IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල් ‘‘නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලා‘‘

(නිමන්ති රණසිංහ)

කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.

අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත අතර, ඉකුත් 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලයට අදාළ දත්තයන් මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණය වත ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

 



අදහස් (31)

‘‘එක්ස්ප්‍රස් පර්ල් ‘‘නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලා‘‘

susantha Friday, 09 July 2021 11:56 PM

නැවේ ගින්න වැඩිකරලා අයියලා, මල්ලිලාගේ සාක්කු පුරවන මෙහෙයුම සාර්ථකව යනවා වගේ...ඔන්න ඔහොමයි නැවු ගිනි තියලා, නැවත රක්ෂණ මුදල් ගන්න උදව් කරලා කොමිස් ගන්නේ. අනිත් පැත්තෙන් රටට එන්න තියෙන රක්ෂණ මුදල් අහිමි කරලා ඒකෙනුත් කොමිස් කනවා. කොමිස් පවුලට ගිය රටනේ මේක...!!!

:       0       125

සනත් බංඩාර Saturday, 10 July 2021 12:09 AM

දත්ත මැකිලා නෙවෙයි.., මකලා.

:       0       138

m Saturday, 10 July 2021 01:46 AM

මැකිලද? මකලද?

:       0       13

nihal Saturday, 10 July 2021 01:50 AM

මැකිලා නෙවෙයි මකලා... දැන් ලැබුණු වන්දියත් මකලා...!!!

:       0       88

Akila Saturday, 10 July 2021 02:03 AM

මැකිලාද මකලාද...? දැන් තේරෙනවා මේක දෙගොල්ලන්ම සම්බන්ධ වෙලා දීපු ගේමක් කියලා...

:       0       32

ශාලින්ද්‍ර Saturday, 10 July 2021 03:54 AM

මුතු ඇටේ... දත්ත මැකීම වූ කලී.., ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘ නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලාය. පාස්කු ප්‍රහාරය දින සහ ඊට අදාල දිනයන්හි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතින් තමාගේ ජංගම දුරකථනයේ සන්නිවේදන දත්ත මැකී ගොසිනි. නමුත්...,'' මම මට පුළුවන් හැමදේම කළා. අදටත් මට හොඳට නින්ද යනවා." යනුවෙන් මොහු පැවසීය. තාජුදීන්ගේ වාහනේ ගිනිගත්තු දින.., අහළ පහළ සියළු CCTV කැඩිලාය. නැත්නම් දර්ශන පැහැදිලි නැත. ප්‍රශ්න නොදන්නා ගානට සිටීමට සමහරක් දක්ෂයෝය...

:       0       97

rocky Saturday, 10 July 2021 04:30 AM

මැකිලා නෙවෙයි... මකලා වෙන්න පුළුවනි.!!! 

:       0       28

kasun Saturday, 10 July 2021 05:47 AM

පුළුවන් නම් මෙන්න මේවාට සම්බන්ධ තක්කඩි කවුද කියලා රටට කියන්න...

:       0       34

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:31 AM

දැන් හරිනේ... කාටත් තේරෙනවා ඇති නැව කතා කරලා මෙහෙට අරගෙන කරගනිපු වින්නැහියක් බව... එහෙම දත්ත මැකෙනවා නම් ඕක කොමියුුනිකේෂන් සෙන්ටර් එකක්ද?

:       0       92

chandima Saturday, 10 July 2021 06:59 AM

ඔන්න දැන් වෙන්න ඕනෑ දේ වෙන හැටි පේන්න පටන් අරගෙන... ඕවා ඔහොම නොවුණා නම් තමයි පුදුමේ... දැන් ඉතින් කවුරු කවුරුත් ගොඩ... කැස්බෑවොයි, මාළුයි, රටේ මුහුදයි තමයි අන්තිමට විනාශ වුනේ... රටට හානියක් වුණාම වගකිවයුතු අය ලිස්සලා යන ඔය ක්‍රමය තමයි මහ බැංකුවේ සිද්ධියේ ඉඳන් ඔය වෙන්නේ...

