IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා

(නිමන්ති රණසිංහ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.

එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වේ.

අදාළ ගිණුමේ තිබූ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේදී වැටුප ලෙසින් ලද මුදල් බවත් එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කර බැලීමේදී මෙම කරුණ හෙළිවී ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැවසේ.

බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියන අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ද සේවය කර ඇත.

පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කිහිපයක් මෙන්ම කතානායකවරයකු ලෙස කටයුතු කළ මේ වනවිට මියගොස් ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු වෙයි.

මෙම මූල්‍ය වංචාව හෙළි වීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සදහා ඉදිරි පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.



අදහස් (66)

ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා

ravin Tuesday, 25 January 2022 07:07 PM

කම්බ හොරෙක් නේද?

:       36       127

ajithTuesday, 25 January 2022 08:02 PM

විජ්ජාවෙන් ජනතාව මුලාකරනවා වගේ නොවෙයි රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මුදල් වංචා කිරීම...

:       2       81

nimalTuesday, 25 January 2022 08:26 PM

ලංකාවේ දුෂණය සහ හොරකම නොමැති ආයතනයක් තිබේ නම් කරුණාකර දන්වන්න.

:       2       78

nimelenWednesday, 26 January 2022 11:53 AM

අවුරුදු 73ක් හොරුන්ටම චන්දේ දුන්නම ඔහොම තමා වෙන්නේ...හොරකම නැති ආයතනයක් හොයා ගන්න ඕන නන් හොරකම ගෑවිලාවත් නැති අය පාර්ලිමෙනතු යවන්න ඉගෙන ගන්න

:       4       27

Roshan Wednesday, 26 January 2022 02:25 PM

නිමලෙන් අවුරුදු 73ම හොරු හිටියේ නෑ. හොරු ඡන්දය ඉල්ලන්න ගත්තේ 1977 ඉඳලා. 1977 ඉඳලා ඡන්දය ඉල්ලපු අයගෙන් 99%ක්ම හොරු...

:       0       16

sathyapalaWednesday, 26 January 2022 05:16 PM

ඔක්කොම හොරු තමයි. ඒත් මෙතැනදී තවත් නාටකයක්ද කියලාත් හිතෙනවා. සාක්කුවට කුඩු පැකට් එකක් දාලා අහිංසකයින් හිරේ දානවා වගේ.., පල්ලියේ බෝම්බේ තිබ්බේ මුණි කියන සේවකයා කිව්වා වගේ මේ පුද්ගලයා මෙයාලගේ ඇතුලේ මොනවා හරි, ඉතාවැදගත් රහස් දන්නා නිසා මොනවා හරි දෙයකට පටලවලා ඉවර කරලාම දාන්න හදනවද කියලත් සැකයක් හිතෙනවා. එතරම් දරුණු අමානුෂික රටක් මේක...!

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 07:14 PM

ලොක්කට තදවෙලා මෝඩයා..., බූරුවා කියලා බැනපු මේ පාර බයියන්වත් ඡන්දේ දුන්නේ නැති හපුතලේ කන්ද නගින හාදයා නේද..? හොරාගේ හොරාට අපි නම් කියන්නේ කම්බා හොරා කියලයි..

:       51       167

Ruhubu Tuesday, 25 January 2022 07:19 PM

හොරුන්ගෙත් හොරු...

:       37       136

Hafeel Wednesday, 26 January 2022 12:15 PM

ඔබ හරියට කිව්වා. සේරම එකම ගහේ ගෙඩි තමා.

:       0       23

bamunuarachchi Tuesday, 25 January 2022 07:19 PM

පරම්පරාවටම නැගිටින්න දෙන්න එපා....

:       63       63

ganegodaWednesday, 26 January 2022 07:27 PM

පරම්පරාවම ඉන්නේ දියවන්නාවෙනේ..!

:       0       6

Cisco Tuesday, 25 January 2022 07:23 PM

අපේ ගිණුමෙන් පොඩි ගාණක් අඩුවුණත් අපට දැනෙනවා. මෙතරම් මුදලක් අවුරුදු ගණනාවක් තිස්සේ නොදැනෙන්න ඇද්ද කියන්නේ කොයිතරම් මුදලක් තියෙන්න ඇද්ද?

