IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමති බන්දුලට හූවක්

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබීණි.

මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ.

පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සනාදරය ඇති කිරීම , ආගමික උත්සවයකට බාධා කිරීම , ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු වැටලීම් සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති

 



අදහස් (27)

ඇමති බන්දුලට හූවක්

Marikkar Saturday, 25 March 2023 02:18 PM

හරි හරකැකුටයි ඵමිනිහා හූ කියා තියෙන්නේ, ඵතකොට හූ කියන්ටවත් අයිතියක් නැද්ද, මානුශ්‍ය අයිතිවාසිකමි රැකින මෙි රටේ.

:       0       13

යකා Saturday, 25 March 2023 02:43 PM

පොලිසියටයි මේ හූව. හූ හූ ... !! බොලාට පුළුවන් ඔය වගේ එව්වා අල්ලන්න තමා. තල්මස්සු යනවා අහවල් තැනටත් බස්සලා. ගනං නෑ. හාල්මැස්සා දැක්කහම එලවලා අල්ලනවා.

:       0       13

sam Saturday, 25 March 2023 02:46 PM

අසූචි ගහලා එලවන්න ඕනෑ දේශපාලුවන්ට හූ කීම නම් සමාව දෙන්න බැරි වරදක්.

:       0       8

පිටිගල මිලානෝ Saturday, 25 March 2023 02:58 PM

කරුණාකර හූවකින් හූවකට ආධාර කර හූව දියුණු කරන්න. හූ කිව්වාම අත්අඩංගුවට ගන්නා මෝඩ රාලහාමිලානෙ ලංකාවෙ ඉන්නේ….

:       0       10

සෙනෙවිරත්න Saturday, 25 March 2023 03:03 PM

හූවක් කියන්න නිදහසක් නැද්ද? ඇයි ඇමති තුමා ඒක බාරගත්තෙ? දැන් රටම දන්නව තමුන්නැහැලාට හූ කියන්න මිනිස්සු තවමත් ඉන්න බව

:       0       8

රවී Saturday, 25 March 2023 03:31 PM

හු තියන්න නෙමෙයි පොල්ලක් අරන් ඔළුවටම තඩි බාන්න එකෙක් හිටියෙ නෑනේ...

:       0       8

ලමය Saturday, 25 March 2023 04:00 PM

මුට හු විතරක් තියල මදි , ගලුත් ගහන්න ඔනෙ

:       0       9

මැක්ස් Saturday, 25 March 2023 04:23 PM

දැන් ඉතින් ජවිපෙ සහ සජබයේ කොමෙන්ටු දායක සභාව මේ හුවාව උත්කර්ෂයට නැංවීම සඳහා තම තමන්ගේ කීබෝඩ් මත හරඹ කරනු ඇත.

:       11       0

malith Saturday, 25 March 2023 04:38 PM

දැන් ඉතින් නිදහසේ වාතයක්වත් ඇරගන්ට හම්බ වෙන්නේ නැහැ. ඒකටත් වායු දුෂණය කියලා අත්අඩංගුවට ගනී.

:       0       6

අමා Saturday, 25 March 2023 04:51 PM

බේරගන්න, පීරිස් එයි.

:       2       0

Chathuri Saturday, 25 March 2023 04:53 PM

ඇයි ඔහු විතරක් අත් අඩ්න්ගුවට ගත්තෙ. ඒක තමන්ගෙ අයිතිය. නිදහස. මුලු ගමම හූ කිව්වානම්. මුල් ගලත් පැත්තකට දාලා යයි. අයි එම් එෆ් ලැබුනා දැන් පටන් ගත්තාද මුල් ගල තියන්න මේ යකා ගෙන් ඉගෙන ගත්තු ලමයින්. දෙමව් පියන්ට රු. 200 ක් දීලා කියනවා ඇති. මේකෙන් මුලු මාසෙටම කන්න කියලා. ගුරා කෙරුවේ මුලු පවුලකටනෙ අපිටවැඩිය එක ඉලක්කමක් වැඩියෙන් දැන ගත්තට. මේ පුන්චි රට ගොඩ ගන්න බැහැනේ. 260 ක් ඉන්න නඩෙ. පින්ගුත්තරයින්. ලැජ්ජාවෙයල්ලා. අල්ලපු රට ඉන්දියාව ලොකේන් වැඩි ජනග්‍රහනයක් ඉන්න් රට බවට. ලගදිම පත් වෙනවා. ලෝකේ දියුනු තැනින් ඉදිරියෙන්. ඒකට මුන්ට කොටිදෙකක් නඩත්තු කරන්න බැහැ. දැනුමක් නැහැ. මොලෙ තියෙන තැන තියෙන්නෙ ආමාශය. හිතක් පපුවක් නැහැ. මුන්ගෙ මුකෙන් තමයි වැස්කිලි වැඩත් සිදු වෙන්නෙ. ඔය පිරිත් නුල ඉනටපහලින් ගැට ගහ ගනින්

:       0       3

සාධු Saturday, 25 March 2023 05:35 PM

මුස්පේන්තු මුසල කාලකන්නියා...!!! මුව උදේට දැක්කොත් මුළු දවසම මස්තබාල්දුවෙනවා. පින්වතුනේ, මේ වාගේ දේශකාපාලුවන්ට හු සංග්‍රහයක් දීමෙන් ලැබෙන ආනිසන්සවලට වඩා බොහෝ ඉහල ආනිසංස ,සැප සම්පත් ලැබෙනවා මේකාට " ගුටි පුජාවක් " දුන්නානම්. එහෙමත් නැතිනම් " ගල් " පුජාවක් දුන්නානම්. හැබැයි ඉහලම සැපසම්පත් ,සිතු පැතු දේ ලැබෙන්නනම් " වෙඩි "පුජාවක් පැවැත්විය යුතුමය.

