
(අමදෝරැ අමරජීව)
ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ නැගෙනහිර පළාතේ එකම ප්‍රාදේශීය රෝහල වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගී අංශ ප්‍රතිකාර අද (9) සිට යළි ආරම්භ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ජලය බැස ගිය පසු යුද හමුදාව සමග එක්ව රෝහල් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම රෝහල පිරිසිදු කර විෂබීජ හරණය කරනු ලැබූ අතර රෝහල් භූමියේ ඛාදනය වූ තැන් පස් පුරවා සකස් කිරීමද සිදුකරනු ලැබ තිබුණි.
සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූමෙම රෝහලේ තත්ත්වය සොයා බැලීම සඳහා එහි ගිය පළාත් සෞඛ්‍ය ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ගිතාංජන දිසානායක මහතා රෝහල යළි කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මෙහිදී ලබාදී තිබුණි. ඒ අනුව යළි රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගීන් කටයුතු යළි මෙලෙස ආරම්භ කරනු ලැබ තිබේ.
රෝහල ජලයෙන් යටවීමට පෙර එහි තිබූ වෛද්‍ය උපකරණ ඖෂධ වර්ග හා නේවාසික රෝගීන් ඉවත් කරගෙන රෝගී සත්කාරක සේවා සඳහා තාවකාලික රෝහලක් වෙරුගල්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ස්ථාපිත කර පවත්වාගෙන යෑමට රෝහල් බාලධාරීන් කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊච්චලම්පත්තු රෝහල විවෘත කරයි
Jamal Tuesday, 09 December 2025 12:37 PM
අන්තිමට ජෙප්පෝ මුලු රටම හදලා විවෘතර කරලා කියයි... මුන්ට යුද්ධය විතරයි මිස් වුනේ