(ඩයනා උදයංගනී)
එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම පරිසර හානිය කිසිසේත්ම ඩොලර්වලින් ගණනය කර හිළව් කළ නොහැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය. නැව ගිලී යාම නිසා සාගරයට එක් වු ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩ ගැසු විශාල ප්‍රමාණයක් මේ වනවිට එක් රැස් කර බහාලුම් 40ක ගබඩා කර ඇතැයි කී ඇමතිවරයා තව කොපමණ ප්‍රමාණයක් සාගරය තුළ තිබේද යන්න හෝ මසුන් විසින් කා දමන්නට ඇත්ද යන්න සොයාගත නොහැකි බව කියයි
එම නෞකාවේ භාණ්ඩ වර්ග 193ක් අඩංගු බහාලුම් 1486ක් පමණ තිබී ඇතැයි කී ඇමතිවරයා රටේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් දෙකකට මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් එහි තිබී ඇතැයි ද සඳහන් කරයි.
මෙම නෞකාවෙන් සිදුව ඇති විනාශයට වන්දි ලබාගැනීම මෙන්ම ඊට වගකිව යුතු සියලු දෙනා හඳුනාගෙන දඩුවම් කිරීම ද කළ යුතු බව කී අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව දැනටමත් මේ සම්බන්ධව විමර්ශණ ආරම්භ කර ඇති බවත් දැනටමත් මේ සම්බන්ධ නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධීකරණ ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම් දුන් බවත් කියයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘නැවේ ගින්නේන් පරිසරයට වූ හානිය වසර 20ක් තියේවි‘‘
Nayan Friday, 11 June 2021 05:34 AM
කාලකන්ණි දේශපාලඥයින්ගෙන් රටට වුණු හානිය තව වසර 200ක් වත් තියේවි...!!!
කොරාලගෙ Friday, 11 June 2021 07:10 AM
නිසි වෙලාවේ නිසි තීරණ වරායේ බලධාරින් නොගෙන ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න දීලා වෙච්ච මේ මහා විනාසෙට රටක් වශයෙන් අපි ලැජ්ජා වියයුතුයි. මේ දේවල් මෙහෙම වෙනවා නම් රජයක් වැඩක් නැහැ...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 June 2021 10:02 AM
නැව ගිණිගෙන විනාශ උනා. ඒක බේරගන්න බැරිඋන සමහර දෙනා දැන් අමුතු උද්යෝගයකින් මොනවද මේ කියනා කතා.වෙන රටක මේ දේ සිදුවුණා නම්,මේ වනවිටත් පරිසර ඇමති විතරක් නෙමෙයි වගකිවයුතු හැමෝම අස්වෙලා.අපේ එහෙමත් නොවී ඒ මදිවට කටවල් වල වාදම තමයි අහන් ඉන්නට බැරි.
Hafeel Friday, 11 June 2021 11:50 AM
මේ විහිළු කතා. ජනාධිපතිගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනවලු සහ වන්දි ලබා ගන්න කටයුතු කරනවයි කියන එක... රටේ නායකයාට කෙලින් වැඩ කරන්න පුළුවන්කම තිබුණා නම්, මෙවැනි විනාශයක් රටට වෙන්න නැහැ. කුමාර වෙල්ගම කියන කතා ඇත්ත. අර වාසුදේවත් අපිට ඩොලර් හම්බවෙනවා කියලා විහිළු කතා කියනවා. මේ වාසුදේව චන්ද්‍රිකාගේ යුගයේ ආණ්ඩුව නියෝජනය කරමින්.., ඒ ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය කෙනෙක්. ඒ වගේම වත්මන් ජනාධිපති ලේකම්ට එරෙහිවත් අධිකරණයට ගිය මිනිහා, අද රාජපක්ෂලා ඉදිරියේදී පඹයෙක් වෙලා.
dewa Friday, 11 June 2021 01:38 PM
ගන්න ඕනෙ ක්‍රියාමාර්ග ගන්නේ නැතිව ඔය අන්තරය මතුර මතුර සිටීමෙන් කිසිසේත්ම ඵලක් නොවේ.