
මෙසේ අපද්‍රව්‍ය එක් කිරීම මහා පරිමාණයෙන් සිදුවන බවත් ඒ පිිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු යැයි තීරණය කළ බවත් කී අමාත්‍යවරයා නාවික හමුදාව සමග තමන්ම ගඟ ඔස්සේ ඉහළට ගොස් ඒ පිළිබ`දව දැක බලා ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
මධ්‍යම පරිසර අධිකාරිය කළ මෙම අධ්‍යයනය මෙරට ගංගා 103 සම්බන්ධවම කළ බවත් ගංගාවන්ට අපද්‍රව්‍ය දමන ස්ථාන 11000 එම අධ්‍යයනයේ දී සොයා ගත් බව ද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් කැලණි ගඟ පිිරිසිදු කිරීමට විශේෂ ස්ථානයක් ලබා දී අනෙක් සියලූ ගංගාවන් ද පිරිසිදු කරන්නට පියවර ගන්නා බවත් ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000 ක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන
යෝගා Sunday, 28 November 2021 04:05 PM
පිටකරන අපද්‍රව්‍ය ප්‍රමාණයට සාපේක්ෂව ඇඟට දැනෙන ලොකු දඩ මුදලක් අයකරන්න...
Don Sunday, 28 November 2021 07:05 PM
නොම්මර එක තමයි අලුතින් ඇතිකළ පෑලියගොඩ මාළු මාකට් එක.
siri Sunday, 28 November 2021 07:20 PM
අර විශාල ශබ්දයක් එක්ක චීනයේ හදපු කරඬුවත් අරගෙන මණිඅක්ඛික නාගරාජයා මතුවුණු තැන නෙවේ... නේද?
sampath Sunday, 28 November 2021 10:36 PM
මේවා කරන්නේ පොඩි මිනිස්සු නෙවෙයි.. ඒ නිසා මේවා මෙල්ල කරන්න පුළුවන් රජයට විතරයි.. ඔය කුණු වතුර තමයි මිනිස්සුන්ට මුළු කොළඹටම බොන්න දෙන්නේ. ගංගා ටික රැක ගැනීමට සියලුම පුරවැසියන් සක්‍රීය දායකත්වයක් ලබාදෙන්න ඕනේ.. ගංගා කියන්නේ රුධිර නාල වගේ... මේ ගංගා ටික වතුර ඇරියාට ප්‍රයෝජන ගත්තා නම් අපි හිඟාකන්නේ නෑ.
janahitha Monday, 29 November 2021 09:48 AM
ගෑස් ලීක් වෙන තැන හොයාගත්තොත් නේද හොඳ..?
ජන හඩ Monday, 29 November 2021 02:09 PM
මේ අපවිත්‍ර කරන ස්ථාන ගැන සෙවීම් කරන්න මෙතරම් ප්‍රමාද වුනේ නිලධාරීන්ට අල්ලස් දීලාද දන්නේ නෑ. මොකද වෙනත් රටක නම් මෙතරම් විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් ජල මූලාශ්‍ර අපවිත්‍ර කරන කම් බලධාරීන් උඩ බලන් ඉන්නේ නෑනේ... ඒ තියා නිවසකින් නාන කාමරයේ වතුර ටිකක් ගියත් නීතිමය පියවර ගන්න හැකි වුණත් ව්‍යාපාරික ස්ථාන මහා පරිමාණ ජල දූෂණ සිදුකරනවා. මේවාට ලිහිල් දීමෙන් රටේ ජනතාවට ඉක්මන් මරණය වගේම වකුගඩු පිළිකා සඳහා රටේ මුදල් වැයවෙනවා.