(කාංචන කුමාර ආරියදාස, ඩයනා උදයංගනී සහ මොහොමඩ් ආසික්)
දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
එළවළු අස්වනු වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීම සහ ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් අලෙවිය විශාල වශයෙන් පහත වැටීම නිසා මෙසේ එළවළු මිල පහත ගොස් ඇතැයි එම වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද බෝංචි, ලීක්ස්, කැරට් දී ගෝවා ආදී උඩරට එළවළු පවා කිලෝවක මිල පසුගිය දිනවල පැවති මිලට සාපේක්‍ෂව සියයට 50 කින් පමණ අඩුවී තිබූ බව එහි වෙළෙඳුන් පවසයි.
පසුගිය දිනවල රුපියල් 550 ත් ක් 600 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව ඊයේ රුපියල් 220 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ අතර ලීක්ස් කිලෝවක් රුපියල් 100 කට අලෙවි වනු දක්නට ලැබිණි.
එමෙන්ම ගෝවා කිලෝවක් රුපියල් 160-180, කැරට් කිලෝවක් රුපියල් 220-280, බීට්රූට් කිලෝවක් රුපියල් 55-70, තක්කාලි කිලෝවක් රුපියල් 180-200, රාබු කිලෝවක් රුපියල් 50-80, නෝකෝල් කිලෝවක් රුපියල් 120-150, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 50-70, අර්තාපල් කිලෝවක් රුපියල් 130-140, වැටකොළු 130-150, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 40-70, පතෝල කිලෝවක් රුපියල් 160-180, කරවිල කිලෝවක් රුපියල් 250 -280, වට්ටක්කා කිලෝවක් රුපියල් 120-130, වම්බටු කිලෝවක් රුපියල් 320-350, මෑ කරල් කිලෝවක් රුපියල් 90-120, දඹල කිලෝවක් රුපියල් 160-200, අමු මිරිස් කිලෝවක් රුපියල් 320-350, මාළු මිරිස් කිලෝවක් රුපියල් 450-500, තක්කාලි කිලෝවක් රුපියල් 160-220, ලොකු ලුනු කිලෝවක් රුපියල් 130-140 ආදී මිල ගණන්වලට අලෙවි කෙරිණි.
මෙලෙස මාලුමිරිස් සහ වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවකම මිල විශාල වශයෙන් පහත වැටී තිබුණත් ගැණුම්කරුවන් නොමැතිවීම නිසා තමන්ට එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා අලෙවි කිරීමට සිදුව ඇතැයි එළවළු වෙළෙඳුන් පවසයි.
එමෙන්ම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් පහත වැටී තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එහි බෝංචි කිලෝවක් රුපියල් 270ත් 330ත් අතර, තක්කාලි කිලෝවක් රුපියල් 340ත් 380ත් වැනි මිල ගණන්වලට අලෙවි වූ අතර, මාළු මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 750ත් 830ත් අතර මිලකට බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 250 ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 180 ක්, බීට් කිලෝවක් රුපියල් 100 ක් වැනි මිලක් දක්වා පහත වැටී තිබූ බව එහි තොග වෙළද සංගමයේ සභාපති ඩි.එන්.සිල්වා මහතා කීය.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ද කැරට් කිලෝවක් රුපියල් 200ත් 280ත්, ගෝවා කිලෝවක් රුපියල් 400ත් 440ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 140ත් 170ත්, අර්තාපල් කිලෝවක් රුපියල් 370ත් 410ත් අතර මිලකට පහත වැටී තිබිණි.
සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල මෙන්ම අලෙවිය ද බොහෝ සේ පහත වැටී ඇති බවයි.
කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා එළවළු කිලෝ ලක්‍ෂ අටක් පමණ අලෙවි වන නමුත් අද අලෙවිවූයේ කිලෝ ලක්‍ෂ තුන හමාරක් පමණක් බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවිය කිලෝ ලක්‍ෂ දෙක හමාරක සිට කිලෝ 60,000ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු පැවසීය.
පොහොර, ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් විශාල නිෂ්පාදන පිරිවැයක් දරා වගා කරන ගොවීන් මෙසේ එළවළු මිල සහ අලෙවිය පහතයාමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ද ඔහු කීය.
එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් පැමිණීම අඩුවීමට ද හේතුව ඉන්ධන මිල ඉහළයාම හා සතියකදී ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම බව හෙතෙම පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළ ගිය ද දිවයින එළවළු වෙළඳසැල්වල එළවළු මිල අඩුනොවන්නේ ද ප්‍රවාහන වියදම ඉහළයාම හේතුවෙන් බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට
හසිත ප්‍රසාද් Sunday, 18 September 2022 08:44 AM
ඉතා හොදයි. දිනපතා ලබාගත හැකිනම් ගොඩක් හොදයි..