(යොහාන් භාසුර)
රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (19) පැවසීය.
රජය එවැනි බද්ධක් පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටීමෙන් රජය අමාරු තත්වයකට මුහුණදීමට සිදුවන බව කී මිත්‍රපාල ලංකේෂ්වර මහතා සහල් කිලෝවක් නිෂ්පාදන වියදම මීට වසර තුනට පෙර පැවතියා මෙන් පස්ගුණතික් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
එළඹෙන මහ කන්නයේදී වී වගාවට ගොවියා ඉදිමත් කිරීමට නම් නාඩු වී කිලෝවකට රුපියල් 150 ක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බව කී ලංකේෂ්වර මහතා සඳහන් කළේ රට සහල් ගෙන්වීමට උත්සහ කරනවාට වඩා ගොවියා වගා කිරීමට උනන්දු කිරීම වැඳගත් බවත්ය.
නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද (19) පස්වරුවේ එසේ පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සහල්වලට බදු ගැහුවොත් රජය අමාරුවේ
LGPJ Tuesday, 20 September 2022 05:54 AM
Present Government to be used Tear Gas without any hesitation too !!!!!!
de silva Tuesday, 20 September 2022 02:32 PM
කරුණාකර ඔබලා සියලු දෙනාම නිසි විදිහට ආදායම් බදු ගෙවලා ඉන්න.