IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ලැබෙන්නෑ‘

(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කරන තෙක් විදේශ ණය ආධාර සතයක්වත් මෙරටට නොලැබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී  අද (31) පැවසීය.

රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු නොකර ජාත්‍යන්තර ණය ආධාර සිහින දැකීමෙන් පලක් නොවන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා එහිදී  තවදුරටත් මෙසේ ද කීවේය.

  "අද අපේ රට මුහුණ පා තිබෙන මේ ආර්ථික ව්‍යසනය පිළිබඳ විපක්ෂයේ සිටින අපි අවුරුදු එකහමාරකට පෙර සිට දැක්කා. විපක්ෂ නායක තුමා ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ, ආර්ථික විශේෂඥයන් මේ පිළිබඳව වරින් වර හඬ නැගුවා. නමුත් ආණ්ඩුව එය තුට්ටුවකටවත් මායිම් නොකර ඩොලර් සංචිත බින්දුවට වැටෙනකම් ආණ්ඩුව උඩ බලාගෙන හිටියා. එවක මුදල් ඇමති අයවැය ඉදිරිපත් කරාට පස්සේ මේ ආර්ථික අර්බුදය ගැන කටවත් ඇරියෙම නෑ. 

දැන් රටට ඩොලරුත් නෑ රුපියලුත් නෑ. හැබැයි රටට ඩොලර් ගලාගෙන එන හැටි ගැන ආණ්ඩුව තවම හීන දකිනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා කියලා රජය ප්‍රකාශ කළා. පැය 24ක් යන්න කලින් ලෝක බැංකුව එය  ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් තාම සාකච්ඡාවක්වත්  ආරම්භ කරලා නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කළා. 

දැන් මේ අර්බුදය ආරම්භ වෙලා සෑහෙන කාලයක් ගත වෙනවා. හැමදාම පුවත්පත් බැලුවහම අපේ රටේ නායකයෝ විවිධ රටවල් වලින් ආධාර ඉල්ලනවා. නමුත් සිල්ලර ආධාර හැරුණුකොට අද වන තෙක් රට ගොඩ දමන්න පුළුවන් ආකාරයේ ආධාරයක් තවම හමුවෙලා නැහැ. ලංකාවට ආධාර ලබාදීම සඳහා කාරණා දෙකක් අපේක්ෂා කරන බව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන ලබාදුන් ප්‍රකාශන දිහා බැලුවාම පෙනීයනවා.

අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන් මූලික අවධානයක් යොමු කරල තිබෙනවා. මෙම කාරණා දෙක සාර්ථකව ඉටු කිරීමෙන් තොරව කොච්චර ණය ඉල්ලුවත් මෙම ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයට ලබා දෙනකන් අපට ණය ආධාර ලැබෙන්නේ නැහැ.



අදහස් (1)

‘දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ලැබෙන්නෑ‘

Gamunu Tuesday, 31 May 2022 05:59 PM

දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් මෙවන තුරුත් සිදුනොවී තිබීම නිසාවෙන් විදෙස් ණය නොලැබෙන බව අපට පැහැදිලිය. ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතරට මේවනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත් ඇතුලත් කර තිබීම විශේෂත්වයකි !

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 151 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 402 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1020 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1314 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 440 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 206 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site