IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

(නිමන්ති රණසිංහ)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.

මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක්  සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ මව්වරුන් ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.

වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (34)

සාෆි ගැන චෝදනා සනාථ වී නෑ

සින්න තම්බි පෙරිය තම්බි Thursday, 27 June 2019 12:49 PM

කෝ අර ජාතිවාදී අදහස් දමන කට්ටිය. දැන් මොකද කියන්නේ. දෛවය ජය ගත්තා. ඔබට සුබ අනාගතයක්.

:       796       744

Naushad Thursday, 27 June 2019 01:17 PM

දැන් ඉතින් රහස් පොලිසියට දෙහි කපන්ඩයි තියෙන්නේ,

:       13       121

ධනුෂ්ක Thursday, 27 June 2019 02:01 PM

සිංහලයෙක් විදියට මගේ එකම පැතුම මේ වඳ සැත්කම් කථාව බොරුවක් වේවා යන්නයි. ජාතිවාදයෙන් බඩපුරුවා ගන්නා බඩගෝස්තරයින්නම් මේකෙන් ගොඩයන්න මේ කථාව ඇත්ත වෙනවට බොහොම කැමතියි. ඒ මුස්ලිම් වෛද්‍යවරුයෙකුගේ විනාශය සිදු වන නිසාය. නමුත් මම හිතන්නේ කතාව ඇත්තනම් සිංහල මව්වරුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල දහස් ගනනක් අගතියට හා දුකට පත්වෙනවා. එපමනක් නොව ලංකාවේ පමනක් නොව ලෝකය පුරා අනත්වාදින්ට අනිකුත් ජාතින් වඳ කිරීමේ ක්‍රමයක් ලෙස මෙය අනුගමනය කිරීමට උත්තේජනයක් ලැබෙනවා. එනිසා මෙය බොරුවක්ම වේවා.

:       417       865

Comment Reader Thursday, 27 June 2019 03:48 PM

මම ආවේ අදහස් කියවන්න. මොකද මෙච්චර නිශ්ශබ්ද?

:       4       136

සෙනෙවිරත්න Thursday, 27 June 2019 03:55 PM

මෙන්න තවත් නාටකයක්! සිංහල මිනිස්සු කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදන්නා අය ලෙස ලේබල් ඇලවී අවසන් විය

:       462       612

Dhanu Thursday, 27 June 2019 04:06 PM

ශ්‍රී ලාංකිකයෙක් හැටියට ලැජ්ජා වෙනවා, දැන් ඉතින් මොකක්ද ඇති වුන සෙතේ? වැරැද්ද ඔප්පු වෙන්න කලින් විත්තිකාරයෙක් කරලා ඉවරයි.

:       209       432

Ajith Nissanka Thursday, 27 June 2019 06:39 PM

මේ සිංහල සහරාන්ලගේ වැඩක් කියල මම නම් මුල ඉදලම හිතුවා! කොහොම උනත් කරන්න පුළුවන් උපරිම විද්‍යාත්මක පරීක්ෂණ වලින් මේකේ ඇත්ත නැත්ත වහාම හෙළිදරව් කරගත යුතුයී! මළමිනී මතින් ලංකාවේ මුස්ලිම් රාජ්‍ය හදන්න දගලන මුස්ලිම් අන්තවාදය වගේම බෞද්ධය රාජ්‍ය හදන්න හදන සිංහල ජාතිවාදිනුත් මෙරටින් තුරන් කරන්න ඕන! ඔය දෙගොල්ලන්ටම ඕනේ ඕනෑම ගණනක් මරලා හරි තමන්ගේ වැඩේ කරගන්න නිසා මෙවැනි දෙයක් ලංකාවේ සිදු විය නොහැකි කියා නිගමනය කරන්නත් බැහැ! ඒක නිසා ස්වාධින පරීක්ෂණයක් මගින් කවුද හරි කියල අනිවාර්යෙන්ම බලන්න ඕන !

