IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුවෙළ මහේස්ත්‍රාත්ගෙ ඉවත් කළ ආරක්ෂාව යළි ලබා දෙයි

 

(මනෝප්‍රිය ගුණසේකර)

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියට ලබා දී තිබු පොලිස් ආරක්‍ෂාව ඉවත් කොට පැය දෙකකට පසු නැවතත් එම ආරක්‍ෂාව සැපයීමට පොලිස්පතිවරයා පියවර ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉවත් කළ පොලිස් ආරක්‍ෂාව යළි සැපයීමට පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියට පොලිස් ආරක්‍ෂාව සපයා තිබුණේ තලංගම පොලිසිය විසිනි.
එලෙස ලබාදී තිබු පොලිස් ආරක්‍ෂාව අද හිටිහැටියේ ඉවත් කිරරීමට පියවර ගෙන තිබු අතර මේ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් අනතුරුව ඉවත් කළ පොලිස් ආරක්‍ෂාව පැය දෙදක පමණ කාලයකට පසු යළි ලබාදීමට පියවර ගත් බව වාර්තා වේ.
පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නරත වු තරුණ තරුණයින් 13 දෙනා සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය අසළ උද්ඝෝෂණය වළක්වන ලෙස ඉල්ලමින් තලංගම පොලිසිය විසින් ඉදිරිපත් කළ නඩු කටයුතු විමසා තීන්දු ලබා දෙනු ලැබුවේ චානිමා විජේබන්ඩාර මහත්මිය විසිනි.

 



අදහස් (1)

කඩුවෙළ මහේස්ත්‍රාත්ගෙ ඉවත් කළ ආරක්ෂාව යළි ලබා දෙයි

sujeewa Saturday, 07 May 2022 12:55 PM

කිසිවකු හට පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ කුමන හෝ හේතුවක් මත නම් ඒ හේතුව මතම ඊටත් වැඩි ආරක්ෂාවක් රටේ මර්මස්ථාන හා රටේ වැදගත් ස්ථාන වලට ලබාදිය යුතුයි. වැදගත් වන්නේ පුද්ගලයා නොව ස්ථානය හෝ තනතුරයි. උදාහරණ ලෙස පාර්ලිමේන්තු නියෝජිතයින් කෙසේවෙතත් පාර්ලිමේන්තුවට හානියක් නොවිය යුතුයි, සමහරක් චීවරධාරීන් කෙසේ වෙතත් බෞද්ධ උරුම වලට හානියක් නොවිය යුතුයි. අනෙක් සියල්ලන්ටමත් එසේය. පුදුමය නම් ආරක්ෂාව බලාපොරොත්තුවන්නන් එය නොදැනීමයි. එයටත් උදාහරණයක් ලෙස මන්ත්‍රීවරු පොලිස් ආරක්ෂාව ලබාගන්නේ කුමක් සඳහාද, එම අවශ්‍යතාවයටත් වඩා වැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි. තම තමන්ගේ ආරක්ෂාව වෙනුවන් ලබාඇති ‌ආරක්ෂකයින් ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන්නේද එම ක්‍රියාමාර්ග ඊටත් වඩා වැඩියෙන් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණවල සංකේතාත්මක ස්ථාන ආරක්ෂා කළයුතුයි. තමතමාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යම් ආකාරයක් ඇතැයි සිතන්නේද ඊටත් වඩා වැඩියෙන් ඊහත කී සංකේතාත්මක ස්ථාන සඳහා තර්ජනයක් ඇතිවිය හැකි යැයි සිතිය යුතුයි. කොටින්ම පුද්ගල අයිතිවාසිකම් අවසානයටම විය යුතුයි...

:       15       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 60 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 141 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 218 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 646 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1032 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 850 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site