IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව පිහිටුවන්න සජිත් නාවොත් කැරලිකරුවෝ සූදානම්

අජන්ත කුමාර අගලකඩ

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07)දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ස්සී බව එහිදී ප්‍රකාශ වී ඇත

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර ,ලසන්ත අලගියවන්න ,දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ ජයන්ත සමරවීර , ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ

 



අදහස් (28)

ආණ්ඩුව පිහිටුවන්න සජිත් නාවොත් කැරලිකරුවෝ සූදානම්

කිරි පුතා Saturday, 07 May 2022 03:17 PM

පුතාණෝ අගමැති කරන්නම ඕනෑ. ඇඳුම් ගැලෙව්වා වගේ තියෙයි.

:       47       81

විපරමා Saturday, 07 May 2022 05:04 PM

වාසු පත් වුණා නම් හොඳයි කියලා හිතාගෙන ඇති. මහලොකු විප්ලවවාදියා?

:       17       75

Lalith Saturday, 07 May 2022 03:22 PM

මෙයාලා මේ දඟලන්නේ නැති වුණු ඇමැතිකම් ගන්න මිස රටට ආදරේට නෙවෙයි.

:       14       146

ජගත් ලියනගේ Saturday, 07 May 2022 03:37 PM

ඒ පිහිටවන ආණ්ඩුවේ අගමැති මහින්ද නේද? ජනාධිපති ගෝඨාභයද?

:       14       93

firda Saturday, 07 May 2022 03:57 PM

මේ අය නේද අදටත් ආණ්ඩු කරන්නේ? රට කාපු අයව ගහලා එළවන්න ඕනෑ.

:       4       52

සකල ගුරු Saturday, 07 May 2022 03:57 PM

හොඳයි, හොඳයි ඔය කට්ටියේ ඉන්න පළපුරුද්ද අවුරුදු 52ක් තියෙන වාසුදේව අගමැති කිරීම.., සජිත් කොලුවාට වඩා හොඳයි. ග්‍රාම සේවක මහත්තයාට පළපුරුද්ද අඩුයි. නිමල් ආවේ 1994දී ඔහුගේ පළපුරුද්දත් හොඳටම මදි. පේනවා නේද පළපුරුද්ද නැතුව ජනාධිපති පත්කර ගත්තු නිසා වෙච්චි වින්නැහිය...? ආයෙත් කියනවා ජයවේවා කියලා...

:       19       25

sachith Saturday, 07 May 2022 04:13 PM

මරු කට්ටිය...!

:       8       71

Sk Saturday, 07 May 2022 04:20 PM

මෙයාලාට බලයක් තියෙනවද?

:       8       49

Sisira Saturday, 07 May 2022 04:21 PM

හොඳම හොරු ටිකයි බොරු කාරයොයි එකතු වෙලා.

:       8       74

Shan Saturday, 07 May 2022 04:27 PM

මේ කවුරුවත් එපා. ජනතාවට ඕනේ නුඹලා සේරම මකබෑවිලා යවන්නයි. වහාම අයින්වෙන්න.

:       9       56

bird eye Saturday, 07 May 2022 04:32 PM

පුතාණෝ අගමැති කරන්නම ඕනෑ. එයාගෙයි, ගෝලයන්ගෙයි කයිවාරු වල නියම ගතිය එළිවෙන්නේ එතකොට..

:       22       43

මරිසිපාලSaturday, 07 May 2022 06:50 PM

ඔව් ඔව්, පුතාණෝ රජා කරන්න මහරජා කරපු උපක්‍රමය නිසානේ මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ...

:       4       30

අතුල සෞදි Saturday, 07 May 2022 04:34 PM

සජබයට තියෙන්නේ යූඑන්පී එකත් එක්ක ප්‍රශ්න, ජාජබ තියෙන්නේ විමල් ඇතුළු ස්වාධීන කණ්ඩායම එකත් එක්ක ප්‍රශ්න, මහජනතාවට තියෙන්නේ තමන් එදිනෙදා ජීවත්වීමට අදාළ ප්‍රශ්න. ඉතින් අපි කවදා මේවා විසඳගන්නද?

:       2       59

siri Saturday, 07 May 2022 04:38 PM

ඊළඟගම " මෛත්‍රී ගෝ ගම" වෙයිද? මොකද දන්නේ නැහැ සභාපතිවරයෙක් අද පාන්දරම සිංගප්පූරු ගියේ? තව ප්‍රභූවරු කීප දෙනෙක්ම කොට්ට, පැදුරු අස්පස් කරගන්නවාලු ඔන්න...