:       74       646

KamalFriday, 28 June 2019 01:47 AM

බෞද්ධ රාජ්‍ය හදන්න නෙවෙ බෞද්ධයන් ලව්වා මිනි මරවලා බලේට එන්න හදන දුෂ්ශීලයෙක

:       0       81

nali Thursday, 27 June 2019 06:45 PM

අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා. බුදු හාමුදුරුවනේ !

:       96       243

wickrama Thursday, 27 June 2019 10:02 PM

රෙද්දේ කතාවක්නේ සී.අයි.ඩී. එක කියන්නේ... සැකය නිසා තමයි පැමිණිලි කරේ... පැලෝපිය නාලය එළියට පේනවද විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් නැතිව කොහොමද ඔහු නිවැරදිකරු හෝ වැරදිකරු කරන්නේ...?

:       2       45

රොහාන් Thursday, 27 June 2019 10:18 PM

මේක කොහෙත්ම පිළිගන්න බැහැ. 1000කට වැඩිය මව්වරු චෝදනා බාරදුන්නා. උසාවියට ඉදිරිපත් කලේ රාජිතගේ හොර කමිටු වාර්තාවද? රෝහලෙන් පත් කළ විද්වත් දොස්තර මඩුල්ලේ වාර්තාවද? එතකොට අර මහා රෑ තනියම සිසේරියන් එකකට බලෙන් භාජනය කල අම්මගේ චෝදනාව? කොහොමත් ආණ්ඩුව මේ ෂාෆිගේ ප්‍රශ්නය ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. මොකද එහෙම වුනොත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා... සිංහල, මුස්ලිම් අතර... මහජනතාව එක්ක ආණ්ඩුවක් සෙල්ලම් කරන එකේ සීමාවක් තියෙනවා. මිනිස්සු හරක් වගේ දුවන එක නතර කර බුද්ධියෙන් බලන දවසට ආණ්ඩුවේ ඈයින්ට උන්හිටි තැනුත් නැතිවෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි...

:       3       152

ලුම්බිණි Friday, 28 June 2019 12:09 AM

මාධ්‍ය වලින් නඩු අහන්න ගියාම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

:       23       31

jayath Friday, 28 June 2019 02:44 AM

"කෑමෙන් හොද කෑම ඉල්ලාගෙන කෑම "

:       129       119

rama Friday, 28 June 2019 03:59 AM

මේ සිල්යාලු පරීක්ෂණ අප අත්දක ඇති අයුරු පවතින රජයේ උවමනාවට නිතිය නවා සිදු කිරීම අදද සිදුවෙමින් පවතියි. මෙම පරීක්ෂණය කල හැකි ඉතා සරල අකාරයක් ඇත. එනම් ශාෆි කල මුස්ලිම් කාන්තා සැත්කම් වලින් පසු එම කාන්තාවන්ගේ දරුවන් 3 ට වඩා ඇත්නම් ඔහු නිසැකවම සිංහලයන් වඳ කිරීම චේතනාන්විතව කර ඇති බවට සාක්ෂි සපයයි.

:       192       431

Sarath Friday, 28 June 2019 04:08 AM

සමහරු පාර්ලිමේන්තු යන්න ලේසි ක්‍රම හොයනවා

:       89       74

indika Friday, 28 June 2019 04:11 AM

ආණ්ඩුව මුස්ලිම් චන්ද ගැන හිතල මේ සිද්ධිය යට ගහනවා. දැන් ඉතින් අගතියට පත් වෙච්ච මවුවරුන්ට දෙය්යන්ගේම පිහිට තමයි. හැබැයි ආණ්ඩුව දැනගන්න ඕනේ ලක්ෂ 6-7 වෙන මුස්ලිම් චන්ද නිසා ලක්ෂ 10-15 සිංහල චන්ද නැතිවෙන බව.

:       172       347

BamunuarachchiFriday, 28 June 2019 06:18 AM

අද උදේ ප්‍රසිද්ද ටීවී නාලිකාවක පත්තර විස්තර අසුවානම් ඔබට මේගැන නියම අවබෝදයක් ගන්න තිබුනා.