:       54       260

රටවැසියා Tuesday, 25 January 2022 07:25 PM

අපේ ගිණුමෙන් රුපියල් 1000ක් අඩු වුණත් අපිට එක දවසක්, දෙකක් යනකොට දැනෙනවා. මෙයාලාට කෝටි 4ක් අඩුවෙලා කියලා අවුරුදු ගාණක් ගිහිල්ලත් හොයාගන්න අමාරුවෙලා...

:       55       218

විපරමා Tuesday, 25 January 2022 07:27 PM

දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු දේවල් නෙවෙයිනේ? ඔහොම වෙන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       58       202

MO77 Tuesday, 25 January 2022 07:29 PM

මෙයාලාට කියන්නේ හොරුන්ගෙත් හොරු. මේ අය නියමෙට ගේම දීලා තියෙනවා... මහ මොළකරුගේත් මොලෙන් රිංගලා...

:       41       132

ලේක්කෝ ගලබඩ Tuesday, 25 January 2022 07:48 PM

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... දනට, පිනට ගෙදර දොරට දුන්නේ මං... (අයියෝ.. සල්ලී..!)

:       24       90

siri Tuesday, 25 January 2022 08:02 PM

අම්මෝ... ජනාධිපති කෙනෙකුට සේරම සැප සම්පත් නිකන්දීලා ඔච්චර පඩියකුත් ගෙවනවද අප්පා...? මේ රට බන්කොළොත්වෙන එක පුදුමයක් නොවේ...

:       34       162

Bamunuarachchi Tuesday, 25 January 2022 08:12 PM

සාටකෙත් දාගෙන ජපබෝලෙත් මිරිකාගෙන ලොක්කා හොන්ඩර ගණනින් ගහන ගැහිල්ල පුද්ගලික ලේකම් හොඳින්ම දන්නා නිසා ඔහේ අහුරක් විතර සාටකේටම මුවා වෙලා ගන්න ඇති... ඇයි පවුද?

:       62       221

sharm warnWednesday, 26 January 2022 09:18 AM

අම්මෝ.. බමුණෝ... ඔයාමද මේ? මේකට නම් කිරිබතක් කන්නම වෙනවා...

:       0       0

මෝ Tuesday, 25 January 2022 08:49 PM

මයිනට,කොහොම සල්ලියක් ඇද්ද කෝටි 4ක් ඇද්දත් දැනෙන්නෙ නැතිවෙන්න.අරූ එදා,මෝඩ,බූරුවෙක් කියල අහගත්තනෙ.ඒකට,පාඩමක් උගන්නන්න මේක කරන්න ඇති.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 08:49 PM

ලොක්කා අද නවලෝකේ ඔපරේශන් කලා. එන්ගලන්තේ ප්‍රසිද්ධ මහාචාර්‍ ය දොස්තර හිලාලි නූර්දීන් තමයි ලන්කාවට ඇවිල්ලා කලේ. (ලැමිනෙක්ටමි ඔපරේශන් එකක් කොදුඇට පෙල ආශ්‍රිතව)

:       0       0

SarathWithana Tuesday, 25 January 2022 08:55 PM

මේ අර වරක් මහින්ද අගමැති තුමා "මෝඩ යකා" ලෙස ඇමතූ උදිත් ලොකුබණ්ඩාර මහතාය. නමුත් සැබවින්ම "මෝඩ යකා" යනු කවුද කියා වැටහෙනවා නේද?

:       0       0

Sinarendra Tuesday, 25 January 2022 08:58 PM

හොරුන්ගෙත් හොරු කියන්නේ මේගොල්ලන්ට තමයි.

:       0       0

මෝඩයෙක් Tuesday, 25 January 2022 08:58 PM

" මු මහා මෝඩයෙක්" කීවට හිතුවතරම් මෝඩ නෑ නේද ? "ගෝලයාගේ හොරකම ඔයවගේනම් ලොක්කගේ කොහොම ඇද්ද" කියල අදහස් පලකරන එකනම් හරිනෑ මගේ හිතේ.

