IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හැඳුනුම්පත් නිකුතුව කඩිනම් කරන්නැයි ජනපති නියෝග

(අංජුල මහික වීරරත්න)

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ  පවතින ප්‍රමාදය කඩිනමින්  යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව  ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව සිදු කෙරිණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සහ GovTech (Pvt) Ltd යන ආයතන වලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘති වල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතු වන බාධක හඳුනා ගැනීම මෙන්ම, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වූ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි. 

තවද, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් සහ වෙළඳපොළ හසුරුවන්නන් හට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. 



අදහස් (0)

හැඳුනුම්පත් නිකුතුව කඩිනම් කරන්නැයි ජනපති නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site