:       1       23

BamunuarachchiFriday, 28 June 2019 07:29 AM

කව්ද මේ ඩිස්ලයික් දාන්නේ? කියන දේ මෙයාට නොතේරුණාට අපි පලිද?

:       0       0

BamunuarachchiSaturday, 29 June 2019 04:32 AM

පියවරුන්ට කියන්න නීතිය අතට අරන් දොස්තර හමුවෙන්න කියලා...

:       2       0

BamunuarachchiSunday, 30 June 2019 04:17 AM

ඉස්පිරිතාලේම වෙන්න ඕනේ නැත. මග තොටදී වුණත් කමක් නැත. හමුවෙලා ආයුබෝවන් කියන්න. අපි ඉස්සෙලාම වඳ කළයුත්තේ ශාෆිලාව නොවෙයි, ඔවුන්ට සුදු හුණු ගාණ පාහර සිංහලයින්වයි.

:       0       0

Nimanthi Friday, 28 June 2019 05:16 AM

අපි නම් මේකෙ අවසාන ප්‍රතිපලය ගැන කලින්ම දැනන් හිටිය. අන්තිමෙදි සිංහල මවුවරු වඳ කරපු සහරාන් නිවැරදි උනා. සිංහල අම්මලට ළමයි නැති උනා. ඒ විතරක් නෙමෙයි සිංහල නම් වලින් ඉන්න තම්බි සහරාන්ව සුද්ද කරල අසාධාරනේ වෙච්ච සිංහල අම්මලව වැරදි කාරයො කරා. සහාන්ට කියල සැත්කම් කරව ගත්ත සමහර සිංහල තම්බි බෞද්ධ රාජ්‍යක් උන මේ රට එහෙම නෙමෙයි කියන තරමට නිවටයන් උනා.

:       157       805

Chathuri Friday, 28 June 2019 05:27 AM

ගහපු පොල් පැලුනේ නැත්ද . කොත්තු. රොටියේ. තිබුනේ වඳ පෙත්තක්. නොව පිටිගුලියක් කිව්වා. කට්ටියද. මේකත්. කියන්නේ සිංහල. ජාතිය. තරම් මල. පෙරේත ජාතියක් ලෝකේ. කිසිම. රටක නැහැ ,අසාදාරණය වුන තම ජාතියට. පිටු. පාන මේ වගේ. අයව පළමුව එල්ලන්න. ඕන. මුන්ට. හොරාකන්න බලය අරගන්න තම ජාතිය. වඳ. වෙලා. මැරුණත්. මුන්ට. කමක් නැහැ

:       66       397

Nethula Edirimanne Friday, 28 June 2019 06:05 AM

දුෂ්කර පළාත් වලින් අවුරුදු දෙක තුනෙන් මාරු හදන් කොළඹ ඇවිත් රාජකාරි කරන දොස්තරවරුන්ට වඩා දොස්තර සාෆි හොඳයි. සත්‍ය කවදාහරි ජය ගන්නවා.

:       95       170

BamunuarachchiSaturday, 29 June 2019 04:43 AM

ඔය ඉන්නේ සැත්කම්වලට මුස්ලිම් අයම සොයන අය. සැත්කම හොඳ ඇති නේද? සිංහල අපි බේරෙන්න කටයුතුකරන්න ඕනේ මෙන්න මේ සිංහල ගොයියන්ගෙන්. සිංහල අපි කැළෑ කපන්න පටන් ගත්තාම මේ ගොල්ලන්ව සුද්ද කරන්න ඕනේ...

:       47       13

ගවේශී Friday, 28 June 2019 06:47 AM

ඕකට සිංහල ඩොක්ට කෙනෙක් අහු වුනා නම් මේ වෙද්දි මානව හිමිකම් ඇත්තෝ වෙනම සැසිවාරයක් කරලා, ලෝක ප්‍රජාව හෙලා දැකලා, යුරෝපා සංගමේ ශෝක ප්‍රකාශ කරලා පුදුම කෙරුම් ගොඩක් වෙන්න තිබ්බා. ඒකයි තත්වෙ.