:       0       0

Eranga Tuesday, 25 January 2022 09:07 PM

දැන් ඔය කියන හාදයා ලඟ තියාගෙන උන්නෙ අපෙන් අහලද??අනිත් එක ඔච්චරම නම කියා ගන්න බැරිව වටේ යන්නෙ කාට බයෙන්ද?? මේ තවත් රටේ මිනිස්සු ගොනාට අන්දන්න යන නාටකයක්..

:       0       0

beau Tuesday, 25 January 2022 09:48 PM

අපොයි කවුද මේ කතන්දරේ විශ්වාස කරන්නේ .කෙප්ප

:       0       0

Kumara Tuesday, 25 January 2022 09:59 PM

ඔන්න නියම වැඩ්ඩෝ

:       0       0

Kamal Tuesday, 25 January 2022 10:01 PM

ලැජ්ජයි. වංචාවක් දූෂනයක් නැතුව වැටුපෙන් ජීවත් වෙන එතුමාගෙ වැටුප හොරකම් කලේ ඇයි?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 10:10 PM

මේ කථාව පතුරන්නේ ඊයේ ඔපරේශන් එක වහගන්නද?

:       0       0

Pradeep Kumara Wednesday, 26 January 2022 08:47 AM

අපොයි දැන් ලොක්කාට කන්න බොන්නවත් විදියක් නැතුව ඇති. සල්ලි ටික හොරකම් කරලා නිසා... පුළුවන් අය වියළි ආහාර මල්ලක්, දෙකක් යැව්වොත් හොඳයි...

:       0       0

Sajahan Lokubanda Rada wane Wednesday, 26 January 2022 09:08 AM

අප්පගේ නමත් කෑවා... විජ්ජාවෙන් මුලාකරපු පරම්පරාවෙන් ආපු කෙනෙක් වෙන්න බැරිද?

:       0       0

mohomed agarapatana Wednesday, 26 January 2022 09:09 AM

අයියෝ පව්, කුඹුරු කොටලා මහන්සි වෙලා උපයන මුදල්...!

:       0       0

Harsha Wednesday, 26 January 2022 09:11 AM

මේක හොරකමක් නෙවෙයි. මෙයා සල්ලි අරගෙන තියෙන්නෙ සොහොන් හදන්න. දැන් අහූවුණු නිසා කොටසක් ආපහු ගෙවයි. ඒ වගේ දේවල්වලට සල්ලි ගන්න අවසර තියෙනවානේ...

:       0       0

සාම්බාරු Wednesday, 26 January 2022 09:47 AM

එයා හපුතලේ දියුණු කරන්න වෙන්න ඇති කෝටි 4ක් ගන්න ඇත්තේ... කුළුනක් හරි පොකුණක් හරි ගහන්න හිතාගෙන ඉන්න ඇති... අපරාදේ...!

:       0       0

Sarath Warnasuriya Wednesday, 26 January 2022 09:48 AM

මේ නම් හොරුන්ගෙත් හොරෙක්... අරන් තියෙන්නේ පුස් කකා තිබුණු හාර කෝටිය...!

:       0       0

සම්පත් Wednesday, 26 January 2022 09:54 AM

ජනාධිපති කෙනෙක් 60000ක පඩියට අවුරුදු 10ක් වැඩ කළාම කෝටි 3ක පඩි ලැබෙනවා. වැඩිපුරම ලැබෙන්නේ OT. කතානායකලාගේ විතරක් නෙවෙයි ජනාධිපතිලා, අගමැතිලා කතානායක සහොදරයින් ඇතුලු සියල්ලගේම රෙදි ගැලවෙනවා. ඕවාට නඩු දාලා කොහොමද වත්කම් ප්‍රකාශ නොකිරීම වගේ වැරදි වලින් බේරෙන්නේ... සාමාන්‍ය කෙනෙක් ඔච්චර ලොකු මුදලක් තිබුණානම් පොලිසියෙන් කතා හදනවා. මෙයා තමයි තංගල්ලේ කුඩු ගෙනත් දකුණු පළාතට බෙදා හරින්නේ. බොහෝ අපරාධ වලට සම්බන්ධයි කියලා... ඒත් ලොකු කෙනෙක් කළොත් ළඟ ඉන්න අය තමයි වැරදිකාරයෝ...

