IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවා

පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු වේලාවකට පෙර පැවැසීය.

ජාතිය අමතමින් අගමැතිවරයා මෙසේ ද කීය.

අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය නිසා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා.

මේ පැවති ගැටලුවලට විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස. පසුගිය කාලයේ මම මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකයන් සමග සාකච්ඡා බොහොමයක් කළා. ඒ අදහස මමත් පිළිඅරගෙන මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරන්න අසීරු හා දැඩි තීන්දු කිහිපයක්ම අරගත්තා.

පසුගිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී එවකට හිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමාණයක් ඒ වගේම රාජපක්ෂවරු සියලුදෙනාම නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ඇමති මණ්ඩලයක් පත් කළා. ඒ වගේම අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්නට එකඟතාවකට පැමිණියා.

නමුත් මැයි මස 09 වන සදුදා උදෑසන ඔබ සියලුදෙනාම දන්නා පරිදි ඉතා අවසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. මේ සිදුවීම පාදක කරගෙන ඉතාම සුළු වේලාවක් තුළ දිවයින පුරා කළහකාරී සිද්ධීන් ඇති වෙන්න පටන් ගත්තා. ඇඳිරි නීතිය පනවලා ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නටත් ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. පැය කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුථ නව දෙනෙක් පමණ අමානුෂික ලෙස පහරදී මරා දමනු ලැබුවා. ඒ වගේම 300කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කළා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් ගිනි බත් කළා. රට පුරාම මංකොල්ල කන්න පටන් ගත්තා.

මේ සිද්ධීන්ට පාදක වූ මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව මම දැඩි ලෙස හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න නිසි කටයුතු කරන්නටත් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ මිනීමැරුම්, පහරදීම්, බිය ගැන්වීම්, දේපළ විනාශ කිරීම් ඇතුළු මේ ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීයකරණය කිරීමට හැකියාවක් නැහැ. මෙම සිද්ධිය සිදුවූ මොහොතේ ඉදලා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මම රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා.

මේ අවස්ථාවේදී රජයේ මූලිකම වගකීම වන්නේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ නිසා කළහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග ලබා දී තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වූ සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කළ සෑම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා.

ඒ නිසා මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඉවත් වී සිටින ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙතෙක් සිදු වූ ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මම සියලු පක්ෂ නායකයන් සමග කටයුතු කරනවා.

වර්තමානයේ තිබෙන තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න දැනට ඇණහිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යන්න නව ආණ්ඩුවක් පිහිටුවීමට මා කටයුතු කරමින් සිටිනවා. මම මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා.

ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා.

පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබි තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා. මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩාවැටීමට ඉඩ නොතබා මහජනතාවගේ ජිවිත වගේම ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරගෙන ජන ජිවිතයට අත්‍යාවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

එබැවින් මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරිව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

 



අදහස් (5)

19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවා

Sisil Wednesday, 11 May 2022 09:30 PM

නන්දසේන, ඔයා නිසා පෙර නොවූ විරූ විශාල සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් රටේ නිර්මාණය වුණා. රට අරාජික වුණා. අබමල් රේණුවක තරම්වත් මොලයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ ටික තේරුම් ගන්න. කරුණාකර පින් සිද්දවෙයි.., කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව ජනාධිපති තනතුර අතහැරලා ගෙදර යන්න.

:       125       407

චමින්ද Thursday, 12 May 2022 06:06 AM

නන්දසේන මහත්තයෝ ඔහේගෙ ආත්මාර්තකාමී දඩබ්බර උද්ධඡ්ච කටයුතු නිසා රටේ තරමක් හෝ මොළයක් තියෙන සියලුම ජනතාව ජාති ආගම් හා පක්ෂ භේදයකින් තොරව එක අම්මගෙ දරුවො වගේ එකමුතු වුනා ඒ එකමුතුව ඔයැයිගෙ අයියා සහ ගෝලයො රොත්ත විනාශ කරන්න කල කුමන්ත්‍රණය නිසා රටේ ලොකු විනාශයක් වුනා ජාතිය එක්සත්ව එක්සිත්ව සිටින මේ අවස්ථාවෙ රටට දියුණු අනාගතයක් ඇති කර ගැනීමට තරුණයින්ගේ ඉල්ලීමට භාධා නොකර ඉඩදෙන්න

:       0       0

මැක්ස් Wednesday, 11 May 2022 09:40 PM

සජබ, ජවිපෙ..! දැන්වත් වගකීම් සහගත වන්න.

:       11       115

Sanath Wednesday, 11 May 2022 09:41 PM

හමුදා පාලනයක් ගෙන ඒමේ කුමන්ත්‍රණය පරදවමු ...

:       49       34

buddi Wednesday, 11 May 2022 10:54 PM

මේ කුමන නායකයෝද ? ඉදිරිය දැකල සැලසුම් කරගන්න බැරි නිකම්ම නිකම් පුස් චරිත. දැන් පහු ගිය කාලයේ සිදුවූ ආර්ථික පරිහානිය, පුද්ගල ගාතන, පරිසර විනාශයන්, අවනීතිය නිසා සිදු උන හානිය, ලෝකය ඉදිරියේ උන අප්‍රසාදයට වග කියන්නේ කවුද ? අප රටේ හැම දේම අශ්වයා ගිය පසු ස්තාලය වැසීම වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 70 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 291 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 566 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1000 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 704 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1559 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site