සිංගප්පූරුව චීනය, ඉන්දුනීසියා, තායිලන්ත බෞද්ධයන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ ඈත ගම්වල පන්සල්වලට ද අඩු පහසුකම් ඇති දරු දැරියන්ට ද සිංගප්පූරුවේ ලෝක බෞද්ධ සංගමයේ විහාරාධිපති හෙල්ප් ඉන්ටර්නැෂනල් පදනමේ නිර්මාතෘ යටමලගල සුමනසාර හිමියෝ උදව් උපකාර කරති.
වසර නවයක සිට සිංගප්පූරුවේ වැඩසිටින යටමලගල සුමනසාර හිමියෝ මාස හයකට වරක් ශ්‍රී ලංකාවට වැඩම කරති. මෙවර ඒ හිමියෝ ලංකාදීප එසැණ වෙබ් අඩවිය පිහිටි කාර්යාලයට ද වැඩියහ.
දුෂ්කර පෙදෙස්වල පන්සල්වලට සිවුරු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා ලබා දීම, පන්සල් සංවර්ධනයට මුදල් ආධාර ලබා දීම, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් සියයක් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම, කළුතර මෙනේරිතැන්නඑළියේ වැසියනට ස්වයංරැකියා උපකරණ පරිත්‍යාග කිරීම සුමනසාර හිමියන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන්වලින් කිහපයකි.
‘‘ලොව පුරා බෞද්ධ පුනර්ජීවයක් ඇති කිරීම අපගේ මූලික අරමුණ විය යුතුයි. බුදු දහම ප්‍රචලිත කිරීම ශ්‍රී ලංකාවට සීමා නොකර ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා අප ‘දහම් හඬ‘ නමින් වෙබ් අඩවියක් අරඹා තිබෙනවා.“ සුමනසාර හිමියෝ පැවැසූහ. www.dhammavoice.lk එහි ලිපිනයයි.
ආබාධිතයන් සදහා රෝද පුටු, කිහිලිකරු ලබා දීම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන විදෙස් හිමිවරුනට නේවාසික පහසුකම් ලබාදීම, ගිහි පැවිදි සිසුන්ට පරිගණක පරිත්‍යාග කිරීම සුමනසාර හිමියන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තුවන වැඩසටහන් අතුරින් කිහිපයකි.
බුදුදහම ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දහම් හඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යටමලගල සුමනසාර හිමියන්ගේ උපදෙස් පරිදි කැලණිය පට්ටිවලදී මේ දිනවල ඉදි කෙරියි. ඒ සදහා දෙස් විදෙස් බෞද්ධයෝ උපකාර කරතියි ඒ හිමියෝ කීහ.
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිංහපුරෙන් ලකට අත හිත
පී රතන හිමි Saturday, 10 March 2012 01:26 AM
හොද වැඩක්. ඉදිරියටම යන්න කියල මම ස්වාමින්වහන්සේට සුභපතනවා.
සූරී Saturday, 10 March 2012 10:53 AM
දේශපාලනය ගාව ගන්නේ නැතිව ආගමික, ශාසනික හා සාමාජීය සේවාවන් කරන්න පුළුවන් බව පෙන්වා දෙන්න හාමුදුරුවනේ...
චතුර Saturday, 10 March 2012 11:09 AM
හොද වැඩක්. සුභපැතුම්
මංගල Saturday, 10 March 2012 11:20 AM
ලංකාවට සලකන් ගොඩක් ඉදිරිපත් වෙලා මුල් තැන ගන්න අපේ හිමිවරුන්ට ගොඩක් පින්.
වි .තුසිත හිමි. Saturday, 10 March 2012 02:07 PM
හැකියාව තිබෙන අය මෙබදු දේ කළ යුතුමයි .තෙරුවන් සරණින් ඉදිරි කටයුතු සාර්ථක වේවා.
අමර Saturday, 10 March 2012 05:05 PM
සුදුට පින්
බෙනට් Sunday, 11 March 2012 05:02 AM
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සැපත ලැබේවා..