(ඩයනා උදයංගනී)
රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් සඳහා ඉන්ධන ලබාගැනීම මේ වන විට ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම් සහිත රෝහල්වලට රැගෙනඒමට නොහැකි වීමෙනුත්, ජෙනරේටර් සඳහා ඉන්ධන නොමැතිවී ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකවල කටයුතු ඇණ හිටියහොත් ඉදිරියේ දී ජීවිත හානි පවා සිදුවීමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එමෙන්ම රට තුළ ඇති ඖෂධ හෝ රෝහල් අතර බෙදාහැරීමට ද මෙයින් බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එහි ගිලන් රථ 15 හිම ප්‍රමාණවත් ඉන්ධන නොමැති බවයි.
එමෙන්ම එම රෝහලේ ඖෂධ ප්‍රවාහන ලොරි රථ දෙකක්, විවිධ කටයුතු වෙනුවෙන් යොදාගන්නා කැබ්රථ හතරක් සහ වෑන් රථයක් ද ඉන්ධන නොමැතිය ගාල් කර ඇති බව රෝහල් සේවකයෝ පවසති.
වැල්ලවාය මූලික රෝහලට අයත් ගිලන් රථ තුනෙන් දෙකක් ඩීසල් නොමැතිව ගාල් කර ඇති අතර අනෙක් ගිලන් රථයෙහි ද මොණරාගල රෝහලට එක් වරක් ගොස් නැවත පැමීණිමට පමණක් ඇතැයි එහි වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතා පවසයි.
අනුරාධපුර ශීක්ෂණ රෝහල, කටියාව, සේනපුර, එප්පාවල, හොරොව්පතාන, තඹුත්තේගම යන රෝහල්වල ඇති ගිලන් රථවල ද මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බව වාර්තා වේ.
රට පුරා තවත් රෝහල් රැසක මෙම ගැටලුව මතුවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන ගැටලු හා සේවකයන්ට සේවයට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික ගිලන්රථ සේවා ද මේ වන විට සේවා පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ධන නැතිව ගිලන්රථ ගිලන්වෙයි