(එච්. චන්දන)
ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 – 50 ක පමණ අතර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය පවසයි.
පැය 04 ආසන්න පමණ කාලයක් පැවති ගින්න 28 වැනිදා සවස සුළං ව්‍යාපතිය නිසා දරුණු වී තිබේ. මේ දිනවල මේ ප්‍රදේශ හා අවට දිවා කළයේ දැඩි හිරු රශිමිය පතිත වන අතර මේ හේතුවෙන් දැඩි වියලි කාළගුණික තත්වය නිසා ගින්න පැතිරීම වැඩි වී තිබේ.
වන ජීවී නිළධාරින් එක්ව , ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන්ද, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, ප්‍රදේශවාසීන්ද එක්ව , හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.
ලංකාවේ පිහිටි දෙවන රැම්සා අභය භූමිය වන්නේ ආනවිළුන්දාව කුරුළු අභය භූමිය වන අතර 2001 අගෝස්තු මස 03 වැනිදා රැම්සා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර ඇති මෙහි විශාලත්වය හෙක්ටයාර් 1357 කි.
මෙම ගින්න ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියට ආසන්නයෙන් පිහිටි පිංකට්ටිය වෙල් යායට කිසියම් අයෙකු විසින් ගිනි තබා ඇති බවත්,එම ගින්න අභය භූමිය තෙක් පැතිර ගොස් ඇති බව සිද්ධිය මූලිකව කරන ලද සොයා බැලීමේ ආණවර්ණය වී තිබේ.
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක්
D P P Prasad Thursday, 29 September 2022 11:04 AM
ආනවිලුන්දාව සංරක්ෂිත තෙත්බිම වන ජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිපාලනය යටතේ පවතින සුවිශේෂී පරිසර පද්ධතියකි. දේශිය කුරුළු විශේෂ මෙන්ම ඇතැම් සංචාරක කුරුල්ලන්ටද තොතැන්නක් වන මෙය පසුගිය කාලවකවානුව තුල වරින්වර නොයෙකුත් හානිකර තත්වයනට ගොදුරු විය. පුත්තලම ප්‍ර්‍රදේශයේ ඇතැම් දේශපාලන බලවතුන්ගේ ආධාරකරුවන්ද මෙම හානිකර තත්වයන් ඇතිකිරීමට ආධාර හා අනුබලදුන් බවට ඇතැම් මාධ්‍ය වාර්තාද පලවිය. ඇතැම් පුර්ණ කාලින ගවේෂකයින්ගේ හා විදේශ මෙන්ම දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වශයෙන් ප්‍ර්‍රචලිත මෙම භුමිභාගය මතුපරපුර සදහා රැක ගැනීමට කටයුතු කිරිම සමාජිය වගකීමකි.
ravin Thursday, 29 September 2022 11:37 AM
ඉබේම හටගත්තු ගින්නක්ද? නැතිනම් ඔක්සිජන්ගේ වැඩක්ද?
Perera Thursday, 29 September 2022 12:16 PM
ඔක්සිජන් කන්නද කියල අහපු එවුන් ගින්න පිටිපස්සෙ ඉන්නවද කියල බලන්න.