:       2       16

NImalSunday, 30 January 2022 08:46 AM

60,000x12X10 = 7.2million = 72 laks , කෝටියක් කියන්නේ ලක්ෂ සීයක්

:       0       0

රිල්වාන් Wednesday, 26 January 2022 10:01 AM

මේ හපුතලේ ළමයාව ලොක්කා එලෙව්වේ ලොක්කාට හම්බවුණු සන්තෝසම් (අල්ලස්) මුදලක් හොරකම් කළ නිසයි. දැන් ඉතින් තාජුඩීන්ගේම පිහිටයි....

:       0       11

jagath Wednesday, 26 January 2022 10:32 AM

ලඟින්ම ඉන්න අයගේන් පරිස්සම් විය යුතුයි.

:       0       0

Eranga Wednesday, 26 January 2022 10:33 AM

ලඟින්ම ඉඳල පලිගන්න එක නියමයි. මෝඩ යකා කියල බැන්න එකට රිටන් එක කෝටි ගාණක්... ඕකට කිසිම විදියකට ඔය හාදයට නඩු දාන්න බෑ ලංකාවේ නීතියෙන්. නඩුවක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. මොකද සියළු අවසර සහිතව කාඩ්පත පාවිච්චි කරන්න දුන්න එකක් නිසා...

:       0       0

kamal Wednesday, 26 January 2022 11:03 AM

තමන්ගේ බැංකු ගිණුම ආරක්ෂා කර ගන්න බැරි හපනෙක් අපෙ රටේම අනාගතේ .කිරිබත් කන්නමයි හිතෙන්නේ

:       1       35

sam Wednesday, 26 January 2022 11:03 AM

ඕවා සාමාන්‍ය දේවල්.ලොක්කා රටයි ,ජතාවයි අන්දවලා ,කනෙන් රිංගලනවා.ඉතින් එහෙම අයාගෙන ගත්තම මොකද වෙන්නේ .මේවාට තමයි කියන්නේ කර්මය කියලා .සුනාමි සල්ලිත් ගන්න ඇති නේද .දැන් සැපද

:       0       13

Bin Kunda Wednesday, 26 January 2022 11:10 AM

අපොයි. අපේ අකමැති තුමා මුලු ජීවිත කාලෙටම පාර්ලිමේන්තුවෙන් ලැබුනු පඩි, නොකා නොබී, තඹ දොයිතුවක් වියදම් නොකර තමයි ඔය මුදල එකතු කොරේ එහෙනං. කිසි කෙනෙක් ගනන් හදලා බලනවා එහෙම නොවෙයි මුලු ජීවිත කාලෙටම ලැබුනු පඩි මුදල් එහෙම ඕන්.

:       0       26

Buddhika Wednesday, 26 January 2022 11:21 AM

පඩිය ඉතුරු කළා කියමුකෝ කොහොමද මෙතෙක් කල් මෙයා ජිවත් උනේ.?

:       0       32

duplicate Ralahami Wednesday, 26 January 2022 11:42 AM

හොරුන් සමග හොරු!ඇල්ලුවොත් පුදුමයි. ඔක්කොම හොරකම් එළිවෙන තැන තමයි. ඔහොම යන්

:       0       25

Akila Wednesday, 26 January 2022 12:29 PM

අගමැති තුමා වැටුප පාවිච්චිචි කරන්නේ නැතිව මෙතෙක් කල් ජිවත් උනේ කොහොමද ? එතුමාට වෙනත් අදායම් මාර්ග තිබෙනවද ?

:       0       34

රයිගමයාWednesday, 26 January 2022 12:55 PM

ගස්වල අතු කපනවා, කොස් කඩනවා... හිරමන තල පීරිගානවා... ඕවා තමයි පාර්ට් ටයිම් ජොබ්ස්...

