IMG-LOGO

සරසවි ඇදුරෝ ආපදා කළමනාකරණයට උදව් දෙති

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නායයෑම් සහ ගංවතුර ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම උදෙසා වූ සැලැස්ම සකස් කිරීම හා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහය ලබා දීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් ව සිටී.

මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටු දහයක් පිහිටුවා ඇතැයි එහි සභාපති ආචාර්ය රංගික හල්වතුර පවසයි.

රජයේ නිලධාරීන් සහ සෙසු හවුල්කරුවන් සමග අවශ්‍ය සම්බන්ධීකරණය, සාමාජීය සහයෝගීතාවය සහ ප‍්‍රතිකාර ලබාදීම, තක්සේරුව, කළමණාකරණය, තොරතුරු බෙදා හැරීම, නෛතික සහාය ලබාදීම ආදී අංශ ඔස්සේ එම කමිටු පිහිටුවා ඇත.

‘මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ බුද්ධිමත් ප‍්‍රජාවක් ලෙස අපට සාමාජීය  වගකීමක් තිබෙනවා. විශේෂයෙන් පශ්චාත් ආපදා කළමණාකරණයේ  දී නිවැරදි සැලැස්මක් හා යාන්ත‍්‍රණයක් වගකිවයුතු පාර්ශවයන්ට නොතිබීම දක්නට ලැබුණු දුර්වලතාවක්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමාජයට බුද්ධිමය දැනුම නිෂ්පාදනයේ යෙදෙන පිරිසක්. රටේ ආපදාවක් පවතින අවස්ථාවක දී අප සතු සාමාජීය වගකීම අනුව නායයෑමෙන් අවතැන් වූ ප‍්‍රජාව උදෙසා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය භෞතික, මානසික හා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට තීරණය කළා. මේ සඳහා අපගේ බුද්ධිමය දායකත්වය මෙන්ම රජය පාර්ශවයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන යන සමස්තයම ඒකරාශි කර ගනිමින් ක‍්‍රියාත්මක කළ හැකි පශ්චාත් ආපදා කළමණාකරණය පිළිබඳ නව මොඩලයක් මෙම සැලසුම මගින් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා‘ යැයි හල්වතුර මහතා කියයි.

Futa_615 Futa_615-2 Futa_615-3



අදහස් (0)

සරසවි ඇදුරෝ ආපදා කළමනාකරණයට උදව් දෙති

විජය Wednesday, 15 June 2016 11:51 AM

ඉතාම අගය කළ යුතු දෙයක්, ඔවුන්ට අපේ ගෞරවය, ළමයින්ටත් තියෙන්නේ පෙළපාළි යන්නේ නැතුව මේවට උදව් කරලා ඉගෙන ගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site