IMG-LOGO

සෞදියටත් අමාරුයි : ලාංකිකයන්ටත් ප්‍රශ්න

සෞදි අරාබියට බලපා ඇති ආර්ථික අර්බුදයත් සමග බොරතෙල් බැරලයක මිල පහත බැසීමේ ඉඩ ඇතැයි එරට ආරංචි කියයි.

එරට ආර්ථික අර්බුදය හේතුවෙන් කර්මාන්තශාලාවල සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ලාංකික ශ්‍රමිකයන් සේවය කරන කර්මාන්තශාලා දෙකක් මේ වන විට මෙම අර්බුදයට මුහුණ පා ඇතැයි එම කාරයංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා කියයි.

සෞදියේ රියාද් හි සාඩ් සමාගමේ සේවය කළ ලාංකිකයන් 12 දෙනකුට රැකියා අහිමි වී ඇතැයි ද කියති.

ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන බව වාර්තා වූ අතර ඒ පිළිබඳ සොයා බැලූ බවත්, වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය මගින් මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බවත් දේශපි‍්‍රය මහතා සඳහන් කරයි.

එසේම මෙම සමාගම මගින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර එම කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රියාද් හී පිහිටි සෞදි  ඕජර් සමාගමේ ශ‍්‍රි ලංකා ශ‍්‍රමිකයින් 100 ක් පමණ පිරිසක් සේවය කරන බවත්, ඔවුන්ද මෙම ගැටලූ වලට මුහුණ දී සිටිති. ඔවුන් අතරින් සේවකයින් 40 දෙනෙකු පමණ රියාද් ශ‍්‍රී ලංකා  තානාපති කාර්යාලයට මේ බව පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටී. මෙම සේවකයින් සඳහා ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇති බවද උපුල් දේශපි‍්‍රය මහතා සඳහන් කරයි.

 



අදහස් (0)

සෞදියටත් අමාරුයි : ලාංකිකයන්ටත් ප්‍රශ්න

ද සිල්වා බෙර්ලින් Thursday, 04 August 2016 02:03 PM

දැන් ලංකාවේ කොකිවරුන්ට , පෙදරේරු , වඩු , මෝටර් කාර්මික වැනි රැකියා කරලා සවුදියේ හම්බවෙන වැටුපට වැඩි වැටුපක් ලබාගත හැක , නමුත් අපේ මිනිස්සු කැමති අඩු වැටුපට , දුක්විදිමින් මැද පෙරදිග වැඩ කරන්න (ම)

:       0       0

ඉම්ටියාස් ජලීල Thursday, 04 August 2016 07:33 AM

දැන් බොදු බල සේනාවට කිව්වනම් ඉවර නේද මියන්මාරයෙන් රැකියා ගෙනත් දෙන්න කියලා? (අ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Thursday, 04 August 2016 08:33 AM

රැකියා ලක්ෂ 10ක් විතර නැතිවෙන ලකුණු තියෙන්නේ. රජයෙන් කම්පැනිවලට දෙන්න තියෙන සල්ලි දෙන්නෑ. (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Thursday, 04 August 2016 08:38 AM

අනෙක් රටවල තානාපති කාර්යාලවලින් කොම්පැනි වලට බලපෑම් කරලා අස්කරන අයගේ මුදල් අරන් දෙනවා. මම හිතනවා මේවාට අපේ තානාපති කාර්යාලවලින් සහයක් ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site