:       0       26

sathyapaala Wednesday, 26 January 2022 12:45 PM

හොරුන්ගෙත් හොරු කඹ හොරු කියලා කියනවානේ. මේ එහෙම එකක්

:       0       18

සදිසි Wednesday, 26 January 2022 01:33 PM

මුන්නැහේලත් අවුරුදු 73ක්ම කළේ ජනතාවගෙ ලඟින්ම ඉඳගෙන ජනතාවගේම පොකට්ටුවට විදින එක තමයි...

:       0       17

pradeepa Wednesday, 26 January 2022 01:44 PM

මුලින්ම කළ යුත්තේ අගමැතිතුමාගේ ආදායම ගැනීමයි..

:       0       15

Prabha Wednesday, 26 January 2022 01:47 PM

හොරාගෙත් හොරාට අලුත්ම නම තමයි මෝඩ යකා...

:       0       11

වසන්ත කුමාර Wednesday, 26 January 2022 01:52 PM

ඔය ගිණුමේ දැනට කීයක් ඉතිරිවෙලා තියෙනවද, ඔය ගිණුමේ මුදල් සංසරණය වෙලා තියෙන්නේ කොහොමද කියාලා විමර්ශනයක් කලොත් සමහරවිට මේ රටට වෙලාතියෙන දේ ගැන සෑහෙන හෙළිදරව්වක් ලැබේවි.

:       0       22

hesa Wednesday, 26 January 2022 02:06 PM

ඔන්න ඕක තමයි මුදල් ගනුදෙණු වලදී විශ්වාස කළහැක්කේ කවුද කියන්නේ..?

:       0       6

Prabha Wednesday, 26 January 2022 03:23 PM

මම කල්පනා කරන්නේ අපේ පඩියනම් අරගෙන සති දෙකෙන් ඉවර වෙනවා. රස්සා නොකරන දරුවෝ සහ ඒ දරුවන්ටත් දරුවෝ ඉන්න මහින්ද මහත්තයා කොහොමද පඩිය ඉතුරු කළේ කියලා දන්නවා.

:       0       22

ganegoda Wednesday, 26 January 2022 04:03 PM

හොරුන්ම නිදොස්කොට, නිදහස් කරලා හොරබඩු හොරුත් එක්ක බෙදාගන්න එක තමයි සිද්ද වෙන්නේ...

:       0       6

Samantha Wednesday, 26 January 2022 04:15 PM

මෙයා ඕච්චරද බන් ගන්න තිබ්බේ බිලියනපතියාගෙන්...?

:       0       9

bunty Wednesday, 26 January 2022 04:16 PM

ඩොලර් බිලියන ගණන් හොරා කාපු අයට රුපියල් කෝටි 4 (ඩොලර් ලක්ශ 2) ක් නැතිවෙනවා කියන්නේ, එයාට ඒක මොන හූනු බිජ්ජක්ද?

:       0       11

Rohana Wednesday, 26 January 2022 04:17 PM

වංචාකළ මුදල මෙපමණ නම් තව ගිණුමේ කොපමණ මුදලක් ඇතිද? මෙවැනි ගිණුම් තවත් ඇතිනේ. එතකොට මේ මුදල් ඔක්කොම සාධාරණව උපයා ගත්ත ඒවාද? ටිකක් සැක සහිතයි. මේවා අර වාර්ෂිකව ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශන වලට ඇතුළත් කරන්නේ නැතිද? මේ කරුණු ගැන සොයන්න බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද..?

