IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘සජබ අනාගතය සජිත්ගේ හැසිරීම මත‘‘

(ඩයනා උදයංගනී)

සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව ද සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපෂක්‍නායක පුටුවේ අසුන්ගැන්වීමට කුමන්ත්‍රණය කළේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ ද තමා බවත්, තමන් කිසිම කෙනකුට යටින් මඩ ගහන වැඩ කරන්නේ නැති බවත්ය.

විවේචනයක් ඇත්නම් තමා එය කෙලින් ප්‍රකාශ කරන බව කී මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් යැයිද ද ප්‍රකාශ කරයි

තමන් සිහින දකින්නේ රටේ පවුල් වාදයට උරුම වී තියෙන මේ දේශපාලනය රටේ නිපුණතාවය හා හැකියාව ඇති පරම්පරාවට උරුම කර දීමට බව ද කීවේය.



අදහස් (13)

‘‘සජබ අනාගතය සජිත්ගේ හැසිරීම මත‘‘

chandima Wednesday, 09 June 2021 09:14 PM

කවුද අප්පේ ඔය කියන නිපුණයා...? ලංකාවේ තිබුණු ප්‍රධානම පක්ෂයේ කුජීත කරපු කෙනාද? 

:       65       529

gamunuThursday, 10 June 2021 03:25 AM

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම බලාපොරොත්තුව ඉදිරි මැතිවරණයේදී නවකයින් පාර්ලිමේන්තුවට පත්කිරීම වේ. අන්තවාදී ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදීව ඔවුන්ගේම වාසියට ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක්වන මොවුන්ගේ ක්‍රියාවන් නිසා මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ පවා හානි වී තිබේ. ඔවුන් එක්වූ කිසිඳු දේශපාලන පක්ෂයක් තුළ අර්බුද ඇති කළා මිස සමගියක් නොවිණි. ජාතින් වශයෙන්, ආගම් වශයෙන් මේ වනවිට ජනතාව බෙදී ඇත. මොවුන් යලිත් පාර්ලිමේන්තුවට පත් කළද රටට සිදුවන්නා වූ කිසිදු සෙතක් නොමැත. ඉදිරි මැතිවරණයේදී මොවුන් සිටිය යුතුවන්නේ පාර්ලිමේන්තුවේ නොවන බව මේ වනවිට ජනතාව තේරුම් ගෙන තිබේ. ඔවුන්ගේ පුද්ගලික වාසියට පමණක් පක්ෂ දේශපාලනය කරන්නා වූ පිරිස් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත් නොකෙරෙනු ඇත. ඉදිරි මැතිවරණය යනු දශක ගණනාවකට පසු ලංකා දේශපාලනයේ දිශානතිය වෙනස් කරන මැතිවරණය බව කිව යුතුවේ. දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයන් මේ වනවිටත් කියා සිටින්නේ අලුත් කණඩායමක් රටට අවශ්‍ය බවකි.

:       0       0

kapilaThursday, 10 June 2021 04:03 AM

පවුල් පාලනය සමග එක්ව දේශපාලනය කළ සහ ප්‍රභූ පාලනය සමග දේශපාලනය කළ මොහු වර්තමානයේ එම පාලනයන් විවේචනය කරමින් සිටියි. මොහුට ප්‍රතිපත්තියක් තිබේද? මෙවැනි පුද්ගලයන් යලිත් පාර්ලිමේන්තු යැවිය යුතුද? යළිත් ජාතිවාදීන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුද? නව කණඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු නොවේද?

:       0       0

aka Wednesday, 09 June 2021 09:56 PM

සජ බලවේගයේ කුමන්ත්‍රණය කරන මනුස්සයාම කුමන්ත්‍රණ තියෙනවද කියලා සම්මන්ත්‍රණ තියන එක මොන විහිලුවක්ද?

:       0       0

Rata Perata Thursday, 10 June 2021 01:48 AM

විපක්ෂ නායක හැටියට සජිත්ගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් දුර්වලයි. පවුල් දේශපාලනයෙන් තොර අලුත් නායකයෙක් රටට අවශ්‍යයයි.

:       0       0

Puppa Thursday, 10 June 2021 05:28 AM

සජිත් ගැන විශ්වාසයක් තියන්න බැහැ.. ඔහුගේ හැසිරීම මත... ඔහු බලයට ආවොත් එය රාජපක්ෂ පාලනයේ දිගුවක් වනු නියතය. අවුරුදු 73ක් අප ගෙනිච්චේ අඳුරු යුගයකටයි. ජවිපයට අවුරුදු 05 කියන්නේ දවස් 1800 ක් දීලා බලමු...

