Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 29 වන ඉරිදා
(නිමන්ති රණසිංහ)
රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි.
ප්රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනයෙන් දක්වා ඇත.
1959 අංක 8 දරණ පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක 06 සහ 1988 අංක 28 දරණ පනත මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබී ය.
Nuwan Saturday, 07 May 2022 10:41 AM
පාරේ නටන ජෝගි නවත්තලා පාර්ලිමේන්තුව ඇතුලෙන්ම මේක ගොඩ දාගන්න. රනිල් පමණි. විකල්ප නැත.
Reply : 31 2
sujeewa Saturday, 07 May 2022 12:39 PM
දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන සියළුම ඡන්ද ප්‍රමාණය ගත්තද එය රටේ සමස්ථ ඡන්ද හිමි ජනතාවගෙන් අඩක්වත් නැත. කවුරුන් බහුතර ජනතාවක් ගැන නන්දෙඩුවද තවමත් බහුතර ජනතාව මහමග රස්තියාදු නොවී තමාගේ දිවිපැවැත්ම උදෙසා ශ්‍රමය හෙලමින් සිටියි. එක් අතකින් ඔවුන් තම බඩ වියත රැකගන්නා අතරම අනෙක් අතට රටේ ආදායමට යම් පමණකින් හෝ දායක වේ. ඒ බහුතර ජනතාවට මග තොටේ ගමන් කරනු පිණිසත්, තම අවශ්‍යතා ඉටු කර ගනු පිණිසත් කරදරයකින් තොරව පොදු පහසුකම් භාවිතා කළයුතුව ඇත. භාෂණයේ නිදහස හෝ කුමන හෝ නිදහසක් වේවා එය භුක්ති විඳින්නාගේ නාසය අසලින් හා අතේ දුරින් අවසන් විය යුතුයි. කිසිවකුගේ නිදහස තම අදහස් තව කෙනෙකුන් මත බලෙන් පැටවීමට භාවිතා කරන්නේ නම් එය ප්රජාතන්ත්රවාදය නොවේ. එබැවින් කිසිඳු දේශපාලන අවශ්‍යතාවයක් නැති අයහට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිසත්, දේශපාලන අවශ්‍යතා ඇති අය හට ඊට අදාල ප්රජාතන්ත්රවාදී ක්‍රමවලින් විසඳාගැනීමටත් පහසුවනු පිණිස හදිසි නීතිය පැනවීම කාලෝචිත ක්‍රියාවකි. තම තමන්ගේ වෘත්තීන් කුමක් වුවද සියළු මිනිස් සත්වයන් දේශපාලන සත්වයන්මයි. එබැවින් කිසිඳු වෘත්තියක් පරමාදර්ශී නොවේ...
Reply : 5 14
U.d.s.perera Saturday, 07 May 2022 03:09 PM
හදිසි නීතියක අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙනෙන අතර, බලය පාවිච්චි කිරීමට පියවර ගැනීමක් ලෙස හැඟීමක් තමයි දැනෙන්නේ.
Reply : 3 2