:       0       15

ගජමිතුරු Wednesday, 26 January 2022 05:01 PM

මේ කතාව ගැන විවිධ ආකාරයට හිතන්න පුළුවන් වැටුප් එකතුවෙන ගිණුම, ව්‍යාපාරිකයින් නඩත්තු කළ ගිණුම්, (ලොකු ළමයා එලවන්න හේතුවී ඇත්තේ මහින්ද හමුවට පැමිණි හිතවත් ව්‍යාපාරිකයෙක්ගෙන් සන්තෝසමක් ගත්තා කියලානේ...) එයාට සංතෝසමක් දුන්නානම් ගිණුම් හිමියන්ට නැතිවෙන්න බැහැනේ. ඇමැතිලා ටෙන්ඩර් මණ්ඩල හරහා නඩත්තු කරන ගිණුම් වගේ ආදායම් මාර්ග අනන්ත තියෙනවා ඇති .

:       0       8

ගමේ එකාලා Wednesday, 26 January 2022 05:16 PM

හෙල්පින්ග් හම්බන්තොට ගිණුමට ලැබුණු සුනාමි ආධාරත් යහමින් තියෙන නිසා වෙන ගිණුම් ගැන මේ වෙනතුරු හොයාබැලුවේ නැතුව ඇති...

:       0       9

Kumara Wednesday, 26 January 2022 05:23 PM

දැන්වත් මේ රටේ වහල්ලු දැනගන්න ඕනෑ. රටේ සල්ලිවලට මොකද වුණේ කියලා...? කොල්ලෝ නුඹ ළඟින් ඉඳගෙන ඇත්ත රටට, ලෝකයාට හෙළිකළ නුඹ මේ රටට ණය නෑ.

:       1       9

sathyapala Wednesday, 26 January 2022 05:25 PM

ඔක්කොම හොරු තමයි. ඒත් මෙතැනදී තවත් නාටකයක්ද කියලත් හිතෙනවා. සාක්කුවට කුඩු පැකට් එකක් දාලා අහිංසකයින් හිරේ දානවා වගේ, පල්ලියේ බෝම්බෙ තිබ්බේ මුණී කියන සේවකයා කිව්වා වගේ මේ පුද්ගලයා මෙයාලගේ ඇතුළේ මොනවා හරි ඉතා වැදගත් රහස් දන්නා නිසා මොනවාහරි දෙයකට පටලවලා ඉවර කරලාම දාන්න හදනවද කියලත් සැකයක් හිතෙනවා. එතරම් දරුණු අමානුෂික රටක් මේක...

:       0       11

Shashika519 Wednesday, 26 January 2022 07:15 PM

නුඹලා මහින්දගේ මේ නාටකේ පස්සේ එලවනකොට වෙන පැත්තකින් ඩොලර් බිලියන ගණනක හොරකමක් රාජපක්ෂලා කරලා ඒවා බෙදාගෙනත් ඉවරයි. මෙයා නාට්‍යයේ සහාය චරිතයක් විතරයි...

:       0       4

Bamunuarachchi Thursday, 27 January 2022 09:02 AM

විජිත කියන ජෙප්පා කියා තිබෙනවා ප්‍රභූ ගිණුම් පැටිකිරිය එළියට ආවා කියලා. රුපියල් කෝටි 4ක් කියන්නේ විශාල මුදලක්ද? සමහර මුදලාලිලාගේ වාහන කොටි 5ක් වටිනවා. දැන් නගරවල සිටින බොහෝම දෙනා කෝටිපතියන්. පර්චස් 10 ඉඩමක් දැන් කොටිගාණක් වටිනවා. මේ ජෙප්පෝත් පඩිය පක්ෂෙට දෙන්නේ ඒ අයත් කෝටිපතියන් නිසා නේද? මෙතුමා පඩිය බැංකුවේ තියාගෙන හිටියා.. ජෙප්පන් පඩිය පක්ෂයට දීලා ඩීල්වලින් ජීවත් වෙනවා. ගණන් බැලුවොත් ප්‍රභූ නොවුණාට ජෙප්පෝ කෝටිපතියෝ...

:       0       0

GEMUNU Thursday, 27 January 2022 02:52 PM

කවදාවත් දුෂණ චෝදනා එල්ල නොවුණු තත්තෙක්ට කරපු නිගරුවක්.

:       0       0

Nandana Thursday, 27 January 2022 03:28 PM

මේක තවත් ජවනිකාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1531 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 599 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1002 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 956 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 367 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 547 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site