:       0       0

Raveendra Thursday, 10 June 2021 06:00 AM

මේ ගොයියා ගැන මිනිසුන්ගේ කියවීම නම් ඉතාමත්ම අඩුය. එනමුත් මුන්දෑ පුතා ගැන සඳහන් කර ඇති දේ නම් ඉතාමත්ම නිවැරදිය.

:       0       0

මුණසිංහ Thursday, 10 June 2021 07:13 AM

සජිත්ට මනාපය පළ කරන යෝජනාවක් ගෙනාවා කියන කොටම අපිට ඕක තේරුණා. බළල මල්ලෙන් එළියට පැන්නේ දැන් තමා. කොහොම වුණත් බුද්ධිමත් විපක්ෂ නායකයෙක්ගේ අවශ්‍යතාව තියෙනවා. සජිත් කෙළින පිස්සු වලින් ආණ්ඩුව ප්‍රයෝජන ගන්නවා. දක්ෂ විපක්ෂ නායකයෙක් නැතිකම නිසා ආණ්ඩුව ඕන බහුබූතයක් කරනවා. අභියෝගයක් නැති නිසා. ඒ නිසා ආණ්ඩුවට අභියෝග කළ හැකි බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් ඔතනට දාන්න.

:       0       0

fairoos Thursday, 10 June 2021 12:46 PM

තවත් බයිලයක් වගේ

:       3       8247

වර්ණකුලසූරිය Thursday, 10 June 2021 01:24 PM

මෙතුමා නිතරම පෙනිසිටීන දේශපාලන කදවුරු ගැන අපට විශ්වාසයක් නොමැති වුනත්, රටක රාජ්‍ය නායකත්වයකට ඉතා සුදුසු පුද්ගලයෙකි. අද සිටින නායකයා ගැන සිතන විට මෙතුමා ඉතා දක්ෂයෙක් වශයෙන් සැළකිය හැකියි. අනුන්ගේ දැනීම මත යැපෙන්නට යන පුම්බා ගත් චරිත රටකට සුදුසු නොවේ. කවර දේශපාලන පක්ෂයකින් වුවත් දක්ෂ, බුද්ධිමත් පාලකයෙක් පැමිණීම රටේ වාසනාවයි.

:       2       5

වාසුදේව Thursday, 10 June 2021 08:18 PM

ඔයාගෙ කියමන සත්‍යයක් වුවත් SJB පක්යෂ තුළ මෙයාගෙ ගමන වේගවත් වැඩියි. ගරු කරමින් සෙසු අනුගාමිකයන්ට නිසි තැන ඩෙමින් ගමන සෙමින් යා යුතුයි.නමුත් ගමන ගොඩක් වේගවත් නිසා ඉක්මනින් දැවි යා හැකිය.අපරාදෙ හොද උගත් දක්ෂ කෙනෙක්.

:       3       0

Srila Thursday, 10 June 2021 04:55 PM

මේ රටේ මිනිස්සු කවදාවත් මොහු බලයට නොගෙනෙනු ඇත. එයට හේතුව දේශපාලනිකව ඔහු පුම්බන්නට මාධ්‍යද, පාරම්බාන්නට පවුල් පරිසරයක්ද, අවස්ථාවාදීව දේශපාලනය නියැලෙමින් පපුවට අතගසන්නට ඔහුට නොහැකි වීමයි.. ඔහු රටට කළ කීදේ පුද්ගලික කාරණා මත ඔහු මඩවලින් වසා දේශපාලනිකව හුදකලා කරනු ඇත.. නූගතුන් බල්ටිගසා ජනයාට සෙල්ලම් පෙන්නනු ඇත..

:       0       1

Vithana Saturday, 12 June 2021 02:57 PM

පාඨලී චම්පික රණවක කියන්නේ තම උගත්කම ඔප්පු කරලා පෙන්වපු දක්ෂයෙක්. හැමදාම පාඩුපිට දුවන තෙල් පිරිපහදුවත් විදුලි බල මණ්ඩලයත් ලාභ ලබන තත්වෙට ගෙනල්ලා වැඩ පෙන්නුවේ මෙතුමා විතරයි. මෙතුමා එන්න කලිනුත් ගියාට පසුවත් ඒවා පාඩුයි. රටට ආදරයක් තියෙනවා නම් ජනතාව සර්ගේ පුටුවේ වාඩි කරවිය යුත්තේ මෙතුමාවයි. මොකද සර් මීතොටමුල්ලේ මිනීමරු කුණු කන්දක් ගහන කොට මෙතුමා ඒ කුණු කන්දෙන් බලශක්තිය හදන්න කටයුතු කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 55 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 937 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 447 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 251 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 172 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 311 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site