(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
2023 සිට 2025 දක්වා කාලය සඳහා හරින් ප්‍රනාන්දු මහතා මෙම තනතුරේ කටයුතු කරයි.
කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ (CSA) 59 වන රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් නව තනතුර පිළිබඳව නිවේදනය ප්‍රකාශයට පත් කෙරිණි.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම සංචාරක කර්මාන්තයේ සුවිශේෂී උත්සාහයන් සහ දායකත්වය පිළිබඳ සාක්ෂියක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
උප සභාපති භූමිකාවට අමතරව, සංචාරක හා තිරසාරත්වය පිළිබඳ කමිටුවේ (CTS) සහ සංචාරක හා තරඟකාරීත්වය පිළිබඳ කමිටුවේ (CTC) නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව එකවර තේරී පත් වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හරීන්ට ජාත්‍යන්තර මට්ටමේ ලොකු තනතුරක්
City Thursday, 22 June 2023 07:53 PM
සුභ පැතුම්, ඔබ එයට සුදුසුයි සර්
SUJEEWA Thursday, 22 June 2023 10:51 PM
ලාංකිකයින් දෙන්නේ නැති ගෞරවය ඔබතුමාට ජාත්‍යන්තරයෙන් ලැබී ඇත
Bamunuarachchi Friday, 23 June 2023 10:48 AM
මොහුගේ ඉතිහාසය දන්න අපි මොහුගෙන් රටට සෙතක් වෙයි කියලා හිතවාද?
Samantha Friday, 23 June 2023 12:57 PM
පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන එකෙක්
Kazi Shajahan Friday, 23 June 2023 02:02 PM
තාත්තා කියපු දේ අහන්නේ නැතුව අද පල්ලියට ගියා නම් ?