(ශාන්ත රත්නායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඩීල් දේශපාලනයට එරෙහිව විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ විරෝධතාවේ නිරතවූහ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ
Viraj Thursday, 12 May 2022 08:48 PM
මෙහෙම ගියොත් මේ රට හදන්නේ නැහැ... මෝඩ මිනිස්සු. සජිත් ආවානම් ආසාවෙන් එන්න ඇති...
Saman Thursday, 12 May 2022 09:10 PM
කතාව ඇත්ත... නමුත් රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩඑන්න අගමැති කෙනෙක් ප්රමුඛ රජයක් ඕනේ. අනික අපිත් පූර්ණ සහයෝගය අරගල කරන අපේ කොල්ලන්ට... නමුත් අනික් පැත්තෙන් රටේ කළින් තිබ්බ තත්වයට වඩා වෙනස අපේ කොල්ලන් එක්ක සෙල්ලම් බෑ... නමුත් ටිකක් බලන් ඉමු...
Bernard Thursday, 12 May 2022 09:12 PM
මහ බැංකුව මහදවල් හොරකම් කරා කියලා රාජපක්ෂලා කිව්වේ. දැන් රට බංකොලොත්. ආයේ ඩීල් එක රනිල්ට... මෙවැනි නරුමයින් ඉන්න රටක්. රටේ අවලංගු වුණු කාසියක්, කිසිම ඡන්ද පදනමක් නැති, මැතිවරණයෙන් අන්ත පරාද වුණු, මහා බැංකු හොරකමේ මහ මොළකරු තවත් ඩීල් දේශපාලනයෙන් නැවත රජ පුටුවට... අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...!
chandima Thursday, 12 May 2022 09:41 PM
දැන් කෑගහලා වැඩක් නැහැ... තවමත් නුඹලාට නායකයෙක් නැහැ. ඕනතරම් කල් තිබුණු පාර්ලිමේන්තුවෙන් පිටත වෙනමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා, නියෝජිතයින් නම් කරලා වෙනත් රටකින් උදව් ගන්න. දැන් හැමදාමත් මහපාරෙ තමයි.
Dammika Bandara Thursday, 12 May 2022 09:42 PM
ඔක්කෝටම කලින් නීතියට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද? වැඩිහිටියෙකුට සලකන්න දන්නේ නැති සමාජයක්... රට හදන්න හදනවා.
Ruwan R Thursday, 12 May 2022 09:50 PM
පොහොට්ටුවේ නව අගමැති....
Ruwan R Thursday, 12 May 2022 10:21 PM
පුරවැසියා නම් සතුරාට එරෙහිව දිවයින පුරා ඇඳිරි නීතිය පනවා, යුද ටැංකි, බර අවි සහිත සන්නද්ධ හමුදා ආරක්ෂාව මැද, ජනමතය පස්සට තබා හිඳගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තම ජනාධිපති, අභිනව අගමැතිවරයෙක් පත්කරගත් වගයි. ප්‍රීතියි.., කිරිබත් කමුද?
කිරි පුතා Friday, 13 May 2022 03:39 AM
සියලු දෙනා රටේ අවස්ථාව තේරුම් ගත යුතුයි. IMF සහ ලෝක බැංකු සහය ගන්න බෑ ආණ්ඩුවත් නැති වුණාම... ගාලුමුවදොර ඉන්න අය රැකියාවක් එහෙම නොකරන අය වෙන්න ඇතිනේ... රාත්තලම ඉල්ලන අන්තවාදීත්වයෙන් මිදී රට පොඩ්ඩක් කෙලින් කරගෙන මැතිවරණයකදී තමන් කැමති අය පත් කරගන්න පුළුවන්නේ...
ලොක්කා Friday, 13 May 2022 09:15 AM
රටේ අගමැති පත්වෙන්නේ ව්‍යවස්ථාවෙන් මිස, නිර්පාක්ෂික යැයි කියාගන්නා ජෙප්පන්ට හෝ පෙරෙට්ටන්ට අවශ්‍ය පරිදි නොවන බව අනුර කුමාරගෙන් අසා දැනගන්න..
Lelwala Friday, 13 May 2022 12:03 PM
රටේ ගිනි තැබිමි, මිනි මැරීම්, මංකොල්ල කැම්, රාජ්‍ය දේපල විනාශ කිරිම් 1971, 1983 සිදුවුණා. මේකත් ඒ වගේම තවත් සිද්ධියක්...!
nihal Friday, 13 May 2022 12:46 PM
මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කොට තරුණයන්ට, වෘත්තිකයින්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව විවර වියයුතුයි...