:       0       95

C.K.Lankaputhra Saturday, 10 July 2021 07:35 AM

සී.අයි.ඩී.යත් ආණ්ඩුවේ, වරායත් ආණ්ඩුවේ... ඉතිං මැකෙන එක අහන්නත් දෙයක්ද?

:       0       89

විපරමා Saturday, 10 July 2021 08:22 PM

ඒ විතරක් ද ඉන්න තරමක් හෙන්චයියලා, කඩේ යන අය පත්කරලා තියෙන්නෙත් පවුලේ අයට ඕන විදියට රූකඩ වගේ නටවන්න පුලුවන් අයනේ...

:       0       8

ranjith Saturday, 10 July 2021 07:55 AM

අපි නිවට වෙලා හොඳටම... අපිට මොන හානියක් කරත් අන්තිමට අංගොඩ ජනතාවට හිරිහැර ඔක්කොම

:       0       40

jayath Saturday, 10 July 2021 07:56 AM

මරු... !!

:       0       11

මරා Saturday, 10 July 2021 08:10 AM

සමහර මර්ඩර් කේස් CCTV නෑ වගේ.. පුදුමේ ලෝකේ හොඳම වරාය කරන්න ඉන්නේ වරායේත් දත්ත මැකිලා... හරියටම ඒ දවස් දහයේ...

:       1       670

Asanga Saturday, 10 July 2021 08:38 AM

මේකනම් නිකන් හිටියේ ඇයි? මට නම් පෙනෙන්නේ අදාළ අංශයන්ගේ අකාර්යක්ෂමතාවයයි.

:       0       47

Prabath Saturday, 10 July 2021 08:49 AM

අහපු ගාණම බැරිවෙන්න මකන්න ඇති. දැන් දයා මහත්තයත් වෙන තැනකට ගිහින් දැම්මනේ.. මේ අය ඇරෙන්න ලංකාවේ ඔක්කොම ඉන්නේ මෝඩයින් කියලා හිතනවා ඇති...

:       0       358

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 10 July 2021 09:25 AM

මේ දත්ත මැකුණද? එසේ නැතිනම් නැවේ සත්‍ය කතාව එළිවුණහොත් ඉන් අවාසියක් වෙන නිසා මකා දැමුවාද?

:       0       276

මැඩියා Saturday, 10 July 2021 09:38 AM

ඒ ටික විතරයිනේ මැකිලා තියෙන්නේ.. නැව ගෙන්නලා ගිනිතියලා රටවලට ගෙවන්න තියන ණය ගෙවන්න වන්දිය ගත්න හදනවා කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ...

:       1       298

ජයන්ත Saturday, 10 July 2021 09:42 AM

ඔය දත්ත නොමැකුණා නම් තමයි පුදුමේ. මෙවැනි දත්ත මැකී ඇති බවට ඉදිරියේදී නිවුස් එන බවට අප එදාම අවබෝධ කරගත්තා. දේශපාලන සම්බන්ධයක් ඇති හොරකමක්, ඝාතනයක් වුණාම CCTV දත්ත මැකෙනවා වගේ තමයි...

:       1       451

jagath Saturday, 10 July 2021 10:04 AM

නීතිය පරදා දේශපාලනය ජයගත් රටක්... නොදකින්... බණ්ඩාරනායකලා, සේනානායකලා, රටට දායාද කළා.. මේ සාටක කාරයෝ ඇවිත් රටේ ජනතාවගේ සියලුම දේවල් උදුරා ගත්තා...

:       0       671

Kodi Saturday, 10 July 2021 12:14 PM

මෙහෙම ගියොත් නැවක් අපේ වරායට එවන්න සමාගම් දහපාරක් සිතයි නේද? එවිට අපිට වන්නේ කුමක්ද? ක්‍රමයෙන් මේ පාලකයන් අපේ රට ලෝකයෙන් හුදකලා කරන ගමනකට රැගෙන යනවා නේද?

