IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සල්ලිකාරයන්ට බදු හිලෙන් පනින්න නිලධාරීන්ගෙන් උදව්

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත. මේ අතර ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අයකර ගත හැකි රුපියල් කෝටි දස දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.

මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන් නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් එහිදී පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.

විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද රජයට කරුණු වාර්තාවී ඇත.

මෙම පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

 



අදහස් (6)

සල්ලිකාරයන්ට බදු හිලෙන් පනින්න නිලධාරීන්ගෙන් උදව්

ලසා Sunday, 04 September 2022 11:57 AM

කන්න නැතුව මැරෙන පොඩි මිනිහාට තමයි ඔක්කොම බදු...!

:       1       8

ravin Sunday, 04 September 2022 01:42 PM

අනික් කට්ටියගේ බදු ගෙවීම් ගැන කතා කරන්න එයාගේ ආදායම...? මූල්‍ය ධනය? උපායගත් ආකාරය? කියන කරුණු 3න්ම ඔය වැඩේ පටන්ගත්තා නම් නේද හොඳ? අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියලා කට කහන කෙනෙක් කිව්වලු...

:       1       1

Thiraj Sunday, 04 September 2022 04:15 PM

අම්මෝ රනිලුයි, මහින්දානන්දයි රෝහිතයිලුද හොරු අල්ලන්නේ...?

:       1       2

BamunuarachchiMonday, 05 September 2022 06:20 AM

ඇයි හලෝ වින්නඹු වැඩේ කරන්න ඕනෙත් රනිලුයි, මහින්දානන්දයි, රෝහිතලයිද? ඒවාට පත් කළ නිලධාරින් තම රාජකාරිය නොකරන එක ගැනයි මේ කතා කරන්නේ...!

:       0       0

Bamunuarachchi Sunday, 04 September 2022 04:54 PM

හාඩ්වෙයාර් කාරයෝ බදු හිලෙන් පනින හැටි අපි හැමදාම දකිනවා.

:       0       4

BamunuarachchiMonday, 05 September 2022 06:17 AM

හිල ලොකුකර දෙන්නේ මේ නිලධාරින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site