(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.
අද (26) මෙයාකාරයෙන් කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුවිය.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් එම ශල්‍යකර්මය කළහ.
මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනකුට පමණ මෙවන් සැත්කම් සිදු කර පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පැවසීය. මෙසේ ශරීරගතවන පණුවන් අඟල් 3ත් 5ත් අතර වන බවත් දිගැටි සුදු පැහැති පණු විශේෂයක් බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.
ශරීරයේ විවිධ ස්ථානවල අභ්‍යන්තරයේ කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු වී ඇති බව වෛද්‍යවරු කියති.
අර්ථනායක මහතා පැවසුවේ ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය.
කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමු වී තිබෙන බවද හෙතෙම පැවසීය.
රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන බවත් ලංකාවේ අවස්ථා කිහිපයකදී මෙවන් සිද්ධීන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.
එහෙත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් රෝගීන් පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරුන්ගේ මතය යි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පණු විශේෂය සහ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ බව අර්ථනායක මහතා කීය.
බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණු රෝගය අනාවරණය කරගැනීමට හැකියාව පැවතිය ද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණුවන් රැඳී සිටියොත් හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බව ද වෛද්‍යවරු පවසති.
මෙවන් රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අර්ථනායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති
දිමුත් Tuesday, 26 September 2017 01:07 PM
රෝග ලක්ෂණ අදුනගන්න හැටිත් කිව්වානම් වටිනවා
Lalith Tuesday, 26 September 2017 06:50 PM
මෙම පණු රෝගය සහ වකුගඩු රෝගය අතර සම්බන්ධතාවක් තිබෙන්නට පුළුවනි.
Sumith Dharmawardana Tuesday, 26 September 2017 11:54 PM
මෙවැනි පනුවන් බෝවන්නේ මැස්සන් වර්ගයකිනි. වේලෙන්නට දමා තිබෙන ඇඳුම් වල වහන මෙම මැස්සන්ගෙන් මෙම පණු බිත්තර ඇඳුම්වල දැවටී පසුව ඇඳුම් ඇන්දවිට පනුවන් හම විදගෙන ශරීර ගතවේ. වේලුන ඇඳුම් හොඳින් අයන් කර ඇඳීමෙන් මෙය පාලනය කර ගත හැකිය .
jayath Wednesday, 27 September 2017 01:11 AM
ඔව් ලලිත් ඔබේ සොයා ගැනීම ඉතාම ඉහලයි ! ඕක අන්තර්ජාතික ජර්නලයක දමමු !
ටර්බෝ Wednesday, 27 September 2017 01:12 AM
අභ්‍යන්තර තත්වය හඳුනාගන්නෙ කොහොමද. ස්කෑන් කරන්නම වෙනවද. අභ්‍යන්තරික විශේෂ වූ වේදනා රටාවන් නොමැතිද
wedage Wednesday, 27 September 2017 03:53 AM
පටි පනුවන් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි