IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට

(ගයාන් සූරියආරච්චි)

අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE සංවේදක සම්මේලනයේදී ගොඩනැගිලි ස්වයංක‍්‍රීයකරණ පද්ධතියක් ඉදිරිපත් කළ මොරටුව සරසවියේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෙවන ස්ථානය හිමි වී තිබේ.

මෙම සම්මේලනය එංගලන්තයේ ග්ලාස්ගොව් හීදී 16 වැනි වරට පැවැත්වූ අතර ලෝකයේ ඉතා දියුණු රටවල් ඇතුළු විවිධ රටවල් විසින් විවිධ තාක්‍ෂණික අංශ නියෝජනය කරමින් සංවේදක හා ඒවායේ යෙදුම් සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති 1000 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.

පශ්චාත් උපාධි පර්යේෂණයේ එක් අදියරක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජානක බස්නායක සහ කසුන් දේවින්ද විසින් නිර්මාණය කරන ලදි. එය නිර්මාණයේදී යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මෙකාට්‍රොනික්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ, යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහචාර්ය රාහුල අතලගේ, විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය බුද්ධික ජයසේකර යන මහත්වරුන්ගේ උපදේශන සහ අධීක්‍ෂණයට යටතේ මෙය නිර්මාණය වී තිබිණි. එමෙන්ම මෙකාට්‍රොනික්ස් විද්‍යාගාරයේ සලිත රණසිංහ සහ චතුර ජීවන්ත යන මහත්වරුන්ගේ ද සහාය ලැබී ඇත.

අප කළ විමසුමකදී ආචාර්ය රංජිත් අමරසිංහ මහතා ‘ලංකාදීප’ යට මෙසේ අදහස් දැක්වීය.

‘‘සමස්ත බලශක්ති පරිභෝජනයෙන් සියයට 30 ක් 50 ක් පමණ ගෘහස්ථ සහ වාණිජමය ගොඩනැගිලි සඳහා වැයවනවා. ගොඩනැගිලි තුළ සුවපහසුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මත ස්වයංක‍්‍රීයකරණ කිරීමට අපේ අවධානය යොමුවුණා. ක්ෂුද්‍ර විද්‍යුත්, විශේෂිතව නිපදවූ සංවේදක කීපයක් සහ ඩිජිටල් සංඥා සකසන මත මෙම පද්ධතිය ගොඩනැඟී තිබෙනවා.

‘‘මෙම සම්මේලනයට ලෝකයේ දැවැන්ත රටවල් රැසක් සහභාගි වුණා. එහිදී හොඳම පර්යේෂණ 22 අතරට අපට එන්න හැකිවුණා. ඉන් අනතුරු එම පර්යේෂණ 22 අතරින් විශිෂ්ට පර්යේෂණ අතරින් තුන්වැනි ස්ථානය දිනාගැනීමට හැකිවුණා. එහි ප‍්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවුණා. 2016 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ  ඕලන්ඩෝ හීදී පැවැති මෙම සමුළුවේදීම අවසන් 33 අතරට මෙම පර්යේෂණ කණ්ඩායම තේරී පත් වුණා. මෙවර ලෝකයෙන්ම තෙවැනි තැන දිනාගැනීම අප ලද ලොකු ජයග‍්‍රහණයක්.’’

මෙහිදී මූලික වශයෙන් සිදු කෙරෙනුයේ ගොඩනැගිල්ල තුළ ක‍්‍රියාකාරී උපකරණ සහ ඒවායේ විදුලි පරිභෝජන තත්ත්ව ස්වයංක‍්‍රීයව සංවේදනය වීමයි.  ගොඩනැගිල්ල තුළ සිටින මිනිසුන්, ඔවුන්ගේ ස්ථාන, ගොඩනැගිල්ලේ බිම් තලය මත විවිධ ස්ථාන (ක‍්‍රියාකාරී ස්ථාන, අක‍්‍රීය ස්ථාන, පදික ස්ථාන) සැකසී ඇති ආකාරයත්, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත පාරිසරික තත්ත්වයනුත් සංවේදනයවීම මෙම පද්ධතිය තුළින් සිදුකෙරෙනවා. මෙම පද්ධතියේ සංවේදන දත්ත පරිගණක අතුරු මුහුණතක් මතින් නිරීක්‍ෂණය කළ හැකිවනවා. මෙය රැහැන් රහිතව ස්වයංක‍්‍රිය පද්ධතියක් සමඟ සම්බන්ධ වෙමින් ගොඩනැගිල්ල තුළ වඩා කාර්යක්‍ෂම සහ සුවපහසු පරිශ‍්‍රයක් පවත්වාගෙන යාමට අවස්ථාව සලස්වනවා.’’

ජානක බස්නායක

කසුන් දේවින්ද

 



අදහස් (4)

IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට

බිසෝහාමි Wednesday, 15 November 2017 08:38 AM

මොනවා කළත් වැඩක් නෑ මනුස්සයන් තමන්ගේ අධ්‍යාත්මය පිරිසිඳු කරගන්නා තුරු දරුවනේ

:       540       37

Ruwan Wednesday, 15 November 2017 09:43 AM

නියමයි! ජය වේවා!!!

:       0       217

අරුජුන පේමරත්නේ Wednesday, 15 November 2017 02:00 PM

ලංකාවේ කොපමණ දක්ෂකම් තියෙන දරුවෝ හිටියත් ලෝකය ජය ගත්තට. ලෝකයේ හීනමානය, ඉරිසියාව, කුහකකම, තියෙන මින්සුන්ගෙන් ලැබෙන්නේ ගැරහුම් පමණි. කොපමණ විවේචන, ගැරහුම්, බාධක පැමිණියත් ඉදිරියටම යන්න ඔබසැමට සුබපැතුම් !!!

:       0       117

බිසොහමිනේ Wednesday, 15 November 2017 06:26 PM

මම නොදන්න බිසෝහාමි ගේ අධ්‍යාත්මය...... කොල්ලන්ට සුබපතන්නේ නැතුව අධ්‍යාත්මය වගේ ලොකුදෙවල් කතාකරන්නේ ඇයි කියලා හොඳට පැහැදිලියි. මම නම් හදවතින්ම සුබපතනවා ... කාටද ආඩම්බර ?

:       0       88

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 619 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 846 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 873 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1244 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1129 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 218 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site