IMG-LOGO

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා පත් කරනු ලැබ තිබේ.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පත්කිරීම කර ඇත.

බන්දුල මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධිය ද, එක්සත් රාජධානියෙන් කෘෂිකර්මය පිළිබඳ MSc උපාධිය ලබා ඇති අතර ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි. 

එමෙන්ම බන්දුල  මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, මඟ නැඟුම, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, තේ පර්යේෂණායතනය ඇතුළු ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් ද කටයුතු කර ඇත.

ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් කිරීම සඳහා උසස් තනතුරුවලට නිලධාරීන් පත් කිරීමේ ජනාධිපති කමිටුව මඟින් අනුමැතිය ලබා දී ඇත.



අදහස් (0)

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site