IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ  ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි.

එම කාරක සභාව  මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන්  පසුගියදා කරුණු විමසා ඇත

මෙහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත්  නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.

තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව  එම  ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත්  දැනුම්දී ඇත.

මෙලෙස අය විය යුතු හිඟ මුදල් අතුරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමාද ගාස්තු බව  කෝප් කමිටු නිලධාරීහු පැවසූහ.

මේ අතර  සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරන ග්‍රහණ සංඛ්‍යාව නිලධාරී හිඟකම නිසා  විශාල වශයෙන් අඩුවී ඇතැයි කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී ප්‍රධාන ග්‍රහණ  53,848 ක්  සිදු කර ඇති  අතර  2020 වර්ෂය වනවිට එම  ග්‍රහණ සංඛ්‍යාව 39848 ක්  දක්වා ක්‍රමානුකූලව අඩුවී තිබූ බව කමිටුව සඳහන් කරයි.

මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා  ඉදිරිපත් කළ එහි  වාර්තාවේය.

 



අදහස් (6)

අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක්

Chinthaka Saturday, 28 May 2022 12:56 PM

ඇමැතිලා පැහැර හැරිය විදුලි බිල්, ජල බිල්, බැංකුවට තිබ්බ පොලු, මෙන්ඩිස් සමාගම, කෝටි ගණනක බෙහෙත් හොරකම්,... මේවා යලි අයකර ගත්තොත් මේ රට ටිකක් හරි ඔලුව උස්සන්න තිබුණා..

:       1       57

de silva Saturday, 28 May 2022 01:09 PM

බදු ගෙවන්නේ නැතිනම් සති 2කින් කර්මාන්ත ශාලා වසා දමලා සීල් තබන බවට නෝටිස් එකක් යවන්න. නිකන්ම බඩු ටික ගෙවාවි.. බාර්වලින් මිනිස්සුන්ට ණයට අරක්කු දෙන්නේ නැහැ.

:       1       48

පැරකුම්Sunday, 29 May 2022 06:11 AM

ගජ මිතුරන්ට එහෙම කරලා කොහොමද…?

:       1       0

Lalith Saturday, 28 May 2022 02:52 PM

වයඹ, හිඟුරාණ එහෙම නැතුව ඇති...

:       22       4

LallaSunday, 29 May 2022 06:34 AM

වයඹට, හිඟුරානට කැමැති අය, උනන්දු අය ඉන්න බව පේනවා...

:       0       1

de silva Saturday, 28 May 2022 08:49 PM

බදු නොගෙවපු අරක්කු කම්පැණිවල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන්න. නිලධාරීන්ට බදු අයකරගන්න බැරිනම් ජනතාව ඇවිත් ඒවා වට කරාවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 229 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 423 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 567 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 562 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1442 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site