:       0       39

සෙනෙවිරත්න Saturday, 10 July 2021 01:58 PM

දැන් අප රටේ නිදොස්භාවය ඔප්පු කරන්නේ කෙසේද? නැව් සමාගමේ තර්කවලට මුහුණ දෙන්නේ කෙසේද?

:       0       29

සෙනෙවිරත්න Saturday, 10 July 2021 01:59 PM

මේ සාටකය රට විනාශ කළා...

:       0       58

විජිත් Saturday, 10 July 2021 02:47 PM

ඔය සුරංගනා කතන්දර 1970 ගණන්වල කියන්න පුළුවන්. එ්ත් මේ අපි ජීවත්වන 21 වන සියවසේ මැද හරියේදී අවුරුදු 10ක කුඩා ළමයෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔය දත්ත නිකම් මැකෙන්නේ නැහැ. ඒවා අනිවාර්යයෙන්ම " මකලා "...!!! මකපු දත්ත සොයාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ලෙහෙසිම ක්‍රමය පණිවිඩ එවපු ට්‍රාන්ස්මිටරයේ ඇති යැවූ (sent) දත්ත ලබාගැනීම. ඒවගේම ඔය දත්ත මැකුණා කියන රෙකෝඩරයේ මව් කොම්පැනියෙන් (මැකුණු දත්ත නැවත මතුකර ගැනීමට) උදව් ලබාගැනීම. ඒ වගේම මම දන්නා විදිහට කැනඩාවේ ආයතනයක් තිබෙනවා මේ කාර්යයන් පහසුවෙන්, ඉක්මණට කරදීමට... කෙසේවෙතත්, මම නැවත නැවතත් කියනවා... ඒ දත්ත මැකුණේ නැහැ. ශ්‍රී ලංකාවේ අන්ත දූෂිත හොර මිනීමරු දේශපාලුවෙකුගේ "ඕඩර්" එකකට අනුව කොන්ද පණනැති අන්තේවාසික බයියෙක් විසින් කරන ලද "බලු" වැඩකි. ඒ වගේමයි.. මේ කරන සියලුම අසික්කිත වැඩවලට වගකිවයුත්තන් සොයාගෙන, කවදා හෝ " දඬුවම " එනබවත් ඔය කවුරු කවුරුත් හොඳින් මතකයේ තබාගත යුතුයි. සොබාදහම් නීතියේ මතක මකන්න බැහැ...!!!

:       0       165

ගමේ එකාලා Saturday, 10 July 2021 03:33 PM

තාජුදීන්ට, මාධ්‍යවේදීන්ට කරපු හරිය මතක් වුණා. කොහොමටත් පවුල් ආණ්ඩුව බලයේ ඉන්න කොට සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       33

Diu Saturday, 10 July 2021 03:39 PM

ආයුධ එකට ඇතිල්ලිලා ... නොමැකුණා කියන එක පිළිගන්න.. අධිකරණය ඒක පිළිනොගන්න එකක් නෑ. එක රටක්.., සිද්දි 02ක්..

:       0       12

Nuwan Saturday, 10 July 2021 04:11 PM

ඔය කියන දත්ත මැකුණේ නැව ගිණිගන්නත් කලින්... වැරැදිලාද මන්දා දාලා තියෙන්නේ...

:       0       11

Upul Saturday, 10 July 2021 05:44 PM

හොරාකෑම තම නිපුණතාවය වුණාම මේ වගේ සිදුවීම් තොගපිටින් බලාපොරොත්තු වෙන්න පුළුවන්..!

:       0       19

යසාන් සනුක Saturday, 10 July 2021 09:39 PM

දත්ත සිතාමතා මකා ඇතැයි සිතෙන්නේ නැද්ද?

:       0       3

Ieron Sunday, 11 July 2021 06:56 AM

සල්ලි කීයක් ගියාද මකන්න?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1145 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1101 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 629 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1636 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 83 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2700 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site