
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කොට්ඨාසයකට හිතකර තත්වයක් ඇති කරන්නේ නෑ. සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතුවන ලෙස මේ යුද්ධයට සම්බන්ධ වී සිටින සියලූම පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරනවා. මේ යුද්ධය සෑම ජනතාවටම අහිතකර තත්ත්වයක් මතු කරනවා.
ලංකාවට විතරක් එතනින් ගැලවෙන්න හැකියාවක් නැහැ. මේ යුද්ධය නිසා අපිට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා. තෙල් ගෑස් වලට කෙලින්ම බලපානවා. මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුනට ලොකු ගැටලු මතුවෙනවා. ප්‍රේෂණ වලටත් ලොකු බලපෑමක් ඇතිවෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඇමරිකා ජනාධිපති ඉරානෙට ගහන එක නවත්වන්න හදනවලු අපේ සාමකුමාරගේ ඉල්ලීමට
ගහලා යටත් වෙමු කිව්වානම් ඉවරයි
හැප්පිලා බලමු
සාමයේ කයිතන්
ලංකාවේ පචතුල්ලා ... මෙන්න ඇවිල්ලා ... ළඟ ඉන්නේ බඩි ඩොට් කොම් අක්කා එක්ක නේද? අහ ට්‍ර්ම්ප් එයාගෙන් අහලා මේ යුද්ධේ කලේ ඒ නිසා අවුලක් නෑ...
පචතුල්ලා . ඒකනම් මාරයි හොඳේ
යුද්ධ ගිනි දැල් නිවී සාමය උදාවේවා කියා ප්‍රාර්ථනා කරනවා...
අපේම රටේ ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු, ජනතාව එළවලාම දාපු දූෂිත දේශපාලුවෝ කරපු දේවල් මතක නැති වහල්ලු කොමෙන්ට්ස් කරලා...
ආණ්ඩුව මේ නාවුක ගුවන් අර්බුදයෙන් ආර්ථික වාසියක් ගන්න හැටි කල්පනා කරන්න ඕනේ අපේ වරායවල්, ගුවන් තොටුපොළවල් වලින් දෙයක් කරගන්න පුළුවන් වෙයි.
කයිතන් කියද්දී විපරමට තරහා යනවා. කිසිම විපරම් ගතියක් නැහැ.
විපරම් වහලට හොඳටම තද වෙලා.