IMG-LOGO

සිසුවෙක් සිසුවියකගේ කටට ගලකින් ගහලා

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගි වීමට පන්ති කාමරයේ සිටි 16 හැවිරිදි සිසුවියකට පාසලේම වෙනත් සිසුවකු එල්ල කර ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ සිසුවිය රෝහලට රැගෙන නොගොස් නිවෙසට ඇරලවා ඇති අතර මව්පියන් තුවාල සිසුවිය දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.  

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වරාපිටිය දර්ගා නගරය පදිංචි එම විදුහලේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

සිසුවියගේ තොලට සහ  දතකට හානි සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මේ සම්බන්ධයෙන් බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා ගෙන් කළ විමසීමේදී එ මහතා සඳහන් කළේ පාසලේදී අතිරේක පන්තියට සහභාගි වී සිටියදී ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුවියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත නොකර නිවසට යැවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසන බවත් මින් ඉදිරියේ දී එවන් තත්වයන්ට සිසු දරු දැරියන් මුහුණ  නොදිය යුතු බවත් කිය.

 



අදහස් (2)

සිසුවෙක් සිසුවියකගේ කටට ගලකින් ගහලා

Gobaa Friday, 16 June 2023 04:11 PM

එතකොට ගල ගහපු එකා විදුහල්පතිගේ දඟ බූරුපුතාද?

:       0       12

prasanna Friday, 16 June 2023 10:32 PM

ගල්යුගයේ ජීවත් වෙන අය තාම අපේ රටේ ඉන්නවා. සමහර විට ගින්දර ගන්න ගැහුවා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site