(සුජිත් හේවාජුලිගේ )
අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවැසීය.
එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර නැනෝ නයිට්රජන් පොහොර තොගයක් ගුවන් මගින් ඊයේ රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවත් ඔහු පැවසුවේය.
කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් මහාචාර්යවරයා කීවේය.
යූරියා කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්රජන් මිලි ලීටර් 500 ක බෝතලයක් ප්‍රමාණවත් බව පැවසූ ජයසිංහ මහතා හෙක්ටෙයාරයකට අවශ්‍ය වන්නේ ලීටර් 2.5 ක් පමණක් බවද ප්‍රකාශ කළේය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනුමත පලිබෝධ - වල් නාශක ගෙන්වීමට අවසර
යෝගා Tuesday, 19 October 2021 07:41 PM
වැඩේ අනාගන්නේ නැතුව යූරියා වෙනුවට ආදේශකයක් දෙනවා කියලා මුලින්ම කිව්වා නම් ඉවරනේ. ඇත්තටම අපේ ගොවිතැනේ තිබුන ලොකුම අවුල යූරියා අවබාවිතා කිරීමයි.
Nuwan Tuesday, 19 October 2021 07:50 PM
අපරාදේ ගැසට් ගහන්න ගිය සල්ලි
Ratne Tuesday, 19 October 2021 09:29 PM
මෙවර ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණය පමනක් නම්, මීට පෙර වඩු බාස්ලට, රියදුරන්ට, සිසුන්ට වගේ පාවිච්චියටත් වල් නාශක ගෙනල්ලද?
ගොවියා Tuesday, 19 October 2021 10:43 PM
50kg වෙනුවට 500ml කොයිතරම් බලයක් ඇතිද..? හානිය මොනතරම් ඉහලද..
සඳුන් Tuesday, 19 October 2021 11:13 PM
මහාචාර්යතුමනි යූරියා කිලෝ 50ක ඇසුරුමක කිලෝ 23ක බරක් නයිට්රජන් තිබෙනවා. මිලි ලීටර් 500 බෝතලයක එම ප්‍රමාණය අන්තර්ගත කොට කාබනික නැනෝ නයිට්රජන් නිපදවීම සැබවින්ම විශ්මිත නිමැවුමක් නොවේද ? මෙය පහදා දීමට තවත් මහාචාර්යවරයකුගේ නැණස විවෘත වේවා.
චන්දන Wednesday, 20 October 2021 07:30 AM
නැනෝ තාක්ෂනය ගැන තවම අවබෝධයක් නැතිව ඇති නේද. ඒ ගැන අධ්‍යයනය කරන්න. තවත් විශ්මිත දේ දැනගත හැකි වේවි.
Lalith M Wednesday, 20 October 2021 11:35 AM
කොයි තාක්ෂණය තිබුනත් අවෂෝෂණයට අවශ්‍ය මූලික සංඝටක ප්‍රමාණය අඩුකරන්න පුලුවන්ද. එහෙම පුලුවන් නම් නැනෝ තාක්ෂණ ආහාර හදල පිඟානක් ගිලිනව වෙනුවට පෙත්තක් හදල ගිලින්න දුන්නම හරිනෙ. ඕක ගෝඨා සර්ට කියන්න. තමුන්ට ජොබ් එක ෂුවර්.
චන්දන Wednesday, 20 October 2021 01:29 PM
ලලිත් ට නුතන තාක්ෂනය ගැන තියන අවභෝදය හොඳට පේනවා .තමන්ගේ නොදැනුවත්කම ඕනවට වඩා ප්‍රදර්ශනය කිරිම හොඳ මදි.
goviyek Tuesday, 19 October 2021 11:49 PM
නයිට්රජන් ජලය සමග එක් වූ විට ප්‍රමාණව නයිට්රජන් ප්‍රමාණයක් වී ගසට නොලැබේ. හොඳ ගොවිතැනටත් ඒ තරම් යෝග්‍ය නොවේ. නයිට්රජන් මිලි ලීටර් තොග ගෙන්වීමට පෙර වගාවන් සදහා යොදවා යම් සොයා බැලීමක් කලේද?
sampath Wednesday, 20 October 2021 12:14 AM
ඔය කියන නයිට්රජන්ම විතරක් තිබුනත් වතුර නැතිව ඝනත්වය ජලයේ ඝනත්වයම කියල සැලකුවොත් බර ග්‍රෑම් 500 ක් වෙන්න ඕන. ඒ කියන්නේ ආසන්නව මූල 18ක ප්‍රමණයක්. ඒ කියන්නේ අක්කරයට ලීටරයයි.
Perera Wednesday, 20 October 2021 12:21 AM
කාබනික ග්ලයිෆොසෙට් ද ගෙන්නන්නේ?
මහජනතාව Wednesday, 20 October 2021 07:40 AM
කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්රජන් මිලි ලීටර් 500. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි.
චන්දන Wednesday, 20 October 2021 01:33 PM
ඉහත අදහස් වලින් පේන්නේ ජනතාව ට නැනෝ තාක්ෂණය ගැන අවබෝධයක් නැති බව. එනිසා තවත් ප්‍රශ්න දා ගන්නෙ නැතිව කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාව දැනුවත් කලා නම් හොඳයි .