:       2       35

Buddika Saturday, 07 May 2022 04:48 PM

කවුද කියන්නේ මෙයාලා කැරැළිකාරයෝ කියලා? මේ මිනිස්සු දේශපාලන ඩීල්කාරයෝ. විමල්, වාසු, ගම්මන්පිල දැන් චණ්ඩි වුණාට, 30ට අත ඉස්සුවේ, ගෝඨාභය වීරයෙක් කළේ ඔය මිනිස්සු... සජිත්ට බෑ කියන කතාව හැදුවෙත් මෙයාලාම තමයි. සජිත්ට බෑ කියන්නේ කොහොමද? අවස්ථාවක් දීලා නැතිව. බෑ කියන කතාව හැදුවේ සජිත්ට පුළුවන් නිසයි. මහලොකුවට 69 ලක්ෂයක් ඡන්දෙ දීපු ගෝඨාභයට පුළුවන් වුණාද කරන්න.

:       20       42

සිල්වා Saturday, 07 May 2022 04:51 PM

ඔබලා ස්වාධීන යයි කීවාට ජනතාව එය පිළිගන්නේ නෑ.

:       6       54

විපරමා Saturday, 07 May 2022 04:51 PM

මරු සෙට් එක. බලලෝභියෝ. මේ අයගේ කෙරුවාවල් ගැන දන්නෝ සහසුද්දෙන්ම දන්නවා. ලැජ්ජයි..!

:       5       36

අරගල රාළ Saturday, 07 May 2022 05:08 PM

නියම 3 දෙනා... මෙයාලා තමයි රජ පවුල හොරකම් කරද්දී සාධාරණීකරණය කළේ..!

:       5       55

K Perera Saturday, 07 May 2022 05:17 PM

මේ දැන් තිබෙන අසූචිවලේ නාගන්න සජිත් එන්නේ නැහැ. ප්‍රථමයෙන් අසූචි ටික සුද්ද පවිත්‍ර කරලා දමන්න. ‘‘ජනපති සහ අගමැති‘‘ ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ සජිත් රට බාරගනීවි.

:       37       33

විජේ Saturday, 07 May 2022 05:20 PM

එතැන ඉන්නෙත් නම් දරාපු හොරු ගොඩක්නේ... එකයි දෙන්නයි චෝදනා නොලබපු අය ඉන්නේ...!

:       6       30

dhamneth Saturday, 07 May 2022 05:26 PM

ආණ්ඩුවක් පිහිටුවන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිය කියා ඉන්න නම් ආණ්ඩු පිහිටුවන්න එපා. ආණ්ඩු පිහිටෙව්වොත් අර ජේ.ආර්. ජයවර්ධන මහතා වගේ මාස දෙක තුනකින් භාන්ඩ හිඟය නැතිකරන්න ඕනෑ. ඒ මහතාගේ පාලනයේ යම් යම් අඩුපාඩු තිබුණට 1978 සිට 2022 දක්වා අවුරුදු 44ක් මේ රටේ භාණ්ඩ හිඟයක් ඇතිවුණේ නැහැ.

:       15       33

Sisil Saturday, 07 May 2022 05:58 PM

කොහෙන් හරි නියම ගේම්කාරයින් තුන්දෙනා ඉන්නවාමයි. මහජනතාව මේ ගේම්කාරයින් තුන්දෙනා ගැන අවබෝධයෙන්, විමසිල්ලෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ තුන්දෙනාට රාජපක්ෂලා නැතුව දේශපාලන ඉදිරි ගමනක් නැත...

:       6       32

ranjith Saturday, 07 May 2022 06:04 PM

අවංකව රට නංවන්න සූදානම් කණ්ඩායමක් පේන්න නැත. දේශපාලන කුහකකම් මිසක් වෙන යහපත් චේතනාවක් කාගේවත් නැත.

:       1       27

නෙළුම්දණ්ඩේ විමලසාර හිමි Saturday, 07 May 2022 06:24 PM

අන්න එහෙම හොඳ ස්තිර අදහසක ඉන්න. අපේ උපරිම සහාය දෙනවා. මේ රටේ තරුණ හැට දහසකට වැඩි ගාණක් රටට අහිමි කළ ගහලයාගේ පුතා හෝ එන කෙනෙකුට කරන්න දෙන්නැති, හිටපු අයටත් කරන්න දුන් නැති, ජෙප්පන් ගාවගන්න එපා.

:       35       24

සිසිරSaturday, 07 May 2022 07:38 PM

දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්නකෝ...!

:       13       26

Mohamed Saturday, 07 May 2022 06:39 PM

කවුද මේ අයට කැරලිකරුවන් කියලා කියන්නේ? කුමන්ත්‍රණකරුවන් මිසක්..

:       7       41

SaththayaSunday, 08 May 2022 01:38 PM

රට කාපු දේශද්‍රෝහීන්...! 

:       1       5

Ashok Saturday, 07 May 2022 10:37 PM

අද දේශපාලකයන්ව ජන සමාජයෙන් කොනුන කොටසක් බවට පත්වෙලා ගරු, තුමා මෙ ගරු නාම කිසිවකින් ඇමතිය යුතු කොටසක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1647 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 809 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 671 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 577 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 533 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site