:       0       7

Akila Saturday, 25 March 2023 05:50 PM

චෝදනා ටික හොයාගන්න ඇත්තේ ,පොහොට්ටුවේ ලොක්කෙක්ට කතාකරල වෙන්න ඇති

:       0       3

ගමේ එකාලා Saturday, 25 March 2023 06:10 PM

ආර්තික ඔස්තාර් ගේ පැටිකිරිය දන්න නිසා හූ කියන්ඩ ඇති .

:       0       5

mahinda Saturday, 25 March 2023 06:12 PM

මහ බැංකු මහ හෝරා අල්ලන්ට අංඛ 16 මහ මැතිවණ්යේදී මහජනතාවගෙන් ඡංදය ගත්මොවුන් අද කිරිපුස්සාගේ අංඩකෝස පිරි මදිමින් ජනතාව පෙලමි න් සිටී. මෙවන් අඳ පාලුවන්ට හූ කියූ තැනත්තාට මුලු මහත් ජාතියේම ගෞර වාදය හිමිවිය යුතුයි..

:       0       5

මාලක Saturday, 25 March 2023 06:12 PM

හුහුහුහුහු

:       0       5

ජගත් ලියනගේ Saturday, 25 March 2023 06:42 PM

හොඳ පණිවිඩයක් ඒ ලොරියෙ ගිය මහතා දීල තියනවා .

:       0       6

වර්ණකුලසූරිය Saturday, 25 March 2023 07:30 PM

රටක් මංකොල්ලකාලා වගකීමකින් තොරව පාලනය කරපු පාලකයන්ට නිසි දඩුවම් ලබාදීමට පොලිසිය හෝ වගකිව යුත්තන්ට හැකියාවක් නොමැති නම් ජනතාවට ඉතිරිව ඇත්තේ උද්ඝෝෂණ කිරීම, පාලකයන්ට හූ කීම සහ මැතිවරණ ඉල්ලා සිටීම පමණි. මේ වගේ කපටි, බොරුකියන, දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන පාලකයන් දකින තැන හූ කීමට නොසිතෙන කෙනෙක් රටේ සිටිය නොහැකි තරම්ය.

:       0       4

Senaka Saturday, 25 March 2023 07:56 PM

දැන් රාමසාන් කාලේ. පුලුවන් නම් ගිහින් හූ කියල පෙන්නපන් බලන්න. තොපි සේරගෙම හයිහාරකම්, අනාගමික විකාර බුද්ධ ධර්මයට විරුද්ධව විතරයි. මේ ඇමැත්තම ගිහින් වෙන ආගමික උත්සවයකට ගියා නම් මීයට පිම්බ වගේ ඉන්නව.

:       6       0

fairoosWednesday, 29 March 2023 12:10 PM

ඔයාගේ ඔය මෝඩ චූන් දැන් ඉන්න ජනතාව දන්නවා

:       0       0

බන්දුල හෙවත් පොමනෙරියන් මූණා Saturday, 25 March 2023 08:41 PM

හොක්කි හොක්කි හූ

:       0       4

anuranga Saturday, 25 March 2023 11:08 PM

ආගම ඇදහීමට ඇති අයිතියට-රෙද්දෙ අයිතිය, අපිට ජීවත් වීමේ අයිතිය නැති කරපු ජීවත්වීමම අභියෝගයක් කරපු හොර හැත්තට කෝ දඩුවම් ඕකුන්ට හූකියල මදි.

:       0       3

Kapila Saturday, 25 March 2023 11:13 PM

හු කීම දඬුවම් ලැබියහැකි වරදක්ද?

:       0       3

C.K.Lankaputhra Sunday, 26 March 2023 06:32 AM

හූ කීම නීතිය අනුව වරදක් නෙවෙයිනේ. පොලිසිය බොරු වරදවල් ගොතා නඩු පැවරීම නීතියට පටහැනියි.

:       0       3

LGPJ Monday, 27 March 2023 06:38 AM

Yes. Not enough. !!!!!!!

:       0       7

ආනන්ද Monday, 27 March 2023 02:18 PM

අනාදිමත් කාලවල හුව කියන්නේ සන්නිවේදන මාද්‍යයක්

:       0       4

vijayanthi Monday, 27 March 2023 03:38 PM

හු කියල විතරක් මදි. කෑ ගහන්ඩ් තියෙන්නෙ හූ......

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 38 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 66 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 152 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 130 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 532 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 901 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site