:       0       66

Bamunuarachchi Friday, 28 June 2019 07:43 AM

"කෝ අර ජාතිවාදී අදහස් දමන කට්ටිය...? දැන් මොකද කියන්නේ" වෙන මොකවත් කියන්නේ නැහැ ශාෆි වඳ සැත්කම කළා කියලා අපි හැමවිටම කියනවා...

:       2       53

Bamunuarachchi Friday, 28 June 2019 07:47 AM

මෙතැන ශාෆිව බේරන්න හදන්නේ විශාල කලබැගෑනියකින් රට බේරාගන්න. නැතුව ශාෆි අහිංසකයි කියන එක නොවෙයි. අපේ හාමුදුරුවනේ අපි ඔබ සමගයි. ඕනෑම දෙයකට අපි සූදානම්...

:       2       50

Bamunuarachchi Friday, 28 June 2019 07:51 AM

සිංහලයින් විනාශ කරන්නේ සිංහලයින්මයි.. එ්ක පුද්ගලයින්ගේ වරද නොවෙයි, සිංහල ජාතියේ වරද... අද ටීවී නාලිකාවක අරුණ පත්තර විස්තර කීව නිවේදකත් කීවා ඇයි අපි මේ රටේ ඉපදුනේ කියලා...

:       0       48

Bamunuarachchi Friday, 28 June 2019 07:55 AM

ශාෆි සිසේරියන් කළ මව්වරු 1000ක් පමණ කියනවා සැත්කමින් පසු තව දරුවන් ලැබුනේ නැහැ කියලා. නමුත් අනික් ඉස්පිරිතාලවල සිසේරියන් කළ මව්වරුන්ට ඔය ප්‍රශ්නය නැහැ. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ කියලා හිතපල්ලකෝ?

:       13       104

kamani Saturday, 29 June 2019 12:40 PM

ඔය ගැහැණු බොරුලු කියලා තියෙන්නේ... එයාලා පරීක්ෂණ වලටත් එන්නේ නැහැල්ලු. ඒ මොකද දන්නවද..? දුෂිත දේශපාලුවෙක් රුපියල් 10000 ගානේ ඒ මව්වරුන්ට දුන්නාලු. ඕවා ඔක්කොම උසාවියේදී එළියට එ්වි...

:       4       0

BamunuarachchiSunday, 30 June 2019 04:19 AM

ඔයාට මේ මුසල්මානු දොස්තරයා ගැන තිබෙන කැක්කුම ගැන අපිට විවිධ අදහස් මතුවෙනවා..

:       0       0

BamunuarachchiSunday, 30 June 2019 04:22 AM

සාෆිගේ ගැහැණු විතරද ඇත්ත කියන්නේ? අනේ ඔබ ඔය ටික යූටියුබ් එකේ ලියන්නකෝ. මම උත්තර දෙන්නම්...

:       0       0

Bamunuarachchi Saturday, 29 June 2019 04:38 AM

"මෙන්න තවත් නාටකයක්...! සිංහල මිනිස්සු කිසිඳු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදන්නා අය ලෙස ලේබල් ඇලවී අවසන් විය" ලේබල අලවාගන්නවා ඔහේගේ පිටේ. අපිට වුවමනා මේ අන්තවාදී දොස්තරයාට පාඩමක් මොන ක්‍රමයෙන් හරි උගන්වන්න. පළමුව මුසල්මානු දොස්තරලා වර්ජනය කරන්න.

:       9       26

Bamunuarachchi Sunday, 30 June 2019 04:47 AM

මෙතන සිංහල නම් වලින් ලියන්නේ මුසල්මානුවෝ. ඒ නිසා සිංහලයින්ට දොස්කියන්නත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1088 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 218 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1204 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1225 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1467 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1330 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site